Rata Wasiya

Rata Wasiya Blog

ජෝතිගේ රුවයි හඬයි එලෙසම තිබෙන තරුණයා ඇත්තටම ජෝතිගේ නැවත උත්පත්තිය

ගායන ලොවේ අමරණීය තරුව කවුරුන්ද ඇහුවොත් නිතරගයෙන්ම පිළිතුරු දිය හැකි අපූරු හඬ පෞරුෂයක් තියෙනවා.ඒ වෙන කවුරුත් නොව හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල මහත්මයායි. තවමත් ජෝතිපාල මහත්මා ලංකාවේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා වල අංක එකේ ගායන ශිල්පියා බව ගැන විවාදයක් නැහැ. සෑම පැයකට වරක්වත් ඔහුගේ ගීතයක් ලංකාවේ කුමක් හෝ නාලිකාවක වාදනය වෙනවා.

ඔහු ලංකාවේ සිට සිටි ජනප්‍රිය සහ දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් ද වනවා.ජෝතිට සිනමාවේදී ​ගොඩක් වෙලාවට ලැබුණේ සෙල්ලක්කාර චරිත වුවත් ජෝතිපාල කියන්නේ සැබෑ ජීවිතේදී දඩබ්බර චරිතයක් නෙමෙයි බවයි ඔහු​ගේ ළඟම හිතවතුන් කියන්​නේ. ඒ වගේම ඔහු බොහොම නිහතමානී, සංවේදී චරිතයක්.

ඉතින් පසුගිය දිනවලදී ජෝතිපාල මහත්මයාගෙ මතක සියල්ලක්ම ආවර්ජනය කරවීමට ලංකාවේ අපූරු තරුණයෙක්ට හැකි වුණා.ඔහු නමින් සුනෙත් උදයරත්න.ජෝතිගේ හඩත් රුවත් ඒ ආකාරයෙන්ම පිහිටා ඇති මෙම තරුණයා පසුගිය දිනවල දී ජෝතිගේ ගීත ගණනාවකින් රසිකයන් පිනවීමට සමත් වුණා.පසුගිය දිනක දී ඔහු එක්තරා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වූ අතර එහිදී අපූරු ප්‍රකාශයක් කර තිබුනා.ඒ තමයි,

“ජෝති කියන්නේ ලෙජන්ඩ් කෙනෙක් කෙනෙක්.ඔහුට ළං වෙන්න මට තියා කාටවත්ම බැහැ.සමාජ මාධ්‍ය හරහා මට ලොකු රසික පිරිසක් ඉන්නවා.මට වැටෙන කමෙන්ට් තමයි ගොඩක් වෙලාවට headline වෙන්නේ.”

යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.කෙසේ නමුත් ජෝතිගේ හඬින්ම ගීත ගායනය කිරීම සැබැවින්ම ජෝතිව නැවත සිහි ගන්වන්නක්.ඉතින් ඔහුට ඔහුගේම ගීත නිර්මාණයන් ඔස්සේ රසිකයන් පිනවීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.