Rata Wasiya

Rata Wasiya Blog

එයා මට වඩා ටිකක් වයසින් වැඩි නිසා මම හරි සුරක්ෂිතයි – තරින්දි ප්‍රනාන්දු

තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් වනවා. ක්ෂේත්‍රය තුළට ආධුනික රංගන ශිල්පිනියක් වුවත් ඇය ඉතාමත් තාත්වික ලෙස රංගන කටයුතු සිදුකරගෙන යන නිසා බොහෝ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගැනීමට සමත් වී තිබෙනවා. ඔබ අප කවුරුත් දන්නා පරිදි ඇය විවාහ වීමට සිටින්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමගයි. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ නවතම තොරතුරු රසිකයා සමග සමඟ බෙදා ගත්තේ මේ විදිහට.

“මම කලාවට සම්බන්ධ වුණේ අවුරුදු හතරක් කරපු බැංකු රස්සාව අත ඇරලා දාලා. කලා ක්ෂේත්‍රයේදී ගැහැනු ළමයින්ට තනියම කොන්ද කෙළින් තියාගෙන ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. විවිධ බලපෑම් එල්ල වෙනවා. සමහර අවස්ථාවලදී මටත් ඒ වගේ කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ හැමදෙයක්ම මම ප්‍රතික්ෂේප කළා. දැන් මන් බය නෑ අද මට ලොකු ආදරයක් ලැබිලා තියනවා.අද විඳින ප්‍රේමය ගැන වචනවලින් කියන්න බැරි තරම්. ඒ ආදරය මට ගොඩක් දැනෙනවා. මාව ගොඩක් පරිස්සම් කරනවා. එයා මට වඩා ටිකක් වයසින් වැඩි නිසා ඒ ආදරය නිසා මම හරි සුරක්ෂිතයි.

මගේ ජීවිතේ ලොකුම කඩාවැටීම වුණේ මගේ අම්මාගේ වියෝවයි. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ තැනේ අත්තිවාරම දැම්මේ මගේ අම්මයි. මගේ අම්මා මගේ ජීවිතේට ගොඩක් සමීපයි. මගේ අම්මා කිලෝමීටර් පහක් හයක් උදේ හවස මාව බයිසිකලේ ලැගේජ් එකේ තියාගෙන බයිසිකලේ පැද්දා. ලොකු වුණාට පස්සේ මම අම්මව දාගෙන බයිසිකලේ පැද්දා. එහෙම පදිද්දී තමයි ඒක කොයිතරම් අමාරු දෙයක්ද කියලා මට දැනුණේ. මගේ නර්තන ජීවිතයට, ක්‍රීඩා ජීවිතයට, මගේ අධ්‍යාපනයට ලොකුම හෙවනැල්ල වුණේ මගේ අම්මයි. අම්ම නැතිවුණාට පස්සේ මගේ ජීවිතයම කඩා වැටුණා.”

මේ විදිහට විදිහට තමයි ඇය එහිදී පවසා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනියගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.