Rata Wasiya

Rata Wasiya Blog

සැමියා ඇතුළු තව පෙම්වතුන් දෙතුන් දෙනෙක් සමග සුලෝචනා උපන් දිනය සැමරූ හැටි

සුලෝචනා වීරසිංහ කියලා කියන්නේ සිංහල සිනමාව තුළ , ටෙලි නාට්‍යය තුළ සහ වේදිකා නාට්‍ය තුළ සිය අග්‍රගන්‍ය තාත්වික රංගන හැකියාව විදහා දැක්වූ අපූරු රංගන ශිල්පිනියක්. එම තාත්වික රංගන හැකියාව නිසාම බොහෝ සම්මාන වලින් පිදුම් ලැබීමට ඇයට හැකියාව ලැබුණා. සම්භාව්‍ය ගණයේ සිනමා නිර්මාණයන් තුළ වැඩි වශයෙන් සිය රංගන දායකත්වය ලබා දෙන නිසාම බොහෝ රසික රසිකාවියන්ගේ නිබද ආදරයට සහ ආකර්ශනයට නතු වීමට ඇයට පුළුවන්කම ලැබුණා. කොහොම වුණත් පසුගිය දිනක දී ඇයගේ 38 වැනි ජන්ම දිනය යෙදී තිබුණ. ඉතින් එහිදී ඇයට සුබ සුබ පැතුම් එක් කළ සියලුම දෙනා වෙනුවෙන් හරි අපූරු සටහනක් සිය මුහුණු පොත තුළට එක් කිරීමට ඇය අමතක කරලා තිබුණේ නැහැ.

“1984 ජනවාරී මාසේ 26 වෙනිදා මේ ලෝකෙට මගේ පැමිණීම ගැන ගොඩක්ම සතුටු වෙන්න ඇත්තේ මගේ අම්මා තාත්තා අක්කා. ඊට පස්සේ අම්මාගේ තාත්තාගේ පවුලේ අය ගමේ තව කීපදෙනෙක් වෙන්න ඇති. එදා අම්මාගේ තාත්තාගේ හදවත පිරුණු විදිහ මට හිතා ගන්න පුළුවන් මගේ පුතා නිසා මම පිරුණු විදිහ මතක් කලාම. උපන් දින වලට ගෙදර අය ඇරුනාම මතක ඇති පුංචි කාලේ සුභ පැතුවේ පංතියේ ටීචයි පංතියේ යාළුවොයි. අවුරුදු 16 න් විතර පස්සේ ඉදලා පෙම්වතෙකුගේ සුභ පැතුමකුත් එකතු උනා.

ඊට පස්සේ කැම්පස් යාළුවෝ,ආයෙමත් පෙම්වතෙකුගේ සුභ පැතුමක්. 38 වෙද්දි පෙම්වතෙක් වු සැමියා ඇතුළු තව පෙම්වතුන් දෙතුන් දෙනෙක්ගේ සුභ පැතුම් එකතු උනා. අවුරුද්දෙන් අවුරුද්ද උපන් දිනයට සුභ පතන පිරිස ටිකෙන් ටික වැඩිවෙලා. ලංකාවේ සිව් කොනින් විතරක් නෙවෙයි අපිට ගෙඩාක් ඈත රටවල ජීවත් වෙන අපේම අයගෙ මැසෙන්ජ,එෆ් බී පෝසට්.දුරකථන ඇමතුම්,කෙටි පණිවිඩ විතරක් නෙවෙයි ගෙදර උන්දැටත් කලින් රටේ අගමැති සුභ පතන තැනට මගේ ඉපදීම පත්වෙලා. සතුටුයි 38 ක ජීවිත කාලය තුළ මම මේතරම් මිනිස්සු හම්බ කර තිබීම ගැන. උපන් දින සුභ පැතුම් එක් නොකලත් මට හිතාදර බොහෝ දෙනා ඉන්නා බව දනිමි. උපන් දින සුභ පැතුම් එවමින් මට සුභ පැතූවන්ට වෙන වෙනම ස්තුති කිරීම කොහෙත්ම කල නොහැක්කක් තරමට ප්‍රමාණයෙන් වැඩියි. ආදරෙයි මේ ආදරේට. හැමෝටම ගොඩක් ස්තුතියි.”

මේ විදයට තමයි ඇය සටහන් කරලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියට සුබ උපන්දිනක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.