Rata Wasiya

Rata Wasiya Blog

අපි දෙන්නා නිවුන්නු වීම තමයි ඒකට ගොඩක්ම බලපෑවේ photos

මල් පිපෙන කාලේ කියන්නේ මේ දිනවල දී අතිශය ජනප්‍රිය වෙමින් දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන හරි අපූරු අලුත්ම ටෙලි නාට්‍යයක්.මෙම ටෙලි නාට්‍යය අනෙක් ඒවායින් වෙනස් වන්නේ එහි සිටින අපූරු නිවුන් චරිත දෙකක් නිසාය.පිනිමුතු සහ නිල්නෙතු කියන්නේ මේ දවස් වල තරුණයන්ගේ වැඩිම ආකර්ෂණය දිනා ගනිමින් ජනප්‍රියතාවයේ ඉහළම සිටින නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙක්.ඔවුන් රංගනයෙන් දායක වන්නේ පිනිමුතු සහ නිල්නෙතු ලෙස වුවත් ඔවුන්ගේ සැබෑ ජීවිතයේ නම් වන්නේ අනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි චතුරිකා ප්‍රේමචන්ද්‍රයි.ඉතිං අද අපි මේ ආදරණීය නිවුන් සහෝදරියන් පිළිබඳව කතාබහක නිරත වෙන්න සිතුව.අපි දෙන්නම මේ වන විට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියන්.අපි දෙන්නට තව වැඩිමහල් සහෝදරියන් හතර දෙනෙක් සිටිනවා.අපි දෙන්න පුංචි කාලේ ඉඳන්ම එකටම තමයි හිටියෙ.ඉගෙන ගත්තෙ නර්තනය හැදෑරුවෙ අනිත් සේරම වැඩ කටයුතු කර ගත්තෙ අපි දෙන්නා එකටමයි.අපි දෙන්නටම හොඳට නර්තන හැකියාව පිහිටලා තියෙනවා.ඒ අතුරින් සාම්ප්‍රදායික වගේම බටහිර නර්තනය සහ ඉන්දීය භාරත නාට්‍ය රංගනයත් අපිට පුළුවන්.හැබැයි අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් නම් අනුෂ්කි තමයි කනුෂ්කිට වඩා දක්ෂ.

අපි දෙන්නා මේ වන විට අපි දෙන්නගෙම youtube channel යූ ටියුබ් චැනල් එකකින් අපේ දක්ෂතා නිරූපණය කරනවා.අනූ&කනූ කියලා තමයි අපි ඒකට නම දාලා තියෙන්නේ.අපි දෙන්නා රංගනයට අවතීර්ණ වෙන්නේ තුශාර තෙන්නකෝන් සර් ෆේස්බුක් එකේ දාලා තිබුණු දැන්වීමක් හරහා.අපේ යාළුවොත් යාළුවොත් ඒක ශෙයා කර තිබුණා.අපි දෙන්නගෙ ෆොටෝ සහාය අධ්‍යක්ෂ වන ලකී රංගල අයියට යැව්වෙ අපේ ලොකු අක්කි.ඊට පස්සේ අපි ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා.අපිත් සමග තව ගොඩක් නිවුන් සහෝදරියන් ඒ ටෙස්ට් එකට එකතුවෙලා හිටිය.නමුත් කොහොම හරි අපි දෙන්නගේ දක්ෂතා අනුව අපිට මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.මං හිතන විදිහට අපි දෙන්නම නිවුන්නු වීමත් වයසත් නර්තනය සඳහා වන හැකියාවත් මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයට තෝරා ගැනීම සඳහා බලපෑවා.

ඉතිං අපිට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ සඳහා.ඉතින් අවසාන වශයෙන් අපිට මේ එකට උදව් කරපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න කැමතියි.” කියලා තමයි ඔවුන් අවසාන වශයෙන් පවසා සිටියේ.අනුෂ්කි සහ කනුෂ්කි කියන්නේ පළමු නාට්‍යයෙන්ම ඉතා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් අපූරු නිවුන් සහෝදරියන් දෙදෙනෙක්.ඉතින් ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා කියල හදවතින්ම සුබ පතනවා.