Rata Wasiya

Rata Wasiya Blog

අපේ හනිමූන් දවසෙ ම එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ 25 photos

විශ්ව කොඩිකාර කිව්වම අද කාලේ නොදන්න කෙනෙක් නැති තරම්. ශ්‍රී ලාංකික සිනමාවේ සිටින දක්ෂතම අධ්‍යක්ෂක වරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වන පද්මසිරි කොඩිකාර මහතාගේ ආදරණීය පුත්‍ රුවන තමයි විශ්ව කොඩිකාර කියල කියන්නේ.’නොහඬන් ලදුනේ,සදාදර ජෝති’ ආදී සිනමාවන් තුළ කුඩා කල පටන්ම දක්ෂතා පෙන්නූ විශ්ව පසුකාලීනව ‘බෝම්බ සහ රෝස’ , ‘දරුවනේ’ යන සිනමාවන් තුල ප්‍රධාන චරිතය ඇසුරෙන් ප්‍රේක්ෂක ජනාදරයට පත් වුණා.එසේ වුවත් විශ්වගේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වූයේ ‘පබළු ‘ ටෙලිනාට්‍යයයි.’හසරැල්’ගේ චරිතය ඔස්සේ තරුණ තරුණියන්ගේ සිහින කුමරා බවට පත් වූ විශ්ව ‘අමා , රන්තරු, තරු නිවාඩු ගිහින්, ආදරයේ සුවඳ අරන්’ ආදී ටෙලි නාට්‍ය ඔස්සේ තවමත් සිය නම එලෙසින් ම රඳා ගෙන සිටිනවා.

පසුකාලීනව යුග දිවියට එළඹුණු විශ්ව අද වන විට සුරතල් දරුවන් දෙදෙනෙකුගෙ ආදරණීය තාත්තා කෙනෙක්.ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන විශ්ව සැබවින්ම නිරහංකාර ආදරණීය ජනප්‍රිය නළුවෙක්.රංගන ක්ෂේත්‍රය ඔස්සේ සිය ජීවිතය සාර්ථක කරගත් විශ්ව එක්තරා රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට සහභාගිවූ වෙලාවේදී සිය ජීවන ගමන පිළිබඳව සහ අමතක නොවන සිදුවීම් පිළිබඳව විමසූ විට පැවසූයේ මෙවන් වූ අදහස් පෙළක්.ඇත්තටම මගේ රංගන ජීවිතය ගැන මම ඉතාම තෘප්තිමත්.මං එක පාරට ආපු නළුවෙක් නෙවෙයි.කුඩා කාලයේ ඉඳන්ම සිනමාවත් එක්ක හිටපු කෙනෙක්. මං විවාහ වුණාට මගේ බිරිඳ කවදාවත් මගේ රංගන ජීවිතයට බාධාවක් වුණේ නෑ.

“ඇත්තටම මගේ ජීවිතයේ අමතක වෙන්නැති සිදුවීමක් තමයි අපි විවාහ වුන දිනයේ නැවතිලා හිටපු හෝටලයෙන් යන්න පිටත් වෙද්දි කාමරේ ඇතුලෙ තිබ්බ මිනි බාර් එකේ තිබ්බ සේරම ටික අපි දෙන්නා බෑග්වලට දාගත්තා.මොකද අපිට හිතුනෙ අපි ඒවටත් එක්ක තමයි බිල ගෙවන්නේ කියලා. හෝටලයෙන් පිටත් වෙන්නේ ලෑස්ති වෙලා හෝටල් බිල ගෙවද්දි අපි දෙන්නට කර කියාගන්න දෙයක් නැති වුනා.මොකද වැඩිපුර රුපියල් 14 000 බිලක් අපිට ගෙවන්න වුණා.මොකද මිනි බාර් එකේ තිබ්බ සේරම ටික ගත්ත නිසා.එදා පටන් අද දක්වා මගේ වයිෆ් මට කියලා තියෙන්නේ මිනි බාර් එකට අතවත් තියන්න එපා කියලා” සියලු දෙනා සිනා සාගරයේ ගිල්වමින් එලෙස ප්‍රකාශ කල විශ්ව තවත් කතාවකට මුල පිරුවේ මෙලෙසයි.

“දවසක් මං රෑ නැගිටිද්දි ඇඳ උඩ කවුරුහරි හොඳටම අඬනවා ඇහුණා.බලනකොට මගේ වයිෆ් ඇඳ උඩට වෙලා හොඳටම අඬනවා.මං ඇහුවා ඇයි අඩන්නේ කියලා.එතකොට එයා කියනවා බබාලා දෙන්න නිදාගන්නෙ නැති නිසා කියලා.”ඒ පිළිබඳව වැඩිදුරටත් විශ්වගේ බිරිඳගෙන් විමසූ විට ඇය පැවසූයේ,”විශ්ව ඉන්නේ ඇඳ පාමුල.මොකද එයා බිතු සිතුවමක් වගේ නිදාගන්නෙ.මටයි දරුවො දෙන්නට ඉඩ මදි එයා නිදාගන්න විදිහට.ඉතින් එයා හොඳට නිදාගෙන ඉද්දි මං ඇහැරලා දරුවො දෙන්න නිදිකරවන්න හැදුවා.එයාලා නිදා ගන්නෙම නැති පාර තමයි මට ඇඬුනෙ.” කියායි.විශ්ව කියන්නේ ඉතා නිරහංකාර ලෙස ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය රංගන ශිල්පියෙක්. ඉතිං මේ ආදරණීය කැදැල්ලට සුභාශිංසන එක් කරන ගමන්ම විශ්වගේ රංගන දිවියේ ඉදිරි වැඩ කටයුතු ද සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25