Rata Wasiya

Rata Wasiya Blog

අවසරයි සමුගන්න නිරෝෂා තලගල කලා ලොවෙන් සමුගනීද? 20 photos

නිරෝෂා තලගල කියන්නේ අප කා අතරත් ඉතා ජනප්‍රිය සහ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්.රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද සිය දස්කම් පාමින් රසික හදවත් දිනාගෙන සිටින ඇය සැබැවින්ම කලා ලොවට දීප්තිමත් ආලෝකයකි.රංගනයට පමණක් නොව නර්තනයටද උපන් හපන්කම් දැක්වූ ඇය විවිධ නර්තන අංගයන් ඔස්සේ ජයග්‍රහණය ද ලබා තිබෙනවා.ඉතින් මේ වනවිට ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන නිරෝෂා පුංචි දියණියකගේ ආදරණීය මවක් ද වනවා.ඉතින් ඇය සිය ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කර ඇති එක්තරා සටහනක් සම්බන්ධයෙන් කතා කරන්නට අපි අද හිතුවා.පසුගිය දිනවල දී ඇය හිරු ටීවී රූපවාහිනී මාධ්‍යය ඔස්සේ විකාශනය කරන ලද රියැලිටි වැඩසටහනක් වූ හිරු මෙගා ස්ටාර් season 3 වැඩසටහනට සම්බන්ධ වී සිය නර්තන හැකියාව මුලු ශ්‍රී ලාංකික ජනතාවටම ගෙනහැර දැක්වීමට සමත් වුණා.ඇයගේ සහයක නර්තන ශිල්පියා වූයේ hiru super dancer season 02 කිරුළ දැරූ අති දක්ෂ නර්තන ශිල්පියෙක් වන ප්‍රදීප් රාජවික්‍රම නම් යොවුන් නර්තන ශිල්පියා යි.ඉතින් ඔහු සමග දක්ෂ නර්තන හරබයක යෙදුන ඇය තරග වැදුණේ ද කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ කලාකරුවන් සහ කලාකාරිනියන් සමඟයි.

රියැලිටිකරණයත් සමග ඔවුන්ට ලැබෙන SMS මනාප අනුව තරගයේ ජය පරාජය තීරණය වන බැවින් මේ සතියේදී ඇය ලැබූ මනාපයන් අවම වූ බැවින් ඇයට එම තරඟයෙන් ඉවත් වන්නට සිදු වුණා.ඉතින් ඒ පිළිබඳව සදහන් කර ඇය තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කර ඇත්තේ මෙවන් වූ සටහනක්. hiru mega star season 3 අවසරයි සමු ගැන්මට.මුලින්ම මෙම රියැලිටියට ආරාධනා කළ hiru tv මාධ්‍ය ජාලයට මම ස්තුතිය පුද කරනවා.අවසන් 6 දෙනා අතරට මා ආ ගමන් මගේදී මං වෙනුවෙන් රුපියලක් හෝ වැය කර මට මනාප පල කළ සියලු දෙනාටම මං ස්තුතිය පුද කරනවා.ඒ වගේම මගේ dancing partner වුණු ප්‍රදීප් මල්ලිට මගේ විශේෂ ස්තූතිය පුද කරනවා.මොකද ඔහු නැත්නම් මමත් අද මෙතන නැහැ.ඔහු ඉතාම හොඳ නර්තන ගුරුවරයෙක්.මට තිබුණෙ ඒවා practice වෙන්න විතරයි මගෙ එකම බලාපොරොත්තු වුණේ නර්තන ශිල්පිනියක් වුණත් මා ළඟ තිබුණ සම්ප්‍රදායික හැකියාව මගේ ප්‍රේක්ෂකයන් සමග බෙදා ගන්නටයි.මං ඒ ජයග්‍රහණය ලබා ගත්තා මගේ පළවෙනි සහ අවසාන රියැලිටි අත්දැකීමට මට සහභාගි වෙන්න අවසර දීලා මගෙ පුංචි කෙල්ල ඕජි එක්ක මට අවශ්‍ය කාලය නිදහස ලබා දීලා හැමදාම මගේ ආදරය මගේ ජීවිතේ හෙවණැල්ල වගේ ලඟින් ඉඳං මට ශක්තියක් වෙන මගේ මහත්තයා අසේල, ජීවිතයේ මොන දේවල් ලැබුණත් නොලැබුණත් මගේ හැකියාවට ආසාවට ඉඩ දුන්නා.ගොඩක් ආදරෙයි” යනුවෙන් තමයි ඇය සිය ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර තිබෙන්නේ.නිරෝෂා තලගල කියන්නේ ඇත්තටම රිදී තිරයට පුංචි තිරයට වගේම නර්තන පීඨිකාවටද නැතුවම බැරි චරිතයක්.ඉතින් ඇයගේ රංගන ජීවිතය මෙන්ම නර්තන වැඩ කටයුතුද සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21