Rata Wasiya

Rata Wasiya Blog

ඒ කාලෙ නම් හරිම ඉරිසියයි විශ්ව අයියයි කාවිංග අයියයි මගෙ අම්මට අම්මා කියලා කතා කරද්දි

ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින අතිවිශිෂ්ට රංගධරයන් දෙපලක් කිව්වොත් මා නිවැරදියි.ඉතා විශිෂ්ට ගණයේ තාත්වික රංගනයක් සිනමාවට සහ පුංචි තිරයට දායාද කරන ඔවුන් ප්‍රේක්ෂක ජනාදරය එදා සිට අද දක්වා එලෙසම දිනා ගෙන සිටීම විශේෂත්වයක්.ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණයන් ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳගත් අතර ඒවාට අදටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ඉතින් මොවුන් දෙදෙනාගේ ආදරණීයම වටිනාම වස්තුව තමයි ඔවුන්ගේ දියණිය වන තාරුකී අමායා මෙන්ඩිස්.ඇය පසුගිය දිනකදී විවාහ දිවියට එළැඹි අතර ඇය විවාහ වූයේ ශෙහාන් පෙරේරා සමඟයි.ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වුනු අතර එහිදී ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් සහභාගී වී සිටි බව අපට දැකගන්නට පුළුවන් වුණ.ඉතිං අපි අද ඇය පිළිබඳව කතා කරන්න සිතුවා.

“මේ දවස් වල නම් දෙරණ නාලිකාවත් එක්ක එකතු වෙලා හඬකැවීම් කිහිපයකට සහභාගි වෙලා ඉන්නවා.මම කොහොමත් වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙන කෙනෙක් නෙවෙයි.ඒ වගේම තමයි වේදිකා නාට්‍ය කීපයකත් වැඩකටයුතු කරගෙන යනවා.මම ඇත්තටම ඉස්සර ඉඳන්ම රංගනය පැත්තට ලොකු කැමැත්තක් තිබුණේ නෑ.ගොඩක් වෙලාවල් වලදී මට රංගනයට ආරාධනා ආවා ඒ උනාට මගේ තිබ්බ අකමැත්ත නිසාම තමයි ඒවාට සහභාගී වුනේ නැත්තෙ.

ඇත්තටම මම ටිකක් නිශ්ශබ්ද චරිතයක්.ඒ වගේම තමයි හරිම ලැජ්ජාශීලී කෙනෙක්.ඒ නිසාම වැඩිපුර ෆොටෝ වලට පවා පෙනී ඉන්න පුංචි කාලේ මම වැඩි කැමැත්තක් දක්වලා නෑ.මම ඉපදුන දවසෙ ඉඳන්ම කලා ලෝකය පිළිබඳව නිතරම අහනවා දකිනවා.ඉතින් කලා ක්ෂේත්‍රයේ එන්න ගොඩක් කලාකරුවන් මාව අඳුරනවා.අම්මගේ තාත්තගේ අඳුරන පත්තර වල ඡායාරූප ශිල්පීන් දැන් හමුවුණාම අහන්නේ අනේ අර ෆොටෝ එක ගන්නකොට මුහුණ හංගගත්ත දුව නේද මේ දැන් ලොකු වෙලා ඉන්නේ කියලා.ඒ තරම්ම ඉස්සර මං හරිම ලැජ්ජාශීලී චරිතයක්.

ඒ දවස් වල මගේ අම්මා තාත්තා රඟපානකොට අනිත් රංගන ශිල්පීන්ගේ දෙමාපියන් බවට පත්වන්නට සිදුවෙනවා.බොරු කියන්න ඕන නෑනේ එතකොට නං පුංචි ඉරිසියාවක් තිබුණා.සමහර නාට්‍යවල විශ්ව කොඩිකාරයි අයියා හරි කාවින්ද අයියා හරි අම්මා එක්ක රඟපාද්දී ගොඩක් සමීප වෙනවා.ඉතිං ඒ දවස්වල ඉඳන්ම අපේ අම්මට අම්මා කියල තමයි කතා කරන්නේ.ඒ දවස් වල පොඩි ඉරිසියාවක් ඇති වුණත් දැන් නම් එහෙම කතා කරනකොට දැනෙන්නෙ ලොකු සතුටක්.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් හඬ කැවීම් අංශය ඔස්සේ මහඟු මෙහෙවරක් සිදුකරන ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ල සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.