Rata Wasiya

Rata Wasiya Blog

කලින් කලට කතා මවන සමිතාගේ අලුත්ම ටැටු එක photos

සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ ගායන ශිල්පිනියක්.ඉර පායා ගීතය ඔස්සේ සංගීත කරළියට පැමිණෙන ඇය ඉන්පසු සංගීත ක්ෂේත්‍රයට ඇගේ ගීත නිර්මාණ බොහොමයක් දායාද කර දුන්නා.ඇයගේ ගීත නිර්මාණ සියල්ලක්ම පාහේ අතිශය ජනප්‍රිය වූ අතර ඇය වටා විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් රැඳී සිටින්නේද ඇයගේ ගීත කෞශල්‍ය නිසාමයි.මේ වන විට දෙදරු මවක් වන ඇය කාලෙන් කාලයට විවිධාකාර පුවත් මවන්නියක් වුණා.ඇයගේ පළමු විවාහය දෙදරා ගිය අතර ඇය මේ වන විට ඇයට වඩා වයසින් ගොඩක් බාල චිරන්ත නම් තරුණයෙක් සමග විවාහ දිවිය ගත කරමින් සිටිනවා.ඇයගේ පළමු විවාහය සිදුවුණේ කලා ක්ෂේත්‍රයේ අපි කවුරුත් ආදරය කරන අතුල අදිකාරී නම් සංගීතවේදියා සමඟයි.යම් යම් ගැටලුකාරී තත්වයන් හේතුවෙන් එම විවාහය දෙදරා ගිය අතර ඔහුත් මේ වන විට සිය දෙවන විවාහය අමායා අධිකාරි නම් තරුණිය සමඟ සිදු කරගෙන හමාරයි.නමුත් මේ වන විට අමායා හර්ෂ ධනෝෂ් නම් නව පරපුරේ ගායන ශිල්පියෙක් සමග විවාහ දිවිය ගත කරන අතර අතුල අදිකාරි තනිකඩ ජීවිතයක් ගත කරයි.

සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වන කාවින්දයා අධිකාරි කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක්.ඇය ගායන ශිල්පිනියක් පමණක් නොව මේ වන විට රංගන ශිල්පිනියක්ද නිවේදන ශිල්පිනියක්ද වශයෙන් කටයුතු කරනවා.ඇය රංගනයෙන් දායක වූ ඝරසරප සිනමා පටයට ජනතාවගෙන් ලැබුණේ ඉමහත් ප්‍රතිචාරයක්.

මේ දිනවල දී සමිතා මුදුන්කොටුව පිළිබඳව වැඩි කතා බහකට ලක් වන්නේ ඇයගේ අලුත්ම ටැටූ විලාසිතාව නිසා ය.ගායන ශිල්පිනියක් වුණත් ටැටු විලාසිතා වලට ප්‍රිය කරන ඇය මින් පෙරද tattoo විලාසිතාවක් සිය දියණිය සහ සිය සැමියා සමඟ කරගෙන තිබුණා.සමිතා මුදුන්කොටුව කියන්නේ තමන්ගේ මවට පණ මෙන් ආදරය කළ ආදරණීය දියණියක්.ඉතින් පසුගිය දිනක ඇයගේ මවට ඉතා අවාසනාවන්ත ලෙස මෙලොවින් සමු ගැනීමට සිදු වුණා.ඉතින් සමිතා සිය මව සිහි කරමින් තමන්ගේ අතේ ‘අම්මා’ නමින් අලුතින්ම ටැටූ විලාසිතාවක් සිදු කරගෙන තිබුණා.

සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයට මහගු මෙහෙවරක් සිදු කරන ආදරණීය ගායන ශිල්පිනියක්.ඉතින් ඇයගේ පුද්ගලික ජීවිතයේ කුමන සිදුවීම් සිදු වුණත් ඇය සංගීත ක්ෂේත්‍රයට දක්ෂ ගායිකාවක්. ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියල හදවතින්ම සුබ පතනවා.