Rata Wasiya

Rata Wasiya Blog

කවුරුත් නොදුටු පෙම්වතියත් එක්ක උපන් දිනය සැමරූ අශාන් ප්‍රනාන්දු මුහුණු පොතේ තැබූ සටහන

අශාන් ප්‍රනාන්දු කියලා කියන්නේ වර්තමානය වන විට තරුණ තරුණියන්ගේ මහත් වූ ආකර්ෂණයක් සහ ආදරයක් දිනාගෙන සිටින නව පරපුරේ සිටින ගීත ගායකයෙක්.ඔහුගේ ගීත ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නේ ඔහුගේ වූ ගීතමය කෞශල්‍ය නිසාම යි.ලස්සන හිතක්, අහස්මාලිගා, දෛවයේ තීරණයක් ,හිම තුහින,අතහැරලා, නුරා පෙම් දෑසේ, සත්තයි ,සදවතියේ, හීන කැන්දනා ආදරේ ආදී ගීතයන් රාශියක් ඔස්සේ රසික හදවත් රසාලිප්ත කරවන්නට සමත් වූ ඔහු ඇත්තෙන්ම නවක පරපුරේ සිටින දක්ෂ සහ ජනප්‍රිය ගායන ශිල්පියෙක්.

ඉතිං අද දිනයේ දී යෙදී තිබුණු ඔහුගේ උපන් දිනය ඉතාමත් උත්සවශ්‍රීයෙන් සැමරීමට ඔහුට හැකියාව ලැබුණා.ඒ සඳහා කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන්ගෙන් ද ගායන ශිල්පීන් ගෙන් ද හැඩ වැඩ වී තිබුණු අතර ඒ අතර එක්තරා විශේෂ ආරාධිත අමුත්තෙක් ද පැමිණ සිටියා.ඒ වෙන කවුරුත් නොව ඔහුගේ ආදරණීය පෙම්වතියයි.ඉතින් ඇයත් සමඟ එක්ව කලා ක්ෂේත්‍රයේ තරු පිරිවරා ගෙන සැමරූ ඔහුගේ උපන්දින සාදය ඇත්තෙන්ම ඉතා අලංකාරවත් සාදයක් උනා.ඉතින් ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ එම සාදයේ ඡායාරූප රැසක් සමගින් එක්තරා සටහනක් ද සටහන් කර තිබුණා.

“මගේ හදවතේ සහෝදරයාවන සත්සර කසුන් පතිරණගෙන් ලැබුණු අරමු පුදුම උපන්දින සාදය.මට වචනයෙන් කියන්න බැරි තරම් මේක හිතට ඇල්ලුවා.බොහොම ස්තූතියි මගෙ සහෝදරයා” කියලා තමයි ඔහු සටහන් කර තිබුණේ.ඉතින් ආදරණීය නවක පරපුරේ ගායකයෙක් වන අෂාන් ප්‍රනාන්දුට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම සුබ පතන අතර ම ඔහුගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11