Rata Wasiya

Rata Wasiya Blog

කොල්ලො පිස්සු වට්ටන ගීතිකාගෙ අලුත් වෙනස 21 photos

නාඩගම්කාරයෝ කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ජයප්‍රකාෂ් ශිවගුරුනාදයන් අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යය ඒ තරමටම රසික හදවත් තුළ කා වැදී හමාරයි.මේ දවස්වල කාගේත් හිත් දිනා ගත් සුන්දර ගැමි යුවතිය තමයි ගීතිකා කියන්නෙ.අපි කවුරුත් ඇයව හඳුන්වන්නේ ගීතිකා නමින් වුවත් ඇයගේ සැබෑ නම වන්නේ ප්‍රවීනා දිසානායකයි.පළමු ටෙලි සිතුවමෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් මෙම අපූරු යුවතිය සමඟ කළ කතාබහකදී ඇය දැක්වූයේ මෙවන් අදහස් පෙළක්.මං අනුරාධපුරයේ ඉදං කොළඹට එන්නෙ නාඩගංකාරයෝ ටෙලිනාට්‍යය සඳහා සහ මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා.මං උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යාව අංශයෙන් නමුත් කුඩා කාලයේ ඉඳන්ම මට කලාවත් එක්ක ලොකු සම්බන්ධකමක් තිබුණා.මම නර්තනයට සංගීතයට වගේම රංගනයටත් ඉස්සර ඉදං දක්ෂතා දැක්වූවා.වේදිකා නාට්‍ය ඔස්සේ මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලටත් සහභාගි වුණා.මං හිතන්නේ ඒ පන්නරය නිසා තමයි නාඩගංකාරයෝ ටෙලි නාට්‍යයේ මට ලබා දී ඇති ගීතිකා චරිතය මෙච්චර හොඳට කරගන්න පුළුවන් උනේ කියලා හිතනවා.

“නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ගැන මම මුලින්ම දැනගත්තේ සුමිත් අයියගෙන්.ඉන්පසු නිෂ්පාදකතුමා විසින් පවත්වපු තිර පරීක්ෂණයෙන් පසුව මාව නාඩගම්කාරයෝ නාට්‍යයට තෝරා ගත්තා.මං කවදාවත් හිතුවේ නැහැ මගේ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම මෙච්චර ජනප්‍රිය වෙන්න පුළුවන් වෙයි කියලා.ඉතිං ඒ ගැන නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් තමයි තියෙන්නේ.ඒ වගේම තමයි මේ ටෙලි නාට්‍යය නිසා එන ප්‍රශංසා වගේම ගැරහුම් ද මං ඉතා සතුටෙන් බාර ගන්නවා.ඇත්තටම මං මේ ක්ෂේත්‍රයට නවකයෙක්.මේ නාට්‍යයේ ඉන්නේ ගොඩක් අය ප්‍රවීණයෝ.ඉතිං මට එයාලගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා.”රූගත කිරීමක් අතරතුර මට දිනේෂ් අයියගෙ “වැහි බිදු වැටෙනවා” කියන ගීතයට වීඩියෝවක් කරන්න අවස්ථාවක් ලැබෙනවා.ඇත්තටම ඒ ගීතය මං ගොඩක්ම ප්‍රිය කරන ගීතයක්.ඉතින් මං දෙපාරක් හිතන් නැතුව ඒකට කැමති උනා.ඒ වගේම එම ගීතය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගොඩක් ජනප්‍රිය වුණා

“ඉදිරි රංගන කටයුතු ගැන කිව්වොත් ගැමි චරිතයකටම කොටුවෙලා ඉන්න මම කැමති නෑ.වෙනස් ආකාරයේ චරිත කරන්න මම ආසයි.මොකද එතකොට මගෙ තියෙන දක්ෂතා ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න ලේසියි.” කියලා තමයි ඇය තම අදහස් දැක්වූයෙ.ප්‍රවීණා දිසානායක හෙවත් ගීතිකා කියල කියන්නෙ ඇත්තටම දක්ෂ සහ සුන්දර රංගන ශිල්පිනියක්.පළමු ටෙලි නාට්‍ය තුළින් ම ජනතා ආකර්ෂණය දිනාගෙන ජනප්‍රියත්වයට පත් වූ ඇයගේ ඉදිරි වැඩ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21