Rata Wasiya

Rata Wasiya Blog

කොල්ලො පිස්සු වැටිලා ඉන්නේ බාගෙට ඇඳල ගියත් කියන්නේ නිරුවතින් යනවා කියලා

යුරේනි නොෂිකා කියලා කියන්නේ තරුණ තරුණියන්ගේ ප්‍රේක්ෂක ආදරය ඉතා කෙටි කලකින් දිනාගත් කටකාර හැඩකාර දක්ෂ රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් මෙන්ම ගායිකාවක් ද වනවා.ඇයගේ පුවත් කා අතරත් ප්‍රසිද්ධියට පත් වන්නේ කතා කරන දේ කෙලින්ම කතා කරන නිසා කියලා තමයි ඇය පවසන්නේ. යුරේනි නොෂිකා ක්ෂේත්‍රයට එන්නේ මිස් world for miss world තරගාවලිය ජයග්‍රහණය කරලා.ඇය වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සඳහා රංගනයෙන් දායක වූ අතර ඊට පෙර සිටම චිත්‍රපට හා රූපවාහිනී ක්ෂේත්‍රය තුළ සිය වැඩ කටයුතු ආරම්භ කළා.ඇයගේ ප්‍රියතම විෂය වූයේ නීතිය හැදෑරීමයි.නමුත් නිරූපණ ක්ෂේත්‍රයේ ඇයට පැවරී තිබූ වැඩකටයුතු නිසාම නීතිය හැදෑරීම පසෙකලා කලා ලොවට අවතීර්ණ වූවා.

2017 දී මෙගා ස්ටාර් කිරුළ දිනා ගැනීමට ඇයට හැකි වූයේ ඇය තුල වූ දක්ෂතා නිසාමයි.පවුලේ එකම දරුවා ලෙස හැදී වැඩුණු ඇය සැබැවින්ම නිරහංකාර සහ සාමාන්‍ය ගති පැවතුම් ඇති රූමත් යුවතියක්.ඇගේ සමෙහි වර්ණය පැහැපත් බවෙන් අඩු වුවත් එම වර්ණයට ලංකාවේ තරුණයන් වශී වී ඇති බව තමයි ඇය පවසා සිටින්නේ.ඇයගේ වර්තමාන ජීවිතයේ තොරතුරු පිළිබඳව ඇගෙන් විමසූ විට ඇය පැවසුවේ මෙවන් දෙයක්. මේ දවස් වල මම වැඩිය පෙනී සිටියේ නැහැ.මොකද හැමදාම දකිද්දිත් ඒ කෙනාගේ අගය අඩු වෙනවනෙ.ඒ වගේම ජනප්‍රියත්වය රැඳී සිටින්න හැමතිස්සෙම පේන්න ඉන්න ඕන නැහැ.හොඳ නිර්මාණයකට දායක වුණොත් කාලයක් ගිහින් උනත් ඒ දේ ජනතාව අතරට යනවා.

අනිත් එක තමයි ජනප්‍රියත්වය කියලා කියන්නේ ජනයා ප්‍රිය කරන එක.ප්‍රසිද්ධ වෙනවා කියන්නේ තවත් එකක්.මුළු ඇඟම පෙන්නගෙන ගියාට ඒ කෙනා ජනප්‍රිය වෙන්නේ නැහැ.ලංකාවෙ මිනිස්සුන්ට කෙනෙක් බාගෙට ඇදලා පාරෙ ගියත් පේන්නෙ නිරුවතින් යනවා වගේ.මං ඒක දැක්කෙ ලංකාවේ විතරයි පිටරටවල් වල එහෙම නැහැ. මට ඇත්තටම ආදරයක් හිමිවෙලා තිබුණා.හැම ආදරයක්ම විවාහයකින් කෙළවර වෙන්නෙ නෑනෙ.විවාහය කියන්නේ ආත්මීය බැඳීමක්.ඒක පදනම් වෙන්නේ විශ්වාසය මත.විරහව කියන්නෙත් හරි සුන්දර හැඟීමක්.ඒකත් කෙනෙක් අනිවාර්යෙන්ම විඳින්න ඕනි.මගේ ජීවිතයට හොඳ කෙනෙක් ආවොත් අනිවාර්යෙන්ම මම විවාහ වෙනවා.නමුත් තවම එහෙම කෙනෙක් හම්බ උනේ නෑ.

අද කාලේ ප්‍රවීනයන් සහ නවකයින් හරි සහයෝගයෙන් වැඩ කරනවා.ඇත්තටම ඒක විය යුතු දෙයක්.ඉස්සරහට කරන්න වැඩ ගොඩක්ම තියෙනවා.ඒව සාර්ථක කරගන්න එක තමයි මට තියෙන බලාපොරොත්තුව.” කියලා තමයි අවසාන වශයෙන් ඇය පවසා සිටියේ. යුරේනි නොෂිකා කියලා කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයේ ද දක්නට ලැබෙන දඟකාර කටකාර රුවැත්තියක්.ඉතින් ඇයගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා යැයි පතන ගමන්ම ඇගේ සුන්දර ඡායාරූප එකතුවක් ගෙනෙන්නටත් අමතක කළේ නැහැ.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25