Rata Wasiya

Rata Wasiya Blog

කෝටිපතියකු සමඟ විවාහ වූ බුවිනි චාපාගෙ විවාහ සංවත්සරය 24 photos

බුවිනි චාපා දියලගොඩ කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂ හුරුබුහුටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්.දියණියන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලේ බාලම දියණිය වූ බුවිනි නිවේදන ක්ෂේත්‍රය ඔස්සේද සිය දක්ෂතා පෙන්නුම් කරනවා.ඇයගේ ආදරණීය වැඩිමහල් සහෝදරිය වන්නේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිණි වත්සලා දියලගොඩයි.මීට වසර 2 කට ඉහතදී ඇය කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ දිවියට එළඹෙනවා.ඇයගේ ආදර කතාවත් හරිම සුන්දරයි.වාහනයක් මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී තමයි ඇයට ඇගේ පෙම්වතා හමුවෙලා තියෙන්නේ.ඉන්පසු ඔවුන් විවාහ දිවියට එළඹෙන අතර අද වන විට ඔවුන් ඉතා සාර්ථක ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනවා.බුවිනි චාපා රංගන දිවියෙන් සමු අරන් දැන් වසර දෙකක් ගත වෙනවා.නමුත් ඈ පවසන්නේ ඇය කලා ලොවෙන් සදහටම සමු නොගත් බවත් සිය සැමියා සමඟ ව්‍යාපාර වලට සම්බන්ධ වී කාර්යබහුල ජීවිතයක් ගත කරන බැවින් තාවකාලිකව නිර්මාණ සඳහා සහභාගීවන්නේ නැති බවත් ය.ඒ වගේම ඇය මේ දිනවල දී සිය සොයුරිය සමඟ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කළ බව තමයි අපිට ආරංචි වෙන්නේ.එමෙන්ම තමා රංගන ජීවිතයෙන් ටික කලකට සමු ගත්තත් නවක රංගන ශිල්පිනියන් දකින විට සහ ඔවුන්ගේ රංගන හැකියාව දකින විට ඇයට නැවතත් නිර්මාණ සඳහා දායකවන්න ආස හිතෙනවා කියලා තමයි ඇය කියන්නේ. ඒ වගේම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම තිබියදී ඇය රංගන ජීවිතයෙන් ඉවත්ව යෑම පිළිබඳව ඇය පවසන්නේ මෙවන් අදහසක්.

“ඇත්තටම මම රයිගම් ටෙලි සම්මාන උළෙලකදී හොඳම නැගී එන රංගන ශිල්පිනියට නිර්දේශ වුණා.අදටත් මං පාරේ යනකොට ප්‍රේක්ෂකයෝ මගෙන් ඉල්ලා සිටිනවා නැවත අලුත් නිර්මාණ ඔස්සේ රඟපාන්න එන්න කියලා.එහෙම කියද්දි නම් මට දුකත් හිතෙනවා.ඒ වගේම ආයේ රඟපාන්න ආස හිතෙනවා.නමුත් මම හස්බන්ඩ්ගෙ ව්‍යාපාරවලට සහ මගේ පවුල් ජීවිතයට මුල් තැන දීලා ඉන්න නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.දරුවෙක් ගැන හිතන්නත් ඕනේ.ඒ නිසා ටික කාලෙකට මම රඟපාන්න එන එකක් නෑ” කියලා තමයි ඇය පැවසුවේ.ඒ වගේම අද දිනයේ දී ඇය සිය දෙවන විවාහ සංවත්සරය සැමරුවා.එහිදී ඇය ලස්සන ඡායාරූප ඇල්බමයක් මුහුණු පොතට එක්කර ඇති අතර ඒත් සමඟම මෙවන් සටහනක් ද තබා තිබුණා.ඔයා වගේ ආදරණීය සැමියෙක් ලබන්න මං ගොඩක්ම පින් පිං කරලා තියෙනවා.මගේ ජීවිතයේ මෙච්චර ලස්සන කරාට ඔයාට ගොඩක් ස්තුතියි. Happy 2nd wedding anniversary my love.ආදරයෙ හීන මවා ජීවිතයේ පාර කියා සංසාර මඟට රන් එලි වැට සේමා ඔබ ඉරත් හඳත් මගේ අහසට ගෙනාවා කියලා තමයි ඇය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ආදරණීය විදියට සිය දෙවැනි විවාහ සංවත්සරය සැමරුවේ.ඉතින් ඔවුන් දෙපළට හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද කරන ගමන්ම ඉතිරි වැඩ කටයුතුද සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24