Rata Wasiya

Rata Wasiya Blog

චිත්‍රපටයකට ඇරයුමක් ලැබෙන තෙක් බලා සිටින කවුරුත් ආදරය කරන සරෝජා

නිත්‍යවානි කන්දසාමි කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ සරෝජා යන නමින්.සෝමරත්න බාලසූරියගේ සිනමා නිර්මාණයක් වූ සරෝජා චිත්‍රපටය එකල අතිශය ජනප්‍රිය වෙමින් රසිකයා අතරට ගියා.ඉතිං ඒ නිසාම ඇයව අදටත් රසිකයන් හඳුන්වන්නේ සරෝජා යන නමින්.එදා හුරුබුහුටි ආදරණීය සුරතල් කෙල්ල අද වන විට විවාහක කාන්තාවක් වෙනවා.ඇය විවාහ වන්නේ 2018 වසරේ දී.ඉතින් මේ වන විට සිනමාවෙන් නම් ඇයව වැඩිය දකින්නට පුළුවන් වන්නේ නැහැ.පසුගිය දිනක දී ඇයගේ ජන්ම දිනය යෙදී තිබුණා.එහිදී අපගේ ආදරණීය කලාකරුවානන්වන දයාන් විතාරණ මහතා ඇයට අපූරු උපන්දින සුභ පැතුමක් සිය මුහුණු පොතේ සඳහන් කරලා තිබුනා.ඒ තමයි,

සිනමාවේ ආදරය දිනූ පුංචි සුරංගනාවිය, නිත්‍යවානි කන්දසාමිට නිත්‍ය සන්තුෂ්ටියෙන්ම සපිරි උපන්දිනක්…

“සරෝජා” චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතය නිරුපණය කරමින් සිනමාවට පිවිසි දෙස් විදෙස් කිත් පැසසුම් ලද ළමා රංගන ශිල්පිණියක වන නිත්‍යවානි කන්දසාමි අද දින සිය උපන්දිනය සමරන්නීය. ඉන් අනතුරුව ආචාර්ය සෝමරත්නයන්ගේම “පුංචි සුරංගනාවී” චිත්‍රපටයේ ද ප්‍රධාන ළමා චරිතය ඇය නිරුපණය කළාය. ඇය රඟපෑ මුල් චිත්‍රපටය වූ “සරෝජා” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාණ අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය සඳහා වූ සම්මානය ඇය දිනා ගත් අතර මෙරට හොඳම නිළිය සඳහා වන ජනාධිපති සම්මානය ද දිනා ගත්තාය.එමෙන්ම “පුංචි සුරංගනාවී” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාණ “ගෝල්ඩන් බටර්ෆ්ලයි” සම්මානය දිනු ඇය හොඳම නිළිය සඳහා වන සරසවිය සම්මානය පවා දිනා ගත්තාය. ළමා නිළියක් හොඳම නිළිය ලෙස පිදුම් ලැබූ විරළ අවසථාව ද ඇයට හිමි වූ අතර අන්තර්ජාතිකව ද එය විරල සිදුවීමක් බව විචාරක මතයකි.

ඇය ඉකුත් 2018 වසරේදී විවාහපත් වූ අතර ඇගේ යුග දිවියට ද ආසිරි ගෙන එමි. අද සිනමාවේ ද ඇය නැවත දැකුමට බොහෝ දෙනෙක් ආසාවෙන් ඇතැයි සිතන අතරම ඇය ඉතා ආසාවෙන් චිත්‍රපට ඇරයුමක් ලැබෙන තුරු බලා සිටින බව ඇය පුවත්පතකට පවසා සිටීම ද සතුටට කරුණකි.

ඇයට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් සොඳුරු යුග දිවියකට සහ සර්වකාලීන කලා භාවිතාවකට ආසිරි” යනුවෙන් තමයි ඔහු සටහන් කරලා තිබුණේ.ඉතින් අපිත් එම ආදරණීය රංගන ශිල්පිනියට සුභ උපන්දිනක් වේවා කියලා සුබ පතනවා.