Rata Wasiya

Rata Wasiya Blog

තම විවාහ සංවත්සරයට කවුරුත් නොකළ උතුම් පරිත්‍යාගයක් කළ මාධව සහ නදුනි

මාධව කියලා කියන්නේ මේ වන විට ලංකාවේ කොයි කාගෙත් ආදරය දිනාගෙන සිටින හරිම නිහතමානී රංගන ශිල්පියෙක් මෙන්ම නිවේදන ශිල්පියෙක් ද වනවා.ඔහුව වැඩි වශයෙන් අපට දැකගන්නට පුළුවන් වන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන දෙරණ ලිට්ල් ස්ටාර් සහ Derana champion star unlimited රියලිටි වේදිකා ඔස්සේයි.සචිනි සහ පේෂල සමඟ නිරන්තරයෙන් නිවේදන කටයුතුවල නිරත වෙන ඔහු මේ වන විට විවාහ වී ඉතා සාර්ථක ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරනවා. Tik tok video ඔස්සේ ද ඔහුගේ ප්‍රහසනාත්මක පැතිකඩ විදහා දක්වන ඔහු සැබවින්ම ඉතාමත් නිහතමානී තරුණයෙක්.නදුනි කියලා කියන්නේ ඔහුගේ ජීවිතය ආලෝකමත් කිරීමට පැමිණි ඔහුගේ ආදරණීය බිරිඳයි.යාලුකමකින් පටන් ගන්නා ඔවුන්ගේ ආදරය මල් ඵල ගැන්වූ දිනය වන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයයි.දෙමාපියන්ගේ ද නෑදෑයන්ගේ ද හිතමිත්‍රාදීන්ගේ ද ආශිර්වාදය ඇතිව සිය මංගල දිනය හැඩ කරගන්නා ඔවුන් මේ වන විට විවාහ වී වසරක් ගත වී හමාරයි.ඉතින් ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ඔවුන් ඉතාමත්ම ආදර්ශමත් පුණ්‍ය කර්මයක් සිදු කරලා තියෙනවා.ඒ තමයි ඔවුන්ගේ මුළු සිරුරේම කොටස් ඔවුන් ජීවිතයෙන් සමුගත් දාට පරිත්‍යාග කිරීම.ඉතාමත්ම කලාතුරකින් සිදු කරන්නා වූ මෙම උතුම් පින්කම පිළිබඳව ඔවුන් සිය ෆේස්බුක් මාධ්‍ය ජාලා ඔස්සේ සනිටුහන් කර ඇත්තේ මෙවැන්නක්.

#1

#2

#3

#4

#5

“අදට අපි විවාහ වෙලා අවුරුද්දක් වෙනවා .කේක් කපලා පාටි දාන සමරනවා ට වැඩිය අමතක නොවන මතකයක් එක්ක නදුනිටයි මටයි අපේ මුල්ම wedding anniversary එක සමරන්න හිතුනා.ජීවිතය හැමදාම එකට එන්න පොරොන්දු උනා වගේම ජීවිතය හැර ගියාට පස්සේ පස්සෙ අපේ ඇස් සිරුරේ කොටස් ඇතුලු මුළු සිරුරේම කොටස් පරිත්‍යාග කිරීමටත් අපි පොරොන්දු වුණේ මෙහෙමයි.ඔබත් මේ වගේ අති උතුම් පරිත්‍යාගයක් කරන්න කැමති ඇති.කරන්නේ කොහොමද කියන වග විස්තර ඇතුව පැහැදිලිව අප කියන්නම් අද හෙටම.” කියලා තමයි ඔවුන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ.

#6

#7

#8

තමන්ගේ විවාහ සංවත්සරය මෙවන් උතුම් පින්කමක් ඔස්සේ සමරන තරුණ තරුණියන් අද වන විට ඇත්තේම නැති තරම්.ඉතින් ඔවුන්ගේ මෙම උතුම් ක්‍රියාව මුළුමහත් සමාජයටම මහත් වූ ආදර්ශයක්.ඉතිං ආදරණීය මාධවට සහ නදුනි ට සුභ විවාහ සංවත්සරයක් ප්‍රාර්ථනා කරන අතරම ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

#9

#10