Rata Wasiya

Rata Wasiya Blog

තරුණියන්ගේ සිහින බොඳ කරමින් පැතුම් රුක්ෂාන් විවාහ ගිවිස ගනී 25 photos

පැතුම් රුක්ෂාන් කියලා කියන්නෙ ලංකාවේ කවුරුත් දන්න ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක්.තරුණියන්ගේ ආකර්ෂණය නිරන්තරයෙන්ම දිනා සිටින මෙම තරුණයා මෑත කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වූයේ හිරු මෙගා ස්ටාර් තරඟය ජයග්‍රහණය කර ඒ ඔස්සේ ඔහු දැක්වූ නර්තන හැකියාව නිසායි.ලංකාවේ music video රැසකට රංගනයෙන් දායක වූ මොහු සැබවින්ම නිරහංකාර තරුණ රංගන ශිල්පියෙක්.ඔහුත් සමග කතාබහක නිරත වූ විට සිය රංගන දිවි ගමන ගැන ඔහු පවසා සිටියේ මෙවැන්නක් ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට අලුත්.නමුත් ඉතාම කෙටි කාලයක් තුළදී ජනතා ආකර්ෂණය දිනා ගන්නට මට හැකි වුණා.තරුණියන් කියනවා මම ගොඩක් ආඩම්බරයි කියලා.නමුත් ඇත්තටම එහෙම නෑ.කොල්ලෙක් උනාම චුට්ටක් ආඩම්බර වෙන්නත් ඕනේ.හිරු මෙගා ස්ටාර් කියලා කියන්නේ මගේ පළවෙනිම රියැලිටි අත්දැකීම.මාස හයක් විතර කාලයක් තිස්සේ අපි ඒකට ගොඩක් මහන්සි වුනා.ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා.මම ඇත්තටම නර්තනය හදාරපු කෙනෙක් නෙමෙයි.මේ රියැලිටි අත්දැකීම ඔස්සේ මගේ සැඟවුණු දක්ෂතා එළියට ගන්නට පුළුවන් වුණා.

මං ඇත්තටම ජනප්‍රිය වුණේ මියුසික් වීඩියෝස් හරහා.මේ වෙනකොට මම music videos විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඉතින් නිතර නිතර දකින කොට අගෙත් නැතිවෙනවා කියලා කියනවානෙ.ඒ නිසා මම දැන් ගොඩක් music videos වලට පෙනී සිටින්නෙ නෑ.කලා ක්ෂේත්‍රයට ලොකු වැඩක් කරන්න ආසාව තියෙනවා.මන් තාම නවකයෙක් නිසා මාව නිසි කාලයට රංගන කටයුතුවලට යොදා ගනී කියන විශ්වාසයෙන් මම ඉන්නවා. මම ක්ෂේත්‍රයෙ හැම කෙනෙක් එක්කම ඉතාමත්ම සුහදව වැඩ කරන කෙනෙක්.එකෙන් මට ඕනම කෙනෙක් එක්ක රඟපාන්න කිසිම බලපෑමක් නෑ.විශේෂයෙන් කියලා සලකන කිසිම කෙනෙක් ක්ෂේත්‍රයේ නෑ.මොකද මම හැම කෙනෙක් එක්කම ෆිට් එකේ ඉන්න කෙනෙක් නිසා.” කියලා තමයි පැතුම් රුක්ෂාන් මෙම කතාබහ අතරතුර දී පැවසුවේ.

පැතුම් රුක්ෂාන් කියන්නේ සැබවින්ම තරුණියන්ගේ ආකර්ෂණය දිනා සිටින කඩවසම් තරුණයෙක්.නමුත් ඔහු මේ වන විටත් විවාහ ගිවිසගෙන ඇති බව තමයි අපිට ආරංචි වෙන්නේ.ඉතින් ඔහු සහ ඔහු ආදරය කරන යුවතියවන ලක්ෂාණිගේ Pre shoot ඡායාරූප ඇල්බමයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරලා තියෙනවා.ඉතින් ඔවුන් දෙපළට ඉතා සාර්ථක විවාහ ජීවිතයකට සුබ පැතුම් එක් කරන අතරම ඔවුන්ගේ එම ඡායාරූප ඇල්බමය නරඹන ලෙස ද කියා සිටිනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25