Rata Wasiya

Rata Wasiya Blog

පටන් ගත්ත දවසෙ ඉදන්ම මම නාඩගම්කාරයෝ කතාවේ රසිකයෙක්

ධර්මප්‍රිය ඩයස් කියලා කියන්නේ පුංචි තිරය වගේම රිදී තිරය ඔස්සේත් රසිකයාගේ හදවත දිනා ගත් අපූරු සුන්දර කලාකරුවෙක්.ඔහුගේ අග්‍රගණ්‍ය රංගන විලාසය නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසකගේ ආදරය සහ ආකර්ෂණය දිනාගැනීමට ඔහුට හැකියාව ලැබුණා.මේ දිනවල දී දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආනන්දගේ චරිතයට වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ බන්දුසිරි කබ්රාල් කියන චරිතයටත් ඔහුගේ රංගන දායකත්වය ලබා දෙනවා.ඒ වගේම තමයි ඔහු වේදිකා නාට්‍ය ඔස්සේ දක්වන තාත්වික රංගනය නිසා ම ඔහු අද වන විට බොහෝ ජනප්‍රිය චරිතයක් වී හමාරයි.ඉතින් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ රංගන ගමන් මග පිළිබඳව සහ ඔහුගේ නවතම තොරතුරු පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

“මම ඇත්තටම අවුරුදු විස්සකට වැඩි කාලයක පටන් වේදිකාව තුළ නිර්මාණකරණයට සම්බන්ධ වූ පුද්ගලයෙක්.වේදිකාව කියලා කියන්නේ රංගන ශිල්පියෙක්ගේ උපරිම දක්ෂතාවය විදහා පෙන්වන්න පුළුවන් හරි අපූරු තෝතැන්නක්.ඇත්තම කතාව වේදිකාව තුළින් බිහිවන රංගන ශිල්පීන්ගේ රංගන කුසලතාවය අති විශිෂ්ටයි.මම නිර්මාණය කරපු සාදය මාරයි සල්ලි හමාරයි කියන වේදිකා නාට්‍යයට බොහෝ පිරිසක් එකතු වුණා.ඒකත් සමගම සමගම මූල්‍යමය වශයෙන් යම් ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්නට මට හැකියාව ලැබුණා.ඒ නාට්‍යය දර්ශන වාර පන්සියයකට වැඩි ප්‍රමාණයක් අපි ලංකාව පුරා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ ඔස්සේ විශාල රසික පිරිසක් අප වටා එක් රොක් වුණා.

ටෙලිනාට්‍ය අතුරින් නාඩගම් කාරයෝ කියලා කියන්නේ අතිවිශිෂ්ට ටෙලි නාට්‍යයක්.මම ඒ ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමට පෙර පටන්ම එහි රසිකයෙක් වුණා.ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ ටෙලිනාට්‍යයට ගැලපෙන ම නලුනිලියෝ තමයි අරගෙන තියෙන්නේ.සමහර ටෙලි නාට්‍යවල මම දකිනවා ඒ ඒ චරිතයන් වලට නොගැලපෙන රංගන ශිල්පීන් අරගෙන තියෙනවා.ඇත්තටම පෞද්ගලිකව මම ඒ අවස්ථාවන් වලට අකමැතියි.නමුත් නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ අදාළ චරිතයට ගැලපෙනම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් තමයි තෝරගෙන තියෙන්නේ.ඒ නිසාම තමයි මම ඒකට ඒකට කලින් ඉඳන්ම ප්‍රිය කරන්නේ.

අද වන විට අපට දකින්න පුළුවන් බොහෝ තරුණ තරුණියන්ට ක්ෂේත්‍රයට පැමිණීමට විවිධාකාර මාර්ග තිබෙනවා.වේදිකාවෙන් පටන් අරගෙන කලා ක්ෂේත්‍රයේ ඔස්සේ ජනප්‍රියතාව ලබාගෙන දිගු ගමනක් යන්න ලොකු කාලයක් ගත වෙනවා.නමුත් ඒ ඔස්සේ ජනප්‍රිය වුණු බොහෝ පිරිස් වලට අද වෙනවිට කලා ක්ෂේත්‍රයේ නියමාකාර තැනක් හිමි වෙලා තියෙනවා.අද සමාජයේ ගොඩක් කෙටි පාරවල් වලින් තමයි කට්ටිය ජනප්‍රිය වෙන්නේ.ඉතින් එහෙම ජනප්‍රිය වුණ බොහෝ දෙනාගේ අත්දැකීම් අඩුයි.ඒ වගේ ඉතාම කෙටි කලකින් ජනප්‍රිය වෙන පුද්ගලයන්ට සුන්දර තැන් සහ අසුන්දර තැන් මගහැරෙනවා.

මම දැන් අවුරුදු 24 ක් තිස්සේ ගුරුවරයෙකුගේ භූමිකාව වෘත්තිය කරගත් පුද්ගලයෙක්.ඉතින් මට ඒ පැත්තෙන් මෙන්ම කලා ක්ෂේත්‍රය ඔස්සේත් අත්දැකීම් සමුදායක් තියෙනවා.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ගුරුවරයෙක් ලෙසත් අධ්‍යක්ෂවරයෙක් ලෙසත් දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසත් කලා ක්ෂේත්‍රයට ඔහු කරන මෙහෙය සැබවින්ම අගය කළ යුතුමයි.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා සුබ පතනවා.