Rata Wasiya

Rata Wasiya Blog

මං බුවීට දාපු මඟුල් මුද්ද අනුන්ගේ එකක් නෙවෙයි සරා එසේ කීවේ ඇයි 25 photos

ඇන්තනි පවුල කියලා කියන්නේ මුළු රටක් ආදරය කරන කලාකාමී පවුලක් කිව්වොත් මා නිවැරදියි.ජැක්සන් ඇන්තනී නම් මහා රංගන පෞරුෂත්වයේ නාමය සැමදා සුදිලෙන්නේද ඒ නිසාමයි.සජිත ඇන්තනී කියලා කියන්නේ ඒ ආදරණීය කලාකරුවාණන්ගේ බාලම පුත් රුවනයි.වැඩිමල් සොයුරියගේ හා සොයුරාගේ ආදරය නිබඳව දිනාගන්නා මේ දඟකාර කොලු ගැටයා පසුගිය දිනක විවාහ වන්නේ ඔවුන්ගේ ද මංගල උත්සව මධ්‍යයේ වීම විශේෂත්වයක්. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය ට පත් වූ ‘අබා’ සිනමාව ඔස්සේ සිය රංගන දිවිය ආරම්භ කරන සජිත ඇන්තනී මෑත කාලයේ කා අතරත් ජනප්‍රියට පත් වන්නේ ‘සරා’ නමිනි.ඒ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ලෙස ඔහු දක්වන්නාවූ අපිරිමිත කැපවීම හා සාධාරණත්වය නිසාමයි.

ඉතින් පසුගියදා පැවති රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට එක්වන සජිත ඇන්තනී සිය ජීවිතයේ සිදු වූ කටුක සහ සුමිහිරි අත්දැකීම් පිළිබඳව කතාබහක නිරත වුණේ මේ ලෙසින්. මායි බුවීයි යාලුවෙලා ඉන්න කාලේ එයා එක කාලෙක පිටරට යනවා.එතකොට එයා මට තියෙන ආදරේ නිසාම මාව මතක් වෙන්න කියලා මං ඇදගෙන ආපු ෂර්ට් එක ඉල්ලනවා.මම අහනව ඔයාට මේ ෂර්ට් එක ඕනිමද කියලා.ඊට පස්සේ එයා කියනවා මට ඔයාව මතක් වෙන්න ඔයාගෙ සුවඳ දැනෙන්න මට ඒක ඕනෙමයි කියලා.මං ඊට පස්සේ ෂර්ට් එක එයාට දෙනවා හැබැයි එයා දන්නෑ මේ ෂර්ට් එක පිටිපස්සේ තියෙන කතාව.ඇත්තටම ෂර්ට් එක මගේ එකක් නෙවෙයි.ඒක ඉරේෂ්ගේ ෂර්ට් එකක්.ගෑනු ළමයව බලන්න යද්දි ලස්සනට යන්න ඕන නිසා මම ඒක හදිසියට ඇඳ ගත්තා.බුවී ඒක ඉල්ලුවාම මට නොදී ඉන්නත් බෑ.ඊට පස්සේ බුවී ඒක නිතර නිතර ඇඳලා මට වීඩියෝ කෝල් ගන්නවා.සමහර දාට එයා නිදාගන්නෙත් ඒක කොට්ටෙට දාලා.ඇත්තටම මට ඒක දකිද්දී වේදනාවක් තමා ඇති වුණේ.ඒ වගේම පොඩි ලැජ්ජාවක් යනුවෙන්

“ඒ වගේම මට මේ දේත් කියන්නම ඕනි.බුවීව හම්බ වෙන්න යන මුල්ම දවසේ එයාට දෙන්න කියල රත්තරන් බ්‍රේස්ලට් එකක් මට දුන්නේ මගෙ අයියගෙ වයිෆ් එමී අක්කා.ඒක ඇත්තටම එයාගේ පරම්පරාවෙන් එයාට ලැබිච්ච දෙයක්.එච්චර වටින දෙයක් මට දෙන්න තරම් එයා කොච්චර ත්‍යාගශීලී වෙන්න ඕනෙද.ඇත්තටම එමී අක්ක කියන්නෙ හරිම සුන්දර ගැහැනියක්.” එවිට නිවේදකයා විසින් විමසූ පැනයකට පිළිතුරු වශයෙන් ඔහු සිනාසෙමින් පැවසුවේ මෙවන් දෙයක්. “බලාගෙන යනකොට මම බුවීට දීලා තියෙන්නෙම අනුන් දීපු දේවල්.හැබැයි එයාට දාපු මඟුල් මුද්ද නම් ඇත්තටම මං අරන් දීපු එකක්” යනුවෙන්. ඉතින් සජිත ඇන්තනී කියලා කියන්නේ නවක පරපුරේ බිහිවූ ඉතාමත් විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක්.ඒ වගේම ඔහු මේ වන විට ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරනවා.ඔහු පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට පහත වීඩියෝ එකෙන් ඔබට පුළුවන් වෙයි.ඉතින් ඔහුගේ සියලුම ඉදිරි වැඩ වැඩ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ගමන්ම නව නිර්මාණ රැසකින් අප හමුවීමට ඉඩ ලැබේවායි ද ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25