Rata Wasiya

Rata Wasiya Blog

මගෙන් ඈත් වෙලා හිටියා නම් තාත්තට මේ දේ නොවෙන්න තිබුනා සජිත් පෙරේරා

සංගීත ලොවෙහි නොමැකෙන සටහනක් සනිටුහන් කල ආදරණීය දක්ෂ කලාකරුවෙකුවන සුනිල් පෙරේරා මහතා මීට දින කීපයකට පෙරාතුව අප අතරින් සදහටම සමුගත්තේ ලංකාවාසි සියල්ලෝම සංවේගී කරමින්.ඔහු සංගීත ඉතිහාසයේ විප්ලවීය වෙනසක් ඇති කරන ලද හරි අපූරු කලාවේදියෙක්.නව පරපුරේ තරුණ ගායක ගායිකාවන්ට නිබඳවම සිය උපකාරය සහ ශක්තිය ලබා දුන් මේ ආදරණීය සහෘදයානන්ව මේ රුදුරු වසංගතය ඩැහැ ගත්තේ මුළු රටම කඳුළු සාගරයක ගිල්වමින්. සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන පීටිකාවේද විප්ලවීය වෙනසක් ඇති කිරීමට නිබඳව වෙහෙස මහන්සි වූ සුනිල් පෙරේරයානන්ගේ වියෝව දරාගත නොහැකිව සුසුම් හෙලන ඔහුගේ ආදරණීය පුත් සජිත් පෙරේරා සිය පියාණන් පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

“ඇත්තටම මට මේ වෙලාවේ කතා කරගන්න අමාරුයි.ගිය අගෝස්තු 25 වැනිදා තාත්තා ඉතාම හොඳ මට්ටමෙන් හිටියා.ඒ නිසා තමයි අපි ඔහු ගෙදර එක්කගෙන ආවෙත්.තාත්තා සනීප වෙලා ගෙදර ඇවිත් ඉංග්‍රීසි සිංදුවකුත් ගායනා කළා.එතකොටත් තාත්තගේ කටහඬේ වෙනසක් තිබුණේ නැහැ.සතියක් වගේ ගෙදර ඉදලා එකපාරටම තාත්තට පෙණහලු ආශ්‍රිතව අපහසුතාවක් ඇති වූ නිසා ඉක්මනටම රෝහල්ගත කලා.එයින් ඇතිවුණු නිව්මෝනියා තත්ත්වය නිසා තමයි තාත්තා මිය ගිහින් තියෙන්නේ.”තාත්තට හුස්ම ගන්න අපහසු කමක් මතුපිටින් පෙනෙන්න තිබුණේ නැහැ.ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවී දෙතුන්පාරක්ම ඔක්සිජන් දෙන්න වුණා.ඒත් තාත්තා හොඳ තත්ත්වයෙන් සිටියා.”ගෙදර මට තමයි මුලින්ම හැදුනේ.මොකද මම තමයි හැමදේටම වගේ ගෙදරින් එළියට යන්නේ.ඒත් අපේ ගෙදර හැමෝම ඉතාම පරිස්සමෙන් තමයි හිටියෙ.ඒත් පුංචි අතපසුවීම් වෙනවනෙ.ඒ වෙලාවකදි තමයි මට මේක බෝ වෙන්න ඇත්තෙ.මගේ දරුවෝ දෙන්නටත් මේ රෝගය බෝ උනා

“තාත්තා සනීප වෙන්න කලින් වොයිස් රෙකෝඩ් ගොඩක් ගෙදර ඉඳන් කළා.තාත්තයි මමයි තමයි ගොඩක් වෙලාවට ඒ වැඩ කටයුතු කළේ.තාත්තට මගෙන් තමයි මේ රෝගය බෝ වෙන්න ඇත්තේ.තාත්තා මගෙන් ඈත් වෙලා හිටිය නං හිටියා නම් මේ දේ වෙන්නේ නෑ.ඒක මතක් වෙද්දිත් මට දරා ගන්න බෑ.”තාත්තා නිතරම සතුටින් තමයි හිටියෙ.එයා කිසිම වෙලාවක ජීවිතය ගැන ලොකු බරක් ඔළුවට ගත්තෙ නැහැ.පුළුවන් හැම කෙනාටම පුළුවන් විදිහට උදව් කළා.තාත්තගේ අතින් මොන තරම් අඩුපාඩු සිදුවුනත් ඒවා පරයායන හොඳ ගතිගුණ තාත්ත ළඟ තිබුණා.තාත්තා අපි ලඟ නෑ කියලා අදටත් විශ්වාස කරන්න අමාරුයි ” කියලා තමයි ඉතාම සංවේදීව ඔහු පවසා සිටියේ සුනිල් පෙරේරා නම් අසහාය කලාකරුවානන් ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙය අතිමහත්.ඔහු අප අතරෙන් නික්මූ විට ඔහු නොමැති හිස්තැන පිරවීමට කිසිවකුත් නොමැතිවග දැනෙනවිට හදවත පුරා දිවයන්නේ කියාගත නොහැකි සංවේගයකි.ආදරණීය කලාකරුවානනි, ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!