Rata Wasiya

Rata Wasiya Blog

මට තාම හරි ආදරයක් ලැබුණේ නෑ.ඒ නිසා මං තාම තනිකඩයි පියුමි බොතේජු 21 photos

පියුමි බොතේජු කියන්නේ අපි කවුරුත් ආදරය කරන ඉතාමත්ම දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.ඇයට ලැබෙන ඕනෑම චරිතයක් නොපැකිලව රඟ දැක්වීමට සමත් පියුමි, දරුවන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දියණියයි.ඉතින් මේ කටකාර රුවැත්තිය බොහෝවිට රිදී තිරයේ සහ පුංචි තිරයේ අපට දක්නට ලැබෙන්නේ ප්‍රහසන චරිතයන් ඔස්සේයි.නමුත් මෑතක දී රූගත කළ සඳරුවන් ජයවික්‍රම මහතාගේ ටෙලි නාට්‍යයකට ඇය රංගනයෙන් දායක වන්නේ හාස්‍යයෙන් මිදුන චරිතයක් ලෙසයි.තමාට ලැබෙන චරිත වලට මහත්වූ සාධාරණයක් ඉෂ්ඨ කරන මේ අපූරු රංගන ශිල්පිනිය පසුගියදා පැවති පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇගේ ජීවිත ගමනේදී ඇය ලැබූ අත්දැකීම් පිළිබඳව රසිකයන් සමග බෙදා ගත්තේ මේ අයුරින්.

“ඇත්තටම මම ආපු ගමන ගැන ගත්තොත් මං ගැන ආඩම්බර වෙන්න පුළුවන් තැනක මං අද ඉන්නවා.මොකද මට රංගනයෙන් දායක වෙන්න ගොඩක් වෙලාවට ලැබෙන්නේ කොමඩි චරිත.ඉතින් කෙනෙක්ව හාස්‍යයට ලක් කරන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි.නමුත් ඒ දේ මං හරියාකාරව කරන නිසා තමයි මං ඒ චරිත වලට ගොඩක් වෙලාවට කොටු වෙලා තියෙන්නෙ.නමුත් මෑතකදී රූගත කළ ටෙලි නාට්‍යයක සීරියස් චරිතයක් විදිහට රඟපාන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.ඉතිං එකිනෙකට වෙනස් වූ චරිත කරන්න ලැබීම මගේ වාසනාවක් හැටියට තමයි මම දකින්නේ.” මං වෙනදට උපන් දිනය සමරන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් එක්ක.නමුත් මේ වසංගතය නිසා මේ පාර මට ඒ දේ කරන්න බැරි වුණා.ඒ නිසා මං ඒ වෙනුවෙන් මුළු රටටම සෙත් පතල පත්තිනි මෑණියන්ට කිරි දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා

“ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මං සුදු උනේ injection ගහලා ද කියලා.ඇත්තටම පොඩි කාලේ මං ගොඩක් සුදු කෙනෙක්.පාසල් යන අවධියේදී විවිධ ක්‍රීඩා කටයුතුවලට සහභාගි වෙච්ච නිසා මගේ හමේ පැහැය වෙනස් වුණා.මම විතරක් නෙමෙයි ඕන කෙනෙක් ඉස්කෝලේ යන කාලේ එහෙම තමයි.දැන් නැවත මගේ හමේ පාට ඉස්මතු වෙලා තියෙනවා.clean up එකක් එහෙම කරලා මගේ හමේ පාට රැකගන්න උත්සහ කරනවා.එච්චරයි.ඉන්ජෙක්ෂන් ගහලා සුදු වුණු අයගේ තියෙන්නෙ කෘතිම පැහැයක්” යනුවෙන්.ඉන්පසු ඇයගෙන් ආදරය සහ විවාහය ගැන ඇය දකින ආකාරය පිළිබඳව විමසූ විට දැක්වූයේ මෙවන් අදහසක්.

“මං ආදරේ නිසා බැට කාපු කෙනෙක්.මං කැමැති ආදරය මට ලැබුණේ නෑ.ඒ නිසා මං අදටත් තනිකඩයි.විවාහය කියන්නේ කාන්තාවකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.විවාහ වෙලා සතුටින් සැනසීමෙන් ඉන්න කාන්තාවන්ට වඩා විවාහය නිසා පීඩනයෙන් ඉන්න කාන්තාවන් වැඩි කියලා කියල තමයි මම හිතන්නෙ.විවාහ ජීවිතය තුළ සැනසීමක් නැත්නම් මං හිතන්නේ විවාහ වෙන එක තේරුමක් නෑ කියලා” යනුවෙන් තමයි අවසාන වශයෙන් ඈ පවසා සිටියේ. පියුමි බොතේජු කියලා කියන්නේ ඇත්තටම රංගන ක්ෂේත්‍රයට ඉතා විශාල සේවයක් කරන ආදරණීය රංගන ශිල්පිනියක්.ඉතිං ඇයගේ රංගන කටයුතු සාර්ථක වේවායි පතන ගමන්ම විශිෂ්ට ගණයේ කලා නිර්මාණ රැසකින් අප හමුවීමට ලැබේවා යි ද ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21