Rata Wasiya

Rata Wasiya Blog

මට පන්සලක සිවුරු හොරකම් කරලා ජීවත් වෙන්න ඕනේ නෑ – දමිත් අසංක

ගායකයෝ වෙන්න හැමෝටම පුලුවන් උනාට රසිකයාගේ හදවතේ ගායකයෙක් වෙන්න හැම ගායකයෙක්ටම බෑ.දමිත් අසංක කියලා කියන්නේ එදා මෙදා තුර තවමත් රසිකයන්ගේ හදවතේ ගායකයා වීම ඇත්තෙන්ම සුවිශේෂී කරුණක්.ඔහු ගායනා කරන ලද සෑම ගීතයක්ම පාහේ රසිකයන්ගේ අතිශය ජනාදරයට ලක් වන්නේ ඔහුගේ හඬෙහි වූ අද්විතීය රසාත්මක බව නිසාමයි.කෙතරම් පැරණි වුවත් අදටත් තරුණ තරුණියන් උමතුවෙන් මෙන් ඔහුගේ ගීත ශ්‍රවණය කරනවා මෙන්ම ගායනා කරනවා.පසුගිය දිනවලදී ඔහු සම්බන්ධව අපට අසන්නට ලැබුණේ එතරම් සුභ ආරංචි නම් නොවේ.පසුගිය කාලය තුළ ඔහු එක්තරා අසනීප තත්ත්වයකින් පෙළෙනවා යැයි ලංකාව පුරා කතාබහකට ලක්වුණා.ඉතින් එහි ඇත්ත නැත්ත සොයා අප ඔහුත් සමඟ කතාබහක නිරතවන්න සිතුවා.ඔහු සිය කතාවට ආරම්භය ගත්තේ මේ අයුරින්.

“ඇත්තටම ගීත ගායනය කියන දේ මට උපතින් ලැබුණු හැකියාවක්.මගේ අම්මා තාත්තාත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන් අය.මගේ හැකියාව අඳුරගෙන මාව මේ තැනට ගේන්න වැඩිම සහයෝගයක් ලබා දුන්නෙ මගේ පාසලේ ගුරුවරු.අද මං තැනක ඉන්නව නම් ඒ සියලුම ගෞරවය හිමි වෙන්න ඕනි ඒ ගුරුවරුන්ට.අද වෙනකොට මගේ ගීත අහන්න බොහෝ රසික පිරිසක් ඉන්නවා.එයාලගෙන් මට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

පසුගිය කාලය තුළ මට කරදර ගොඩකට මුහුණ දෙන්න සිදුවුණා.බොහෝ දෙනා මං ගැන කතා කළා.නමුත් ඒ කතාවලින් කතා වලින් බාගෙට බාගයක් බොරු.ගොඩක් අය කතා හැදුවේ රැල්ලට.අපේ පුද්ගලික ජීවිතේ විනාස වන එක දෙයක් තමයි මේ කතන්දර.පසුගිය කාලය තුළ එක්තරා කතාවක් ගියා මම සිවුරක් හොරකම් කළා කියලා.මම සිවුරක් දාගෙන හිටිය එක ඇත්ත.නමුත් මම කවදාවත් හොරකම් කරනවා වගේ පහත් වැඩ කරන කෙනෙක් නෙවෙයි.මම ඒ සිවුර ගෙනාවෙ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතිව.මට කියන්න දුකයි මගෙම නෑදෑයො කට්ටියක් මම එක්තරා මානසික රෝගයකින් පෙළෙනවා කියලා මාව නීතියේ රැහැනට කොටු කර දුන්නා.මට මානසික රෝගයක් තියෙනවා නම් මාව ගෙනියන්න ඕනි එතැනට නෙවෙයි.වෛද්‍යවරයෙක් ගාවට තමයි මාව ගෙනියන්න ඕනි.මාව පැය ගණන් තියලා ප්‍රශ්න කළා මට මානසික ලෙඩක් කියලා.මම සාමාන්‍යයෙන් බුදු දහමත් එක්ක ජීවත් වෙන කෙනෙක්.මම අදහන දෙයක් තමයි කවදහරි සත්‍ය ජය ගන්නවා කියන එක.මම නිර්දෝෂී කෙනෙක්.පන්සලක සිවුරු හොරකම් කරලා ජීවත් වෙන්න ඇත්තටම මට වුවමනාවක් නැහැ.

පසුගිය කාලය තුළ වෙච්ච සිදුවීම් පිළිබඳව මට තියෙන්නෙ ඇත්තටම කළකිරීමක්.මම දන්නෑ මම මානසික රෝගයකින් පෙළෙනවා ද නැද්ද කියන එක.නමුත් මම තාම හිටපු දමිත්ම තමයි.මං කා එක්කවත් තරහ නැහැ.මම දෙපාරක් විවාහ වුණු කෙනෙක්.මගේ දරුවෝ තුන්දෙනත් එක්ක මං අද ඉතාමත්ම හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා.මිනිස්සුන්ට කටකතාවක් හදන්න යන්නේ ඉතාම පොඩි කාලයක්.එයාල කටකතා හදන්නේ ඇත්තම කතාව දැනගෙන නෙවෙයි.සමාජය ගැන ලොකු කළකිරීමක් තමයි මට තියෙන්නේ.අපේ පෞද්ගලික ජීවිතයට වඩා අපේ නිර්මාණ තමයි රසිකයන් අගය කරන්න ඕනේ.මම දකින්නේ ඒ විදිහට.” කියලා තමයි ඔහු පවසා සිටියේ.

දමිත් අසංක කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සංගීත යුගයේ බිහි වුණු රසිකයන්ගේ හදවත සොරාගත් අසහාය ගායන ශිල්පියෙක්.ඉතින් ඔහුගේ සියලුම වැඩ කටයුතු ඔහු සිතන ආකාරයෙන් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.