Rata Wasiya

Rata Wasiya Blog

මනීෂා චංචලා ඇත්තටම පළමු විවාහයෙන් වෙන් වෙලා ද? 24 photos

මනිෂා චංචලා කියන්නේ අපි කවුරුත් දන්න යොවුන් පරපුරේ ආදරණීය කලාකාරිනියක්.ඇය මේ දවස් වල වැඩිපුරම ජනප්‍රියට පත් වන්නේ සිඳූ ටෙලි නාට්‍යයේ චරිතයක්වන “තෙරුනි” යන නමින්.දෙරණ ලිට්ල් ස්ටාර් රියැලිටි ගායන වැඩසටහන ඔස්සේ සිය ගීත කෞශල්‍යය ගෙනහැර පාමින් කලා දිවියට පිවිසෙන ඇය අද වන විට සිය රංගන හැකියාව ද ඔප් නංවමින් රසික හදවත් තුළ ලැගුම් ගෙන හමාරයි. පසුගිය දිනක ඇය පිළිබඳව අමුතු කටකතාවක් රැගත් වීඩියෝවක් ඉතා ශීඝ්‍ර ලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගියා.ඒත් සමගම ඡායාරූප කිහිපයක් ද එම වීඩියෝවේ අන්තර්ගත වුණා.එම කට කතාව වූයේ ඇය මින් පෙර විවාහ වී ඇති බවත් අද වන විට එම විවාහයෙන් වෙන් වී නැවතත් විවාහ ගිවිසගෙන ඇති බවත්ය. ඉතින් මේ පිළිබඳව දැනගත් ඇය සිය ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේ පළ කර ඇත්තේ මෙවන් වූ සටහනක්.

“මට ඇත්තටම ආදරය කරන අයගේ දැනගැනීමටයි මං මේ ලියන්නේ.මං ගැන මම වත් නොදන්න සමහර දේවල් social media වලින් මම දැනගෙන තියෙනවා.ඒවා මට අලුත් දේවල් නෙවෙයි.ඒ දේවල් වලට මම කිසිම දාක ප්‍රතිචාරයක් දක්වන්නට උත්සාහ නොකළේ ඒ කිසිම දෙයක් මට අදාළ වන දේවල් නෙවෙයි කියලා මම විශ්වාස කරපු නිසා. මම අද කතා කරන්න තීරණය කළේ මගේ පවුල සහ ආදරණීයන් මේ ගොසිප් එක නිසා මානසිකව වැටෙනවා බලන් ඉන්න බැරි නිසා  විවාහයකින් වෙන් වෙන්න මම තවම විවාහ වෙලා නෑ.හැබැයි මට විවාහ වෙන්න කෙනෙක් ඉන්න නිසා අපි තීරණය කරන හොඳම දවසෙ අපි විවාහ වෙනවා ගොසිප්වලට මට කිසිම දවසක ප්‍රතිචාර නොදැක්වූවත් මේක ගැන ලිව්වෙ අපි දිගටම නිහඬව හිටියාම එක දිගට පැතිරෙන බොරු පවා සමහර අයට ඇත්ත බව පෙන්නන්න පුළුවන් නිසා.සමාජයේ සමහර අය ඒ තරම් පිරිහිලා නිසා.දැන් එයාලා කරගෙන ගියාදෙන්.මොකද අපිට ඒ දේවල් නවත්තන්න බෑ.නමුත් කමක් නැහැ”යනුවෙන්

ඉතින් මේ කතාවේ ඇත්ත නැත්ත මොකක් වුනත් මනීෂා චංචලා කියන්නේ අපි කවුරුත් ආදරය කරන නිහතමානී යොවුන් කලා ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම ඉදිරි වැඩ වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන අතරම නව නිර්මාණ රැසකින් රසික හදවත් ආමන්ත්‍රණය කිරීමට හැකි වේවා යි ද ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24