Rata Wasiya

Rata Wasiya Blog

ඉස්සර වගේ ප්‍රමිතියෙන් තොර නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ නෑ

අනුජ් රණසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඔස්සේ රංගනයට පිවිසි කලා ක්ෂේත්රයේ සිටින ඉතාම කඩවසම් රංගන ශිල්පියෙක්.ඔහුගේ කඩවසම් පෙනුම නිසාම ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් වැඩිම ප්‍රතිචාර ප්‍රමාණයක් හිමි වන්නේ තරුණියන්ගෙන්ය.ඒ තරමටම රසික ආකර්ෂණය දිනාගත් ඔහු මෝස්තර නිරූපණකරණය ඔස්සේ බොහෝ විලාසිතාවන් ශ්‍රී ලාංකීය විලාසිතා ක්ෂේත්‍රයට හදුන්වා දුන්නා.රංගනය සඳහා ද ආරාධනය ඔහුට ලැබුණේ නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේයි.ඉතින් අද අපි කතා කරන්න යන්නේ නිරූපණයන් කලා ලොව ජයගත් ඒ අපූරු අපූරු රංගන ශිල්පියා පිළිබඳවයි.ඉතින් ඔහු එක් වූ එක්තරා මාදු සාකච්ඡාවක දී ඔහු පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.මම දකින විදියට නළුකම කියලා කියන්නේ ජනප්‍රිය වෙන එකම නෙමෙයි.නළුවෙක්ගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ ජනප්‍රියත්වය පමණක් මත පදනම් වෙලා නෙවෙයි.ඔහුට ඒ සඳහා දක්ෂතාවයත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.මම ඉස්සර හිතාගෙන හිටියේ නළුකම කියලා කියන්නේ ජනප්‍රිය වෙන එක කියලා.නමුත් කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටියා ම තමයි තේරුනේ නළුවෙක් විදියට තමන්ට ලැබෙන චරිත වලට සාධාරණය ඉෂ්ට කර රඟපාන එක තමයි නියම නළුකම කියලා.ඒ නිසා ජනප්‍රියවන හැම පුද්ගලයෙක්ම නළුවෙක් කියලා අපිට හිතන්න බෑ.

මම මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ නිරූපණය හරහා.හැබැයි මම දැන් රංගනයට යොමු වෙලා තියෙන නිසා මෝස්තර නිරූපණයකරණයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ.හැබැයි සම්පූර්ණයෙන්ම අයින් වෙලා නැහැ.ප්‍රමිතිගත නිර්මාණ වලට අනිවාර්යෙන්ම මම සම්බන්ධ වෙනවා.ප්‍රමිතියෙන් තොර නිර්මාණ වලට සම්බන්ධ වන්නේ නැහැ කියන තීරණය අරගෙන තමයි ඉන්නේ.මම 2015 වර්ෂයේ දී තමයි මගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ.ඊට පස්සේ මට කලාව පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගන්න හැකියාව ලැබුණා.මෙච්චර කාලෙකට මට හිමි වුන හැම චරිතයක්ම වගේ ප්‍රේමවන්තයන්ගේ චරිත.නමුත් මට එක් වෙලාවක හිතුනා යම්කිසි වෙනස් දෙයක් කරන්න.සේද මාවත කියලා කියන්නේ ඒ වගේ මගේ හැකියාව වෙනස් පැතිකඩකින් පෙන්නන්න පුළුවන් වුණ නිර්මාණයක්.

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්.හැම මනුස්සයෙක්ටම ආදරේ විඳින්න ඕනේ.ඉතිං මමත් ඒ වගේ ආදරය විදින මනුස්සයෙක් .එයා කලා ක්ෂේත්‍රයට නම් සම්බන්ධ නෑ. එයා ගුවන් සේවිකාවක් විදිහට තමයි සේවය කරන්නේ.ඇත්තටම ආදරය කියන දේ තේරුම් ගන්න පුළුවන් දෙන්නට දෙන්න අවබෝධයෙන් තමන්ගේ ගමන යද්දි.ඒක හරි සුන්දර අත්දැකීමක්.” කියලා තමයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.අනුජ් රණසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වනවා.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම නව නිර්මාණ රැසක් ඔස්සේ ඔහුගේ දක්ෂතා එළිදැක්වීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7