Rata Wasiya

Rata Wasiya Blog

මේ ගෙවුණු අවුරුදු 7ට අපි කවදාවත් මෙහෙකාරයන්ගෙ සේවය ලබාගෙන නෑ photos

රොෂාන් රණවක කියලා කියන්නේ කෙතරම් කඩවසම් රංගන ශිල්පීන් ක්ෂේත්‍රයට එක් වුවද එදා සිට අද දක්වා තරුණියන්ගේ සිත් ඇද බැඳ තබා ගත් රිදී තිරයේ සිහින කුමරා යි.ඒ තරමටම ඔහුගේ කඩවසම් බව නිසාත් ඔහුගේ රංගන කුසලතාවය නිසාත් නිහතමානී ගති පැවතුම් නිසාත් තරුණ තරුණියන් අතර පමණක් නොව ලොකු කුඩා කාගේත් සිත් ගත් අපූරු රංගන ශිල්පියෙක් තමයි රොෂාන් කියන්නේ.ඔහු රංගනයෙන් දායක වූ සියලුම සිනමාපට මෙන්ම ටෙලි නාට්‍යය ද ජනතා ආකර්ෂණය නිබඳවම දිනා ගන්නේ ඒ නිසයි.මේ වන විට ඔහු විවාහ වී සිටින අතර ආදරණීය පුතෙක්ගේ පියෙකුද වනවා.පසුගිය දිනවල දී ඔහු පිළිබඳව වැඩිවශයෙන් කථාබහට ලක්වුණේ ඔවුන්ගේ විවාහ සංවත්සරය සහ පුංචි පුතණුවන්ගේ උපන්දින උත්සවය හේතුවෙන්.ඉතිං අද ඔහුත් සමග අපි කතා කරන්න සිතුවා.ඉතින් ඔහු ඔහුගේ කතාවට මූලාරම්භය ගත්තේ මේ අයුරින්.

“ඇත්තටම සිනමාව කියල කියන්නෙ මගේ ජීවිතයේ අලුත් හැරවුම් ලක්ෂයක් පෙන්නපු පැතිකඩක්.මේ දවස් වල නම් සනීපෙන් පරිස්සමෙන් අපි තුන්දෙනා ඉන්නවා.මේ මාසේ මැද ඉඳන් මම සිනමා පටයකට රංගන දායකත්වය දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ වගේම මේ වන විට රූගත කිරීම් නතර වුනු නිර්මාණ වලටත් ඉක්මනින්ම රංගන දායකත්වය දීමට බලාගෙන ඉන්නවා.

අපිට ෂූටිං නැති වුණාට මම නම් ඇත්තටම කාර්යබහුල කෙනෙක්.මොකද මම මගේ ගෙවත්ත ගැන හරිම උනන්දු කෙනෙක්.මම නිතරම උත්සාහ කරන්නේ මම ජීවත් වන තැන නිස්කලංකව ලස්සනට තියාගන්න.ඉතිං ඒ සඳහා කුෂ්ලානිත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.අපේ විවාහ සංවත්සරය මේ ලඟදි තිබුණා .අපි ඒක ඉතාම චාම් විදිහට සැමරුවා.අපි දෙන්න කවදාවත් අපේ විවාහ සංවත්සරයට දෙන්නට දෙන්න තෑගි හුවමාරු කරගෙන නැහැ.ඒ වෙනුවට අපි නිස්කලංක තැනක අපේ දවස ගත කරනවා.මේ පාර නම් මේ වසංගතයක් එක්ක අපිට ලොකු දෙයක් කරන්න බැරි වුණා.ඒ නිසා ෂැංග්‍රිලා හෝටලයේ අපි අපේ දවස ගත කළා.


ඒ වගේම අපේ පුතාගේ උපන් දින උත්සවයත් ඒ වගේ චාම් විදියට තමයි සැමරුවේ.මමයි කුෂ්ලානියි අම්මයි එකතු වෙලා ගේ සරසලා කේක් එකක් කපල පුංචියට පාර්ටි එකක් ගත්තා මතක සැමරුමක් විදිහට.අපි අපේ දරුවා ගැනත් හරිම සැලකිල්ලෙන් තමයි ඉන්නේ.මේ ලඟදි එයාට සෙල්ලම් කරන්න කියලා ගෙයි උඩ තට්ටුවෙ ඉඩ තිබෙන ස්ථානයක play room එකක් හැදුවා.ඒකෙ පුතාට අවශ්‍ය කරන හැම සෙල්ලම් බඩුවක්ම තියෙනවා.මම පුංචි කාලේ පාවිච්චි කරපු සෙල්ලම් බඩු පවා එතන තියෙනවා.කවදහරි පුතාගේ කාමරය වෙන්නෙත් ඒක තමයි.

අපේ ගෙදර වැඩ කටයුතු අපි කට්ටියත් එක්ක හරිම සහයෝගයෙන් තමයි සිදු කර ගන්නේ.මේ ගෙවුණු අවුරුදු 07 ට අපි කවදාවත් මෙහෙකාරයෙක්ගේ සේවය අරගෙන නැහැ.උයන පිහන වැඩ ගෙවල් අස් කිරීම් වගේ දේවල් මායි කුෂ්ලානියි අම්මයි තමයි සහයෝගයෙන් බෙදාගෙන කරගන්නෙ.මං හිතනවා මගේ ජීවිතේට මගේ අදහස්ම තියන සහකාරියක් ලැබීම මගේ වාසනාවක් කියලා.

මගේ පුතා ඉදිරියේදී කවුරු වෙයිද කියන එක ගැන අපි තාම තීරණය කරලා නැහැ.මොකද අපි එයාට සියලුම නිදහස ලබාදෙනවා ඒ දේ තෝරා ගන්න.මොන දේටත් වඩා අපිට වටින්නෙ එයා සමාජයේ හොඳ ගුණගරුක පුරවැසියෙක් වීම තමයි.” කියලා තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ පුංචි කැදැල්ල හැමදාම සතුටින් පිරී ඉතිරී යන්නට සුබ පතන අතර ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.