Rata Wasiya

Rata Wasiya Blog

වර්තමාන ටෙලිනාට්‍ය කියන්නෙම මහා දුකක් ඒ නිසා ලංකාවෙන් ගිහින් ජොලියෙ ඉන්නවා

දසුන් පතිරණ කිව්වම අපට එකපාරටම මතකයට නැගෙන්නෙ චිත්‍රපට සමූහයක් සහ ටෙලිනාට්‍ය සමූහයක්.ඒ තරමටම ප්‍රේක්ෂක හදවතේ නොමැකෙන සටහන් තැබූ මෑත කාලයේ බිහිවූ තරුණ පරපුරේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ.“මෝටර් බයිසිකල් , හුස්ම, සයපෙති කුසුම” වැනි සිනමාවන් ඔස්සේත් “ගිරි දේවි, තණමල්විල කොල්ලෙක් , අඩෝ” ආදී ටෙලි නාට්‍ය ඔස්සේත් රසික හදවත් තුළට ඉතා පහසුවෙන් ලගා වන්නට දසුන් පතිරණට හැකි වූයේ සැබැවින්ම ඔහුගේ දක්ෂතාවය නිසාමයි.කෙසේ නමුත් ලංකාවේ සම්ප්‍රදායට එහා ගිය සංස්කෘතියක් අනුගමනය කළ ඔහු විවාහ වූයේ දියණියන් දෙදෙනකුගේ පියා වීමෙන් අනතුරුවයි.නමුත් පසු කාලීනව දරුවන් දෙදෙනෙක් සිටින මවක් විවාහ කරගත්තා යැයි ආන්දෝලනාත්මක කටකතා සමූහයක් ඔහු වටා ගෙතුනා.නමුත් එම එම කටකතාවල කිසිදු සත්‍යයක් නොමැති වග ඔහු ප්‍රකාශ කර සිටියා.

මගේ රංගන ජීවිතය පිළිබඳව කතා කළොත් මම සාමාන්‍යයෙන් අවුරුද්දකට එක නිර්මාණයක් හෝ දෙකක් පමණයි බාර ගන්නේ.මොකද ලැබෙන හැම නිර්මාණයක්ම මම භාර ගන්නේ නැහැ.කොටින්ම කියනවා නම් මෙගා රැල්ලෙ නිර්මාණ වලට මම කොහොමටවත්ම දායක වෙන්නේ නෑ.නළුවෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ යමක්කමක් සිදුකරගන්න ටිකක් අමාරුයි.වර්තමාන ටෙලිනාට්‍ය කියන්නෙම මහා දුකක්.නිර්මාණයක් කරලා ඒකට සරිලන සාධාරණ මුදලක් අපිට ලැබෙන්නෙ නැහැ.සාමාන්‍යයෙන් යූ ටියුබ් වලින් නාලිකා බොහොමයක් මුදල් උපයනවා.අඩුම ගානේ ඒවායින් කොටසක් වත් අපිට ලැබෙන්නේ නැහැ.

ලංකාවේ දේශපාලනය ගැන තියෙන්නෙත් ලොකු කළකිරීමක්.මොකද ලංකාවෙ ඉන්න දේශපාලනඥයො මේ රට හූරගෙන කාලා අහිංසක මනුස්සයට යන එන මං නැති කරලා තියෙන්නේ.බඩු මිල ඉහළ ගිය නිසා මිනිසුන්ට ඒ දේවල් දරාගන්න බැරිව ඉන්න මොහොතක අපිට අපේ ෆිල්ම් බලන්න කියලා කටක් ඇරලා කියන්න බැහැ.ඒ නිසා හැම දේම ගැන හිතලා අපි තීරණය කළා පිටරට යන්න.මගේ බිරිඳට ස්වීඩනයේ පදිංචිය තියෙන නිසා අපේ ලබන අවුරුද්දෙ අප්‍රේල් විතර විදෙස්ගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.

කෙසේ නමුත් දසුන් පතිරණ කියලා කියන්නේ වර්තමානයේ වන විට රටේ ම ආදරයේ දිනාගත් චරිතයක්.මොකද ඔහු කලාවට උපරිම සේවයක් සිදු කර ගනිමින් තමයි ඔහුගේ ජීවිතය ගත කරන්නේ.ඉතින් ඔහුගේ ආදරණීය පවුල් ජීවිතයට සුබ පතන අතර ම ඔහුගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.