Rata Wasiya

Rata Wasiya Blog

විජය වෙනුවෙන් මම මගේ මුළු ජීවිතයම කැප කළා දේවිකා මිහිරාණි photos

විජය නන්දසිරි කියල කියන්නේ කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතකයක් ඉතිරිකර අප අතරින් සමුගත් අද්විතීය රංගධරයෙක්.ගතින් ඔහු අප අතර නොමැති වුවද ඔහුගේ හඬ සහ ඔහුගේ රුව නිරන්තරයෙන්ම අප සමඟ රැඳී පවතින්නේ ඔහුට තිබූ සැබෑම ප්‍රේක්ෂක දයාව නිසාමයි.වසර ගණනාවක් මුළුල්ලේ කලා ක්ෂේත්‍රයේ රැඳී සිටි විජය නන්දසිරි නම් කලාකරුවානන් රංගනයෙන් දායක වූ නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයන්ගේ මුවගට සිනහවක් ගෙන දෙන්නේ ඔහුගේ වූ ප්‍රහසනය සඳහා වූ සුවිශේෂී දක්ෂ කම නිසාමයි.ඔහු අපෙන් සමු අරන් මේ වන විට අවුරුදු පහක් ගත වෙනවා.නමුත් ඔහු නොමැති ඒ හැඟීම අද ඊයේ වූවාක් මෙන් අපට දැනෙන්නේ මුලු හදවතම සංවේදී කරමින්.එය ප්‍රේක්ෂකයන් වන අපට පමණක් නොව ඔහුගේ ආදරණීය බිරිඳ වන දේවිකා මිහිරාණිටද එලෙසම දැනෙන බවට තවමත් ඇයගේ නෙතු අග රැඳී කඳුළු සාක්ෂි දරයි.ඉතින් අද අපි කතා කරන්න යන්නේ විජය නන්දසිරි නම් අපූරු රංගධරයාගේ ආදරණීය බිරිඳ වන දේවිකා මිහිරානි මහත්මිය සමඟයි.ඇය ඇගේ කතාවට මූලාරම්භය ගත්තේ මෙලෙසයි.

“ඇත්තටම මට තාම හිතාගන්න බැහැ විජය නැතුව අවුරුදු පහක් මම ගතකළා කියලවත්.ඇත්තටම අපිට කාලය යනවා තේරෙන්නේ නැහැ.එය අපෙන් ගතින් ඈත් වෙලා තමයි නමුත් මම හිතන්නේ එයා කවදාවත් කලාවෙන් ඉවත් වෙයි කියලා.අදටත් එයා ජීවමානව ඉන්නවා වගෙයි.එයා රංගනයෙන් දායක වුණු නිර්මාණ අදටත් ජනප්‍රිය බවින් නොඅඩුව රූපවාහිනී නාලිකා වල විකාශය වෙනවා.ඒ වගේම තමයි ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපටි දෙකක් ඉදිරියේදී තිරගත වීමට නියමිත වෙලා තියෙනවා.

විජය මම සහ මගේ දරුවන් හැමෝම හරිම ආදරණීය විදියට ජීවත් වුණේ.මගේ මුළු ජීවිතේම කැප කළේ මගේ පවුල වෙනුවෙන්.මම එක්තරා රැකියාවක් කරමින් සිටියේ.නමුත් ඒ සියලු දේට වඩා මගේ ජීවිතේ අංක එක තිබුණේ මගේ සැමියාට සහ දරුවන්ට.ඒ නිසාම මම රැකියාවෙන් ඉවත්වෙලා හොඳ බිරිඳක් සහ හොඳ මවක් විදිහට මගෙ භූමිකාව තෝරාගත්තා. මම විජයව ගෙදර වගකීම් සියල්ලෙන් නිදහස් කළා.එයා කෑම මේසෙට වාඩි වුණහම තමයි දන්නේ උයලා තියෙන්නෙ මොනවද කියලා.එයාගේ ඇඳුම පවා මම අතට දෙන්න ඕන.ඒ තරම් එයා ගෙදර නිදහසේ හිටපු කෙනෙක්.එයා මට වත් දරුවන්ටවත් මුණුපුරන්ට වත් කිසිම වෙනසක් නොකර එක වගේ ආදරේ කළා.මම කවදාවත් ඒ වගේ සුන්දර මනුස්සයෙක් දැකලා නැහැ.එයා නැති අඩුව කාටවත් පුරවන්න පුළුවන් වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ.ඒ තරම් විජය නැති පාලුව හිතට දැනෙනවා.” කියලා තමයි ඇය පවසා සිටියේ.

විජය නන්දසිරි නම් අපූරු කලාකරුවානන් අප අතරින් සදහටම සමු ගත්තත් ඔහුගේ නිර්මාණයන් හැමදාම ජීවමානව කලා ක්ෂේත්‍රය තුළ පවතීවි.ආදරණීය රංගධරයාණනි ඔබට මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා.ඔබට නිර්වාණ සුවයම අත්වේවා.