Rata Wasiya

Rata Wasiya Blog

විවාහ ජීවිතයේ එක් තැනක මම අසාර්ථක වුණා රනිල් කුලසිංහ photos

රනිල් කුලසිංහ කියලා කියන්නේ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් වනවා.රංගන ශිල්පියෙකු ලෙස ඔහු දැක්වූ දක්ෂතාව හේතුවෙන් ම අධ්‍යක්ෂක වරයෙක් ලෙස පන්නරයක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.මේ දිනවල දී අතිශය ජනප්‍රිය වෙමින් විකාශනය වන වල වලවෙට්ටුවා, පානාමංකඩ යන නිර්මාණයන් දෙකෙහිම අධ්‍යක්ෂකවරයා වන්නේ රනිල් කුලසිංහයි.මේ වන විට නිර්මාණ පහක් අධ්‍යක්ෂණය කර ඇති මොහුගේ ඊළඟ සිහිනය වන්නේ සිනමා අධ්‍යක්ෂණයක් කිරීම බව තමයි ඔහු පවසා සිටින්නේ.ඔහු පවසන ආකාරයෙන් රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂක වරයෙක් පමණක් නොව ඔහු තිර පිටපත් රචකයෙක් ද වනවා.පානාමංකඩ ටෙලි නාට්‍යයේ තිර පිටපත් රචකයා වන්නේත් මොහුයි.ඉතින් පසුගිය දිනකදී ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

“මම මේ ක්ෂේත්‍රයට ආවේ රංගන ශිල්පියෙක් විදිහට.මේ දවස්වල රංගන ශිල්පියාගේ භූමිකාවෙන් මදකට ඉවත් වෙලා අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙලා ඉන්නේ.මේක මගේ ඉස්සර ඉඳන්ම තිබුණ ආසාවක්.මේ වන විට මම නිර්මාණ පහක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.ඊට අමතරව පානාමංකඩ ටෙලි නාට්‍යයේ තේමා ගීතය රචනා කලෙත් මා විසින්මයි.ඇත්තටම මට මේ ටෙලි නාට්‍ය දෙක සඳහා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගේ පවා ඇගයීමට ලක්වුණා.ඒ ගැන තියෙන ඇත්තටම ලොකු ආඩම්බරයක් සහ සතුටක්.

පානාමංකඩ ටෙලි නාට්‍ය සඳහා මගේ ගෙදරින් ලැබුණු නැටුම් ආභාෂය ගොඩක් උදව් වුණා.මේ කතාව ගෙතිලා තියෙන්නේ උඩරට නැටුම් සම්ප්‍රදායත් එක්ක.මට ඉස්සර ඉඳම්ම උවමනා වුණා මේ සම්බන්ධව නිර්මාණයක් ගෙතීමට.වගේම තමයි මේ සඳහා චරිත තෝරා ගැනීමේදීත් මං ගොඩක් සැලකිලිමත් උනා ඒ සඳහා ගැළපෙනම චරිත තෝරා ගන්න.ඇත්තම කිව්වොත් කතාව ගලාගෙන යද්දි ඒ චරිත වලට අවශ්‍ය කරන පුද්ගලයන්ගේ රූප මට මැවී පෙනුණා.සමන් ලෙනින් කියලා කියන්නේ ඒ වගේ මැවිච්ච රූපයක්.මම රංගන ශිල්පීන් සඳහා චරිත බෙදා දී තිබෙන්නේ කිසිදු හිතවත්කමක් නිසා නෙවෙයි.එයාලගේ දක්ෂතාවය සහ හැකියාව මත තමයි මම නළු නිළියන් තෝරා ගන්නේ.නවක අධ්‍යක්ෂකවරයෙක් ලෙස මම මේ ඉන්න තැන ගැන ඇත්තටම මට සතුටුයි.

මගේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත් විවාහය කියන තැනදී මම ටිකක් අසාර්ථක වුණා.මගේ අම්මගේ වියෝවත් එක්ක ජීවිතය ගොඩක් තනි උනා වගේ හැඟීමක් තමයි මට තියෙන්නේ.දැන් මගේ ගෙදර තියෙන්නේ මගේ අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ රාමු දෙකක් විතරයි.ඒ තනිකමත් එක්ක ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වුනා.ඉතින් මට මේ දැන් ඉන්න විදිහෙන් වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි.” කියලා තමයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.රනිල් කුලසිංහ කියන්නේ ලංකාවෙ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වනවා.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා ඉටු වීමට හදවතින්ම සුබ පතනවා.