Rata Wasiya

Rata Wasiya Blog

ශ්‍රියන්තව කිසිම චාරයක් නැති මනුස්සයෙක් ගානට දාලා මිනිස්සු කතා කළේ 25 photos

කුසුම් රේණු කියන චරිතය පැහැදිලි කිරීමට අමුතුවෙන් අටුවා ටීකා වුවමනා නැත.එතරම්ම පරම්පරානුගත ප්‍රේක්ෂක ආකර්ෂණයක් පෙර සිට මේ මොහොත දක්වා දිනා සිටින ඉතා දක්ෂ කාන්තා පෞරුෂයක් හිමි කරගෙන තියෙන හරි අපූරු ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ.ශ්‍රියන්ත මෙන්ඩිස් නම් ප්‍රවීණ රංගනවේදියානන් සමග විවාහ වී සිටින මේ රංගන ශිල්පිනිය අද වන විට සැබෑ ජීවිතයේ ආදරණීය මවක්.වේදිකාවෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළ මේ ප්‍රවීණ කලාවේදිනිය අද වන විට රිදී තිරය පමණක් නොව පුංචි තිරයද ජය ගෙන හමාරයි.සිය දක්ෂතාවය නිසාම ගණන් කළ නොහැකි තරම් සම්මාන දිනාගත් මෙම රංගන ශිල්පිනිය ඉතා සාර්ථක සහ ආදර්ශවත් ලෙස පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය කාන්තාවක්.පසුගියදා පැවති සමාජ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ඇය සිය රංගන දිවියේ දී සහ සැබෑ ජීවිතයේ දී මුහුණ දුන් කටුක සහ මිහිරි අත්දැකීම් සමුදායක් සිය රසිකයන් සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

මම ඇත්තටම ඉස්කෝලේ යන කාලේ හරිම දඟ ළමයෙක් .ඉස්සර පාසල් ඇරිල එන්නෙ හරියට වැඩට ගිහින් එනවා වගේ හවස් වෙලා.ඒ එද්දි සුදු සපත්තු දුඹුරු පාට වෙලා.ඒ තරම් මඩ.සපත්තු දෙක ගැන මතක් වෙන්නෙ උදේට ආයෙ ඉස්කෝලෙ යනකොට.ඉතින් සපත්තු හෝදන්න කම්මැලිකමට මම කරන්නේ අම්මට හොරෙන් පවුඩර් ටිකක් කොල කෑල්ලකට ඔතාගෙන යනවා.ඊට පස්සේ හිමින් සැරේ මඩ තැවරිච්ච සපත්තු දෙකේ ගාගන්නවා.මං ශ්‍රියන්ත එක්ක යාලු වෙලා ඉන්න කාලේ එයා ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.මට මතකයි ඒ දවස්වල එයා ‘සූරසේන’ කියන චරිතයට ඉතාම සාධාරණයක් ඉටු කරමින් දක්ෂ ලෙස රඟ පෑවා.ඉතින් රසිකයෝ එයාව හැඳින් වූයේ සුරසේන කියන නමින්.ඉතින් දවසක් මම මගේ ජොබ් එකෙන් කෙටි නිවාඩුවක් දාලා ශ්‍රියන්තව හම්බ වෙන්න යනවා.එතකොට අපි දෙන්නව ගමේ මනුස්සයෙක් දැකලා අපේ තාත්තට ගිහින් කියලා අන්න දුව බස් හෝල්ට් එකේ සූරසේනත් එක්ක ඉන්නවා කියලා.

ඉතිං ඒ චරිතයත් එක්ක මිනිස්සු ඒ කාලේ ශ්‍රියන්තව චාරයක් නැති මනුස්සයෙක් ගානට දාල තමයි කතා කලේ.මගේ අක්කා පවා මට කිව්වා රස්තියාදුකාරයෙක් එක්ක විවාහ වෙලා ජීවිතය නැති කරගන්න ද හදන්නේ කියලා.ඒ තරම් ශ්‍රියන්ත ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා.” සිනා වෙමින් ඇය පැවසූයේ ඒ වගේ කතාවක්.මං හිතන්නේ මම මගේ පවුල් ජිවිතයට ආදර්ශමත් බිරිඳක් සහ මවක් විදිහට කටයුතු කරනවා.මම කැමති නෑ කිසිම කෙනෙක් අඩුම ගානේ සතෙක්වත් මම නිසා මානසිකව පීඩා විඳිනවට.මට හොඳ ඉවසීමක් තියෙනවා.මං හිතන්නේ ගැහැනියක් විදිහට අපි අදහන ධර්මය අනුව අපි ප්‍රගුණ කරන්න ඕනේ මේ ඉවසීම කියන දේ.අපේ ජීවිත වලට මොනතරම් ප්‍රශ්න ආවත් මගේ ඉවසීමේ නිසා ඒ හැමදේම විසඳගන්න සහ දරාගන්න මට පුළුවන් වුණා” අවසන් වශයෙන් ඇය පැවසූයේ එවන් කතාවක්.කුසුම් රේණු කියන්නේ ඇත්තටම ධෛර්යවන්ත සහ ශක්තිමත් රංගන ශිල්පිනියක්.තමාට ලැබෙන චරිතයට අපිරිමිත සාධාරණයක් ඉෂ්ඨ කරන ඇය සැබෑ ජීවිතයේ ද ඉතාමත් ආදර්ශමත් කාන්තාවක් ලෙස දිවි ගෙවනවා.ඉතින් ඇයගේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා යැයි සුබ පතන අතර ම ඇගේ රංගන දිවියේ කටයුතු ද සාර්ථක වන්නට සුභාශිංසන එක් කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25