Rata Wasiya

Rata Wasiya Blog

කෙටි පණිවිඩයක් නිසා හිරු ටීවී එකෙන් අයින් වුණා හෙළිදරව්ව 24 photos

තිලිණ රුහුණගේ කියන නම හිරු මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ හදෙහි නොමැකෙන සටහනක්ව තිබූ බව රහසක් නොවේයි.ඒ මන්ද යත් ඔහුගේ නම ඇසූ පමණින් අපේ මතකයට නැගෙන්නේ ජනප්‍රිය ගීත රැසකි.පුරා වසර පහළොවක් තිස්සේ හිරු මාධ්‍ය ජාලයේ සංගීත නිර්මාණවේදියෙකු ලෙස කටයුතු කළ තිලිණ රුහුණගේ පසුගියදා එම මාධ්‍ය ජාලයෙන් ඉවත් ව සිය සංගීත දිවිය නිදහසේ ගෙන යාමට තීරණය කළා.ඉතින් ඒ පිළිබඳව ඔහුත් සමග කතාබහක නිරත වූ විට ඔහු පැවසුවේ මෙවන් අදහසක්.

“මුලින්ම කියන්න ඕනි මාව හිරු එකට ගන්න මූලිකවම කටයුතු කළේ DJ ආරා.එයා තමයි මාව සභාපතිතුමාට හඳුන්වලා දුන්නේ.මම හිරු මාධ්‍ය ජාලය ඔස්සේ වැඩ කටයුතු පටන් ගන්න කලින් අතුල අදිකාරි රූකාන්ත ගුණතිලක යන ප්‍රවීනයන් සිරස ,හිරු නාලිකාවලට සංගීත නිර්මාණ සකසා දීමෙන් ලොකු වැඩ කොටසක් කලා.ඉතින් ඔවුන් දෙදෙනා විසින් වෙනස් ආකාරයේ විවිධ හැඩ හදල දෙනකොට මට පුළුවන් වුණා ඒ දෙදෙනට පස්සේ තුන්වැනියෙක් ලෙස හිරු මාධ්‍යයට සේවය කරන්න.ඇත්තටම මට ඒ කාලේ හැම දෙයක් ගැනම ලොකු උනන්දුවක් තිබුණා.බැනුම් අහපු අවස්ථාත් තිබුණා නමුත් හැම දේ ගැනම ඉගෙන ගන්න තිබ්බ උනන්දුව නිසාම බැනුම් පවා මට ලොකු ශක්තියක් වුණා.”

“මගෙ ජීවිතෙන් හොඳම කාලය සහ ශක්තිය මං යෙදෙව්වෙ හිරු මාධ්‍ය ජාලයත් එක්ක.මං හිරු එකට එකතු වෙන්නේ අවුරුදු 25දි.මං හිරු එකෙන් අයින් වෙන්නෙ අවුරුදු 40 දී.ඉතින් මගෙ ජීවිතේ වටිනාම අවුරුදු 15 මං ගත කරලා තියෙන්නේ හිරුත් එක්ක.ප්‍රවීනයන් සමග වැඩ කටයුතු කරපු නිසා මට සතුටක් තියෙනවා.නමුත් මට හිරු එකෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණා කියල මම හිතන්නෙ නෑ.”

හිරු මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනයවන “දිවිතුරා” ටෙලි නාට්‍යයේ බෝනස් කතාංගයට මම ගීත තුනක් නිර්මාණය කළා.මං එම ගීත නිර්මාණය කළේ එම නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ පිටපතට ඕන විදිහටමයි.නමුත් කතාව විකාශනය වෙද්දී ඒ නිර්මාණ ඇතුලත් කරලා තිබ්බේ නෑ.එම ආයතනයේ විධායක ශ්‍රේණියක් දරන නිළධාරියෙක් එම නිර්මාණ අයින් කරලා තිබුණා.ඒ වගේම මගේ ෆෝන් එකට unofficial message එකක් එවලා තිබුණා.ඒක දැක්කම මට හිතුන දේ තමයි ඔහු මේ නිර්මාණය ගැන කිසිම අවබෝධයක් නැහැ කියන එක.මොකද මේ ටෙලි නාට්‍යය යොවුන් පරපුර උදෙසා නිර්මාණය කරපු එකක්.ඉතින් ඒකට ගැලපෙන්න තමයි මම සංගීත නිර්මාණය කළේ.මම ඔහුගේ මැසේජ් එකට රිප්ලයි කරන්න ගියෙත් නැහැ.සභාපතිතුමාත් මට කතා කළා.අවුරුදු 15ක් තිස්සේ කැපකිරීමෙන් වැඩ කරපු කෙනෙක් විදිහට මට තේරුණා ඔවුන්ට කිසිම ඉදිරි දැක්මක් නැහැ කියලා.මොකද මම නිරන්තරයෙන් දෙයක් පිළිබඳව අප්ඩේට් වෙන කෙනෙක්.ඉතින් මමම ඔවුන්ට ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නා.”

“ඊට පස්සේ මම නිර්මාණය කරපු ගීත දෙකම youtube trending ආවා.දිවි තුරා ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට මගේ නම ලිස්ට් එකේ නැහැ.මට ඒ ගැන කනගාටුවක් නැහැ නමුත් ලොකු කළකිරීමක් තියෙනවා.” හිරු එකෙන් අයින් වුණා කියලා මම වැඩවලින් නිදහස් නෑ.වොයිස් යුනිවර්ස් ආයතනයෙන් මගේ නිර්මාණ වෙනවා.voice music සහ ටීවී රේඩියෝ චැනල් වලින් jingles හැදෙනවා.වෙනසකට තියෙන්නෙ කලින් හැදෙන්නෙ හිරු වෙනුවෙන් විතරයි.මේ වෙනකොටත් නාළිකාවකින් ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න මට භාර දීල තියෙන්නෙ.ඉතින් දැන් මම මගේ නිර්මාණ ඉතාම නිදහසේ කරගෙන යනවා.”කියලා තමයි ඔහු පවසා සිටියේ.

තිලිණ රුහුණගේ කියන්නේ ඇත්තටම ඉතාමත් දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්.ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ගීත නිර්මාණ රැසක් මේ වන විටත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී අවසානයි.තමා හමුවට එන බාධක අභියෝගයක් කර ගනිමින් සිය ගමන සාර්ථකව ඉදිරියට ගෙන යන මෙවන් කලාකරුවන් සැබැවින්ම සමාජයට මහත් ආදර්ශයක්.ඉතින් ඔහුගේ සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24