Rata Wasiya

Rata Wasiya Blog

ප්‍රහසනයෙන් ජීවිතය ජයගත් nawran ගේ අතිසුඛෝපභෝගී සිහින නිවහන photos

Nawran කිව්වම අද සමාජයේ නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමටම උපහාසාත්මක සහ ප්‍රහසනාත්මක වීඩියෝස් ඔස්සේ මෙන්ම memes ඔස්සේ සමාජ මාධ්‍ය කරළියට පැමිණෙන nawran මුස්ලිම් පවුලක උපත ලැබූ අතර පවුලේ වැඩිමහල් දරුවා වනවා.ඔහුගේ ප්‍රහාසනාත්මක හැකියාව නිසාම විශාල රසික පිරිසක් තමන් වටා එක්රොක් කර ගැනීමට සමත් වූ nawran මේ වන විට ඔහුගේ උත්සාහය හා කැපවීම මත ඔහුගේම තැනක් සාදාගෙන කවුරුත් දන්නා ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙක් වී හමාරයි.

ඔහු සහ ඔහුගේ සහෝදරයා සමග එක්ව කළ උපහාසාත්මක වීඩියෝස් නිසා විශාල පිරිසකගේ ආකර්ෂණය දිනා දිනාගැනීමට සමත් වූ ඔහු වැඩිදුර අධ්‍යාපනය හදාරා වෙළඳ ප්‍රවර්ධන ක්ෂේත්‍රය සඳහා සිය දක්ෂතාවය වෙන් කලා.ඉන්පසු e business මාකටින් ක්ෂේත්‍රයට පැමිණි ඔහු තරුණ තරුණියන් රැසකට රැකියා අවස්තා ලබාදීමටද සමත් වුණා.මෙලෙස තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සාර්ථකත්වය කරා පැමිණි ඔහු ඔහුගේ එක් සිහිනයක් සැබෑ කරගැනීමට වාසනාව උදා කරගෙන තියෙනවා.ඒ තමයි ඔහුගේ සිහින නිවහන.අති සුඛෝපභෝගී ලෙස තමාට රිසි අයුරින් තම නිවහනෙහි වැඩකටයුතු නිමා කළ ඔහු ඔහුගේ ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබා අලුතින් සෑදූ නිවසෙහි ඡායාරූප කිහිපයක් ද පළ කර තිබුණා.ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ මෙවැන්නක්.

“කාගේත් හීනයක් තමයි තමන්ගේම කියලා පොඩි ගෙයක් හදාගන්න එක.එහෙම හිතන් ඉන්න කාගෙත් හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැම දේකදිම පස්සෙන් හිටපු අම්මට ස්තුතියි .”

Nawran ට ඔහුගේ ජීවිතයේ ඉලක්කයන් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුනේ ඔහුගේම උත්සාහය හා කැපවීම මතයි.nawran කියන්නේ නවක පරපුරට මහත් වූ ආදර්ශයක් ක්‍රියාවෙන්ම ඔප්පු කළ පෙන්නූ අපේ කාලයේ අපූරු තරුණයෙක්.ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලත් එලෙසින් ම සාර්ථකත්වයට පත් වේවා කියල හදවතින්ම සුබ පතනවා.