Rata Wasiya

Rata Wasiya Blog

කලාකාරිනියක විදිහට ඉපදුණ එක ගැන කනගාටු වෙනවා 21 photos

ප්‍රවීණ ගායන ශිල්පිනී නිරෝෂා විරාජනී කියන නාමය අද වන විට නොදන්න කෙනෙක් නැහැ වසර තිහකට ආසන්න කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටි ඇය ගායනා කළ ගීත සියල්ලම පාහේ වයස් භේදයකින් තොරව රසික හදවත් තුළ රඳා පවතින්නේ සැබැවින්ම ඇගේ කටහඩේ මියුරු බව නිසාම සහ අර්ථානුකූල වදන් වලින් ගීතවල පදමාලා සැකසී ඇති නිසාමයි සුදු ඇත් පොව්වෙක් පුන්සඳ රෑට ඇවිදින් රෑ දොලොස් පැයේ ආදී රසික හදවත් ක්ෂණයකින් සොරාගත් ගීත අද වන විටත් ගීත කලාවේ නොමැකෙන සටහන් ලෙස රඳා පවතින්නේ ද ඒ නිසාමයි හිරු ටීවී නාලිකාවේ විකාශය වු Hiru star නම් රියැලිටි වැඩසටහනේ විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක් ලෙස මෑත කාලයේ දී අපට ඇයව දක්නට ලැබුණා ඉතින් ඇය සහභාගි වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ ජීවන ගමන සහ වෘත්තීමය වැඩ කටයුතු පිළිබඳව කතා කළේ මේ අයුරින් ඇත්තටම මම අද ගොඩක් කලකිරෙනවා ලංකාවේ කලාකාරිනියක් වෙලා ඉපදිච්ච එක ගැන ලංකාවෙ මොන රජය ආවත් සාමාන්‍ය මනුස්සයා පෝෂණය කරන්න හැකියාව ඔවුන්ට නැහැ අපි ඇත්තටම ජනතාවට කරන්නෙ මානසික සුවය ලබාදෙන වෘත්තියක් නමුත් ඒ ගැන ලංකාවේ කවුරුත් කතා කරන්නේ නැහැ.ලංකාවෙ මයිකල් ජැක්සන්ලා ලතා මංගේෂ්කාර්ලා බිහි වුණත් වැඩක් නෑ.මොකද ඔවුන්ට ලැබෙන්න ඕන නිසි වටිනාකම ලංකාවෙ හිටියනම් ලැබෙන්නෙ නෑ.

අනිත් දේ තමයි ලංකාවේ රියැලිටි තරගයකින් ආපු කෙනෙක්ට දාන බැරියර් එක මම අනුමත කරන්නේ නැහැ.ශ්‍රෙයා ගෝෂල්, අර්ජුන් සිං වගේ ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් පවා ආවෙ රියැලිටි තරගවලින්.පුද්ගලයාගේ දක්ෂතාවය මත තමයි අපි විනිශ්චය කරන්න ඕනේ යනුවෙන්.සමාජය කතාබහට ලක්වන යම් යම් ප්‍රසිද්ධ මාතෘකාවන් පිළිබඳව ඇයගේ අදහස් විමසූ විට ඇය දුන්නේ මේ වගේ උත්තරයක්.ඇත්තටම ඔය ගැහැණු පෞරුෂය කියන දේ හදාගන්න ඕනේ ගැහැණුකම කියන දේ නැතිකර ගන්නේ නැතුව.මම කොච්චර පෞරුෂයක් නඩත්තු කරත් ගැහැණුකම කියන දේ නැති කරගෙන නෑ.මං හිතන්නේ ඒක හදා ගන්න ලේසි නෑ.ඒක උපතින්ම එන්න ඕනේ දෙයක් ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගැන මටනම් තියෙන්නේ හරිම කළකිරීමක්.ඇත්තටම ලංකාව වගේ නෙවෙයි ඇමරිකාව වගේ දියුණු රටවල මිනිසුන්ගේ මනස හරිම විවෘතයි.නිරුවත කියන්නේ හොඳ marketing tool එකක්.ලංකාවේ සෝෂල් මීඩියා නිසා ලිංගිකත්වය කියන දේ ගොඩයට මැජික් වගේ සංකල්පයක් ලෙස පරිවර්තනය වෙලා තියෙනවා.” යනුවෙන්.ඒ වගේම ලොව පුරා දැනට ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී තිබෙන වසංගත තත්ත්වයත් සමඟ ලංකාවේ එන්නත්කරණය පිළිබඳව ඇය දැක්වූයේ මෙවන් අදහසක්. එන්නත් කරන එක හොඳයි.ඒක සිදුවිය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ.හැබැයි එන්නත ගැහුවා කියලා virus එක බෝවෙන්නේ නෑ කියන මානසික මට්ටමෙන් ඉන්න හොඳ නෑ.අපේ ස්වයං ආරක්ෂාව තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ. නිරෝෂා විරාජිනී කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ නිහතමානි ගායන ශිල්පිනියක්.ඇයගෙන් පන්නරය ලත් දූ දරුවන් මෙන්ම නව යොවුන් තරුණ තරුණියන්ද එමටයි.ඉතිං ඇයගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවායි කියලා පතන ගමන්ම ඇයට සුභාෂිංශනද එක් කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21