Rata Wasiya

Rata Wasiya Blog

හිට් වෙන්න කියලා සින්දු කරන්න එපා මේකට එන්න කියන අය දෙපාරක් තුන් පාරක් හිතල එන්න

“කුවේනියේ මා” ගීතය ඇසුරෙන් කරළියට පැමිණි රිද්ම වීරවර්ධන මේ වන විට තරුණ තරුණියන්ගේ පමණක් නොව බහුතරයක් ජනතාවගේ ඉතා ඉහළ ප්‍රතිචාර මැද ජනප්‍රියට පත් නිහතමානි ගායකයෙක්.”සදවතියේ , යන්නම් මතකෙන් , සොයා ආවා , සංසාරයේ මා , නාඩගම් ගීය” ආදී ප්‍රේක්ෂක හදවත් අමුතු මානයකින් ස්පර්ශ කිරීමට සමත් ගීත පෙළක හඬ පෞරුෂය වූ මොහු නවක පරපුරේ සිටින දක්ෂතම සහ ජනප්‍රියම ගායන තරුවක්.එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී නූතන පරපුරට ඇති ලොකුම අභියෝගය පිළිබඳ විමසූ විටදී ඔහු පවසා සිටියේ අද වෙන විට හරියාකාර මුල් පිටපත් නොමැති කමින් තරුණ ගායකයන් නව අත්හදා බැලීම් වලට යොමු වීමට බියක් දක්වන බවයි.එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම කර්මාන්තයේ සිටින බොහෝ දෙනා තම ප්‍රේක්ෂකයන් අඩු තක්සේරුවෙන් සිතන නිසා කියල තමයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“මං ආපු ගමන ගැන මට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්.නවක ගායකයෙක් ලෙස කුඩා කාලයක් තුල හිතුවෙවත් නැති විදිහට ජනප්‍රියත්වයට පත්වන්නට මට පුළුවන් වුණා.”කුවේනියේ මා” ගීතය හොඳම trending පහ අතරට ආපු එක මම බලාපොරොත්තු නොවූ දෙයක් .මං හිතන්නේ ඒ ගීතය මට නව මානයක් පෙන්නුවා.රසිකයාගේ හදවතට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ශෛලියේ ගීත ගායනයට මං යොමු වෙන්න මේ ගීතය ලොකු රුකුලක් වුණා කියල මම හිතනවා.”ඒ වගේම මෑතක දී තිබුණු විනෝදකාමී සමාජ මාධ්‍යමය වැඩසටහනකදී ඔහු පවසා සිටියේ ,”කලබල වෙන්නැතුව හොඳ production එකක් කරලා එළියට එන්න.හිට් වෙන්න කියලා සින්දු කරන්න එපා.තමන්ට රසවිඳින්න පුළුවන් නම් ප්‍රේක්ෂකයාටත් එය අනිවාර්යෙන්ම රසවිඳින්න පුළුවන්.” කියායි.

එම වැඩසටහනේ තිබූ අංගයක් වූයේ ඉතාම සැර සෝස් වර්ගයක් සමඟ චිකන් ආහාරයට ගැනීමයි.ඉතිං එහි සැර දරාගත නොහැකිව සිනා සි සී කඳුලු සලමින් ඔහු පවසා සිටියේ “මේකට එන්න කියන අය දෙපාරක් තුන් පාරක් හිතල එන්න” යනුවෙන්.ඉතිං ප්‍රේක්ෂකයාට රස විඳිය හැකි ගීත නිර්මාණ බිහි කරන ඉතා අග්‍රගන්‍ය නවක පරපුරේ කලාකරුවකු වූ රිද්මට තවත් එවැනි නිර්මාණ බිහි කරන්නට හැකි වේවායි සුබ පතන ගමන්ම රිද්ම කඳුළු සැලූ වීඩියෝව බලන්නත් අමතක කරන්න එපා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24