Rata Wasiya

Rata Wasiya Blog

Tik tok කර පුංචි තිරයට ආ ලෝචි සිනමාවෙන් දකින්න අලුත්ම කතාව 25 photos

ලෝචි කියන නම අද නොදන්න කෙනෙක් නැති තරම්.ලෝචනා ජයකොඩි හෙවත් ලෝචි සෝෂල් මීඩියා ඔස්සේ ඉතාම කෙටි කලකින් ලංකාවේ පමණක් නොව පිටරටවල් වල ද ජනප්‍රියත්වයට පත්ව සිටින කටකාර දඟකාර රුවැත්තියකි.tik tok සහ youtube යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිර්මාණාත්මක කෙටි වීඩියෝ පළ කර එය සිය වෘත්තිය කරගනිමින් ඉතා සාර්ථක ගමනක් ආ මේ යුවතිය මේ වනවිට සියත නාලිකාව ඔස්සේ විකාශනය වන “race” ටෙලි නාට්‍යයේ රංගනයට දායක වනවා. ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී ඇයගේ ගමන පිළිබඳව කතාබහක නිරත වුණේ මේ අයුරින්.මම බටහිර නර්තන ගුරුවරියක් වෙලා හිටියා.ඒ වගේම zumba පිළිබඳව සුදුසුකම්ලත් පුහුණු කිරීමේ නිලධාරිනියක් වශයෙන්ද මං සේවය කළා .පොඩි කාලේ ඉදන්ම මම නර්තනයට කැමැතියි.මාව ඇත්තටම ලංකාවෙ මිනිස්සු දැන ගන්නේ ටික් ටොක් වලින්.මම සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා එක්ක දවස ගත කරන කෙනෙක්.ඉතින් මං දවසක් පිටරට tik tok වීඩියෝ එකක් දැක්කා.ඒ වීඩියෝ එකෙන් පස්සෙ මට හිතුණා මටත් එහෙම කරන්න පුළුවන් නේද කියලා.ඒත් මං හිතුවෙ නෑ මාව මෙච්චරම ජනප්‍රිය වෙයි කියලා

දැන් මං වෘත්තීමය යූටියුබ්ර් කෙනෙක්.මං මුලින් tik tok , youtube වලින් සල්ලි උපයන්න හිතුවේ නෑ.නමුත් මගේ නිර්මාණ ජනප්‍රිය වීමත් සමග මට මේ අවස්ථාව ලැබුණා.ඒ වගේම මට සියත රූපවාහිනී නාලිකාවේ Race ටෙලිනාට්‍යයේ “රන්දුලී” කියන කටකාර දඟකාර චරිතය රඟපාන්න අවස්ථාව ලැබෙනවා.ඇත්තටම මට ඒ චරිතය රඟපාන්න ගොඩක් ලේසියි.මොකද ඒ චරිතයෙත් මගේ ඇත්ත ජීවිතයේ චරිතයෙත් සමානකම් ගොඩක් තියෙන නිසා.මොකද ඒ චරිතයේ මම රඟපාන්නේ ගොඩක් සෝෂල් මීඩියා එක්ක ඉන්න ගැහැණු ළමයෙක් විදිහට.ඉතින් මං හරි ආසාවෙන් ඒක රඟපානවා.

මම විවිධ vedios ඔස්සේ සහ විවිධ වෙළෙඳ දැන්වීම් ඔස්සේ ආ ගමනේදී පුංචි තිරයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා.හැබැයි ඇත්තටම මම මෙගා නාට්‍යවල රඟපාන්න වැඩි කැමැත්තක් නැහැ.සිනමාවේ රඟපාන්න අවස්ථාවක් ලැබුණොතින් අනිවාර්යෙන්ම මම භාර ගන්නවා.මම ඇත්තටම මගේ වෘත්තියත් එක්ක ගොඩක් කාර්යබහුල කෙනෙක්.මට ඉන්නෙ නංගිලා දෙන්නෙක්.අපි පොඩි කාලෙදිම අම්මා මෙලොවින් සමු ගත්තා.ඉතින් නංගිලා දෙන්නගෙ වැඩයි මගෙ වෘත්තියයි බැලන්ස් කරන් වැඩටික කරගෙන යනවා.මං දන්නවා මගේ අම්මගේ ශක්තිය මටත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා.ඇය මේ විදිහට තමයි ඇය ආ ගමන පිළිබඳව කතා බහක යෙදුනෙ.ලෝචි කියන්නේ ඇත්තටම tik tok සහ youtube හරිම විදිහට හරිම තැනට යොදවලා සාර්ථකත්වයට පත්වුණ ධෛර්යවන්ත යුවතියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවායි පතන ගමන්ම ඇගේ නිර්මාණශීලී කටයුතු ද කරගෙන යාමට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24