Rata Wasiya

Rata Wasiya Blog

එයාගේ නම වගේම එයත් හරිම වාසනාවන්තයි දරුවන්ගෙ පියා කතා කරයි

දරුවන් කියන්නේ අපේ රටට සම්පතක්.අපි හැමෝටම දරුවන්ගේ ආදරය ලැබෙන්නම ඕනේ.ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙරටින් වාර්තාගත ලෙස බිහිවුණු නිවුන් දරුවන් හය දෙනෙක් පිළිබඳවයි.අපිට මේ ආරංචිය වාර්තා වෙන්නේ නාරාහේන්පිට පිහිටි නයින්වේල්ස් පුද්ගලික රෝහලින්.ඇත්තටම මේ කාර්යය සදහා සූදානම් වීම වෛද්‍යවරුන් කණ්ඩායමටත් අභියෝගයක් වුණා.එම දරුවන් සය දෙනාම සිසේරියන් සැත්කමක් මගින් ලබා ගත්තේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක්.

මෙම දරුවන් සය දෙනා පිරිමි තුන් දෙනෙකුගෙන් ද ගැහැනු දරුවන් තුන්දෙනෙකුගෙන් ද යුක්ත වනවා.21 වන දින පාන්දර 12.16- 12.18 අතර කාලයේදී කාලයේ දී උපත ලද මෙම දරුවන් සය දෙනාගේ වයස සති 30 කි.මේ වන විට නව නවජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මෙම දරුවන් සය දෙනා සති තුනක පමණ කාලයක් එහි රැඳවිය යුතු බව තමයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ..

මෙම දරුවන් සය දෙනාගේ පියා වෘත්තීයමය වශයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් වන අතර මව 31 වැනි වියෙහි පසු වෙයි.ඔවුන් කොළඹ අයි ඩී එච් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.නිවුන් දරුවන් සය දෙනෙක් ලැබීමේ ප්‍රීතිය සමරන මෙම වාසනාවන්ත ඉංජිනේරුවරයා ඔහුගේ සතුට වචනවලට පෙරළුවේ මේ අයුරින්.

“ඇත්තටම මට මේ වෙලාවේ තියෙන්නෙ පුදුමාකාර සතුටක්.මං මේ වෙලාවේ ටිරාන් ඩයස් වෛද්‍ය තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා.doctor තිළින පළිහවඩන තමයි ටිරාන් ඩයස් doctorව රෙකමන්ඩ් කලේ.එයා මගේ වයිෆ් ට usual treatment සේරම හරියට නිසියාකාරව දුන්නා.

අප්‍රේල් මාස තමයි අපි දැනගත්තේ මගේ වයිෆ් pregnant කියලා.අපි දෙන්නම දරුවන්ට හරි ආදරෙයි.හැබැයි අපි දරුවන් හය දෙනෙක් එකපාර බලාපොරොත්තු වුණේ නෑ.ඇත්තටම ඒ ගැන තියෙන්නෙ පුදුම සතුටක්.මගේ වයිෆ්ගෙ නම දිනිති වාසනා දයානන්ද.එයාගේ නම වගේම එයා හරිම වාසනාවන්තයි.මෙච්චර කාලයක් මගේ වයිෆ් දරුවා හය දෙනාගෙ බර දරාගෙන හිටියා.දැන් එයා ඒ බරෙන් නිදහස් වුණා.මට දැන් පුලුවන් ඒ බර කරට ගන්න.” යනුවෙන් තමයි ඔහු පවසා සිටී සිටියේ. ඉතින් ආදරණීය දරුවන් සය දෙනාටත් ඔවුන් දෙපළටත් හදවතින්ම සුබ පැතුම් එකතු කරන අතර සියලුම දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව නිරෝගීව වර්ධනය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.