Rata Wasiya

Rata Wasiya Blog

වාර්තා තබමින් උපත ලද දරුවන් සයදෙනා photos බුදු සරණයි

මෙරට ප්‍රථම සය දරු උපත නාරාහේන්පිට නයින්වෙල්ස් පුද්ගලික රෝහලේදී අද (21) වාර්තා වුණි.කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ මවකට ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවන් තිදෙනෙකු මෙලෙස ලැබිණි.මව්පියන් කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිකරුවන් වන අතර පියා යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන්නෙක් බවද වාර්තා විය.31 හැවිරිදි මෙම කාන්තාවක මෙන්ම අලුත උපන් බිළිඳුන් සයදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, දෙවැනියට උපත ලැබූ දරුවා පමණක් මේ වනවිට දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව රෝහල් ආරංචි වාර්තා කළේය.

අද පාන්දර 12.16ත් – 12.18ත් අතර කාලයේ දී දරුවන් සිසේරියන් සැත්කමකින් ලබාගත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමකි.සති තිහක් වයසැති බිළිඳුන් සයදෙනා මේ වන විට නවජන්ම ළදරු ඒකකයේ, විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ සහ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ යටතේ සත්කාර ලබති. මෙහි නව ජන්ම ළදරු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සංකල්ප මාරසිංහයි.

දරුවන් සය දෙනාම මේ වන විට යහපත් තත්වයේ පසුවන අතර, සය නිවුන් උපතක දරුවන් සයදෙනාම නිරුපද්‍රිතව රැකබලාගැනීම අතිශය අභියෝගාත්මක රාජකාරියක් බවත්, ඒ සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සහ හෙද කාර්‍ය මණ්ඩලයක් ඇතුලු විශාල පිරිසක් දිවා රාත්‍රී වෙහෙසෙන බවත් නයින්වෙල්ස් රෝහල් ආරංචි මාර්ග දන්වා තිබේ.අම්මටයි ඒ පුංචි පැටව් ටිකටයි බුදු සරණයිThe birth of sextuplets has been reported for the first time in Sri Lanka. A 31-year-old mother has given birth to six babies, three boys and three girls, at a private hospital in Colombo. Hospital sources said that the mother and the infants are in healthy condition. The caesarean section was performed by a medical team led by Obstetrician and Gynaecologist Prof. Tiran Dias at the Ninewells Hospital.This is reportedly the first instance of a mother giving birth to sextuplets in Sri Lanka.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9