Rata Wasiya

Rata Wasiya Blog

සනත් පුතුගේ උපන්දිනය අපූරු සටහනක් තබා සැමරුවේ මෙහෙමයි photos

සනත් ජයසූරිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලොව තුළ නොමැකෙන සටහනක් තැබූ අපූරු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පමණක් නොව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් ද වනවා.ඔහුගේ යුගයේ විශිෂ්ටතම ප්‍රහාරක පිතිකරුවෙකු ලෙස සැලකෙන ජයසූරිය එක්දින ක්‍රිකට් පිටියේ දී සිය බලවත් පහරවල් සහ ජයග්‍රාහි තුන් ඉරියව් දස්කම් නිසා ඉතාමත්ම ප්‍රසිද්ධයි.ඒ වගේම ජයසූරිය test තරග වලදී ද විශාල ලකුණු ලබා ගැනීමෙන් ඔහු එක්දින පුදුමයක් නොවන බව ඔප්පු කළා.ඔහු 1997 දී ඉන්දියාවට එරෙහිව දැවැන්ත ලකුණු 340 ක් රැස් කළ අතර ඊළඟ වසරේ එංගලන්තයට එරෙහිව ලකුණු 213 ක් ලබාගත් අතර එම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.ඒ වගේම තමයි 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරවීමට සිය උපරිම දක්ෂතා පෙන්වූ ඔහු තරගාවලියේ වීරයා ලෙසත් නම් කෙරුවා.

ඉන් පසු දේශපාලනයට අවතීර්ණ වූ ඔහු දේශපාලන දිවියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් ටික කාලයක් ජනතාව වෙනුවෙන් සේවය කළා.සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකාවේ විවිධාකාර අංශ වලින් ජනතාව අතර ආකර්ෂණයක් ගොඩනගාගත් ආදරණීය පුද්ගලයෙක්.මේ වන විට විවාහ වී සිටින ඔහු අද දිනයේ දී ඔහුගේ පුංචි පුතුගේ උපන්දිනය සැමරුවා.ඔහු සිය ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ පුංචි පුතුට උපන්දින සුභ පැතුමක් එක් කර සිටියේ මේ අයුරින්.”මගේ ආදරණීය පුතු රණුක් ජයසූරිය, ඔබට සුභ උපන්දිනයක් වේවා. ” යනුවෙන් තමයි ඔහු සිය ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ සටහන් කර තිබුණේ.ඉතින් ආදරණීය රණුක් පුතණුවන්ට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන්ම ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11