Rata Wasiya

Rata Wasiya Blog

NMRA දත්ත ගිල්ලේ මීට කලින් සල්ලන් වුණු පුද්ගලික දුරකථන සමාගමක් ?

ලංකාවේ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර ගැන දත්ත වගේම ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර ගැන නිළ තොරතුරු තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් අති සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් හිටිහැටියේ අතුරුදන් වෙන්නේ පැදුරටත් නොකියයි. මේ දත්ත මකාදැමීම පිටිපස්සේ ඉන්නේ මීට කලිනුත් වගකීම් විරහිතව කටයුතු කළ බවට චෝදනා ලබපු සමාගමක් බව පැවසෙනවා.

මේ සංවේදී තොරතුරු පද්ධතිය විනාශ කිරීම පිටිපස්සේ ජනතා බදු මුදලින් පඩි ගන්න රාජ්‍ය සේවකයොත් ඉන්න බව හෙළිදරව් වෙමින් තියෙනවා. ආණ්ඩුව කොරෝනා මරණ හංගන්න දරන උත්සහය වගේ මේ ගැන තොරතුරුත් වසන් කරන්න හදන බව පැහැදිලි වෙන්නේ පහන්තුඩාවේ ජෝඩුව අල්ලන තරම් වත් හදිස්සියක් නැති බව පෙනෙන නිසයි. කොහොම වුණත් අද වෙද්දී තොරතුරු පනත ඔස්සේ හෝ ඉල්ලීමක් ඉදිරිපත් කරලා මේ ගැන ඇත්ත එළියට ගන්න සැබෑ ජනතා ක්‍රියාකාරීන් පෙරමුණ ගත යුතුබව දේශපාලන විශ්ලේෂකයන්නේ අදහස වී තිබෙනවා.