Rata Wasiya

Rata Wasiya Blog

NMRA දත්ත මැකූ යහපාලන ප‍්‍රබලයා හෙලිවෙමින්

ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක දත්ත ගොනු ලක්ෂ 11ක් මැකීයාම මෑතකාලීනව මහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් විය. මේ පිටුපස දැවැන්ත චරිතයක් සිටින බවට වූ පුවත පැතිරී යයි. ඒ අදිසි හස්තය දේශපාලනය තුළ සුවිශේෂී චරිතයක් බවත් ඔහු විපක්ෂය නියෝජනය කරන්නෙකු බවටත් වූ ආරංචි පැතිරී යයි.

කෙසේ වුවත්, මේ සිද්ධිය ගැන දැවැන්ත හඩක් නැගී ආවේද විපක්ෂයෙන්ය. මේ දත්ත මකාදැමීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් ඖෂධ මාෆියාව නැවත හිස ඔසවමින් තිබෙන බවත් ලෙස පවසමින් සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.

විපක්ෂය නියෝජනය කරන මෙම දත්ත මකාදැමීමට සම්බන්ධ ප්‍රබලයා මුදල් වාසි මෙන්ම ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මේ කටයුත්ත කළ බවට වූ තොරතුරු මේ වනවිට හෙළිවෙමින් ඇත. ඉන් උපයාගත් මුදල් විදෙස් කළු සල්ලි සුදු කරන ජාවරම්කරුවෙකුට ලබාදුන් බවටත් අනාවරණය වෙමින් පවතියි