Rata Wasiya

Rata Wasiya Blog

ප්‍රේම සම්බන්දය දිගට ගියෙ නැහැ මංගලගේ ආදර කතාව (video)

පසුගියදා දිවි ගමනින් සමුගත් මංගල සමරවීර මැතිතුමන් මියයන්නට පෙර අවසන්වරට පෙනී සිටී යූටියුබ් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු දැක්වූ අදහස් පහතින් පළවේ. මුලින්ම ඔබ ඔබව වචන තුනකින් හඳුන්වන්න. සැබෑ දේශප්‍රේමී ජාත්‍යන්තරවාදියෙක්. ඔබ මං මේ කියන දේවල් විශ්වාස කරනවද කියලා කියන්න.කර්මය- ඔව්.ජොතිෂය- නෑ. පුනරුප්පත්තිය- බොහෝ විට ඔව්. අංක විද්‍යාව -ඔව් ඔබ පව් කරන්න බයද – ඔව් කර්මය විශ්වාස කරනවා නම් බයයි. ඔබට තරහ යනවද -ඔව්. හැමවෙලේම – නෑ. මොන වගේ වෙලාවටද තරහ යන්නේ? මෝඩකමට. එකම දේ හතර පස් සැරයක් කියලත් ඒක කෙරෙන්නේ නැත්නම් තරහ යනවා. ඔබ අර කිව්වා වගේ බොරු කියපු අවස්ථා තුනක් කියන්න? උදාහරණයක් හැටියට විශේෂයෙන්ම මම ඇමතිවරයෙක් වශයෙන් ඉන්නකොට මම මාතර ඉඳලා දරුවන්ට රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම ඇවිල්ලා පෝලිමේ ඉඳලා රැකීරක්ෂා ඉල්ලනවා. නමුත් සමහර අයට දෙන්න කොච්චර ට්‍රයි කරත් හරිම අමාරුයි. හැබැයි ඒ තියෙන බලාපොරොත්තුව නැති කරන්නත් කමක් නෑ ඉතින් ඒ වෙලාවට අපි පොඩ්ඩක් කියනවා තව පොඩ්ඩක් බලන්න ඒක අපි දෙන්න බලනවායි කියලා. නමුත් ඇත්තටම පේනවා එක දෙන්න බෑ කියලා. නමුත් හිත රිදෙනවා නම් මම නම් ඇත්ත වශයෙන්ම සුදු බොරුවක් කියන්නේ බොරුව කීම තුළින් කෙනෙක්ගෙ හිත රිදෙනවා නම් එක පොඩ්ඩක් සැර අඩු කරන්න ඕනේ.

ජීවිතය ආපස්සට හැරී ගොස් දේවල් තුනක් වෙනස් කරගන්නට ඔබට වරමක් ලැබෙනවා. මොනවද ඔබ වෙනස් කරගන්නට කැමති දේවල් 3? නොකරන දේවල් ඇහුවා නම් මට ලේසියි කියන්න. නමුත් කරන දේවල් නොකරන දේවල් වලින් එකක් නම් මම මේ කොයි තරම් ප්‍රශ්න තිබුණත් මගේ උපන් භූමිය යළි වතාවක් ශ්‍රී ලංකා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් වෙනස් කරන්නට ගියොත් ඇත්ත වශයෙන්ම එකක්, ඒ උපන් භූමිය මීට වඩා බූද්ධිමත් මිත්‍යා වෙනුවට විද්‍යාව මත පදනම් කරගත්ත සමාජයක් කරා වෙනස් කරන්න පුළුවන් නම් ඒක වෙනස් කරනවා. දෙවෙනි එක තමයි මේ රට තුළ තියෙන ජාති ආගම් කුල මල භේද බොහොම ගැඹුරින් මිනිස්සු තුළ තියෙනවා නම් ඒක වෙනස් කරන්නට ඕනේ. තුන්වෙනුව මගේ ජීවිතේ ගත්තොත් ඇත්තෙන්ම මට වෙනස් කරන්න තරම් දෙයක් නැහැ. මොකද මට හොඳ අම්මා තාත්තා කෙනෙක් හම්බුනා. හොද සහෝදරයෙක් ,සහෝදරියක් හම්බවුණා. මට හොඳ ජීවිතයක් තියෙනවා. ඉතින් වෙනස් කරන්න තරම් දෙයක් පෞද්ගලික ජීවිතේ නම් මගේ නෑ. ඔබතුමා එහෙම කියනකොට මට මෙහෙම අහන්න හිතෙනවා. මංගල සමරවීර කියන තරුණයා ඒ කාලේ පුංචි ප්‍රේම සම්බන්ධයක් තිබුණාලු දිලනි වීරකෝන් කියලා තරුණියක් එක්ක. එහෙම තියෙද්දිත් මොකද මේ තනිකඩව ඉන්න හිතුණේ?

ඔබතුමා හොඳට research කරලා එනවා වගේ. දිලනි වීරකෝන් එක්ක එදා විතරක් නෙමේ අදත් මම හිතවත්. නිව්යෝක් වල දැන් දිලනි ඉන්නේ. මම අදත් ෆේස්බුක් එකෙන් සම්බන්ධ වෙනවා. මම ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේට විශාල සතුටක් ,ආලෝකයක් ලබා දෙන්න පුළුවන් ඉතාමත්ම උගත් කාන්තාවක්. නමුත් කසාද බැඳීම එහෙම නැත්නම් කාන්තාවන් සමග තිබුණු ප්‍රේම සම්බන්ධතා ආදිය දිගින් දිගට ගෙන යාමට බැරි වෙන්න ඇත්තෙ මට මගේ සැබෑ ආසාවන් තිබුණේ තියෙන්නෙ වෙන තැන්වල. නමුත් මම අද එතුමියට ගරු කරනවා. ඔබේ ජීවිතයේ වඩාත්ම සතුටු අවස්ථා තුනක්? මම මොරකෝ මාරකෙෂ් නගරයේ ඉඳලා Algeriya වෙ කාන්තාරය දක්වා ගිහිල්ලා කාන්තාරය හැතැම්ම කිහිපයක් ඔටුවෙක් උඩ ගිය වෙලාවේ මට අමුතුම සතුටක්. ඒක භයානක සතුටක්. මොකද ඒක බය හිතෙන සතුටක්. ඒක අමතක නොවන සතුටක් ඇත්තටම කිව්වොත්. ඇත්තටම අරාබි කාන්තාරයක ස්වල්ප මොහොතකට හෝ අතරමං වුණයි කියලා හිතන එක. දෙවැනි සතුට තමයි ඇත්ත වශයෙන්ම මගේ අම්මත් එක්ක ඒ ගතකරන වෙලාවක විශේෂයෙන්ම මම බරපතළ දේශපාලන තීන්දුවක් ගත්ත වෙලේ. ඒ තීන්දුව මොකද ඒ වෙනකොට අපේ අම්මා අසනීප තත්වයේ හිටියත් මම හැමදේම කියනවා. එතුමියට කියලා මම ඔබ හිතන්නෙ මේ හරි තීන්දුව ගත්තා ද කියලා. ඇත්ත වශයෙන්ම මම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙන් වෙච්ච වෙලේ. එතුමිය කිව්වා මංගල ඔයාගේ තීන්දුව හරියට හරි. වෙනස් කරන්න එපා කියලා. වෙන අම්මල නම් අනේ ඇමතිකම නැති වුණා, අරව නැතිවෙයි අරවයි මේවයි කියල නෑ. නමුත් එවේලේ මට විශාල සතුටක් වගේම විශාල ආත්ම ශක්තියක් ලැබුණා.

තුන්වෙනි එක museum එකට ගිහිල්ලා එහෙම නැත්නම් ලෝරන්ස් නගරයට ගිහිල්ලා ලෙනාඩෝ ඩාවින්ෂි වගේ අයගේ මයිකල් ආන්ජලෝගේ චිත්‍ර මූර්ති දැක්කහම කෑරලාජීයො වගෙ ඒ පහළොස්වැනි දාසය වැනි ශතවර්ෂයේ painters ලගෙ සමහර මූර්ති දැක්කහම ඉතාමත්ම සතුටුයි. හිතන්න බැරි තරම්. ඒක ඇත්ත වශයෙන්ම ආත්මයෙන් එන සතුටක් අධ්‍යාත්මයෙන් එන සතුටක් දැනුණා. ඔබේ ජීවිතයේ ඔබ වඩාත්ම දුක් වෙච්ච අවස්ථා කැති ඒ වගේ අවස්ථා තුනක්? ඔව් ගොඩක් තියෙනවා තුනෙන් නම් නවත්තන්න බෑ. මම විශාල වශයෙන්ම අදත් දුක් වෙන අවස්ථාව තමයි, මගේ මෑණියන් මිය යන විට මට ඇත්තටම දොස්තර ඇවිල්ලා ඉස්පිරිතාලෙ ඔන්න දැන් හුස්ම නැවතුනා පොඩ්ඩක් එන්න කියපු වෙලාව. මම නිවටයෙක් වගේ මම අනිත් පැත්තට දුවලා ගිහිල්ලා මං මගේ මිත්‍රයෙක් අල්ලගෙන ඇඬුවා මිසක් මගේ අම්මා ළඟට ගිහිල්ලා අත අල්ලා ගන්න තරම් මට හයියක් ලැබුණේ නෑ. ඇත්ත වශයෙන්ම මං ඒ ගැන දුක් වෙනවා. මොකද අවසාන මොහොතේ එතුමියට හයියක් ලබා දෙන්න නිකං අත් අල්ලගෙන හරි ඉඳලා හයියක් ලබා දෙන්න මට බැරි වෙච්ච එක ගැන ලොකු දුකක් තියෙනවා. එතකොට දෙවනුව ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1999 ජනාධිපතිවරණය අවසාන දිනයේ වෙලාවේ මම ඒ වෙනුවෙන් මාතර ආසනයේ අවසාන කතාව රෑ 11 යි ගානකට විතර වල්ගම ප්‍රදේශයේ කතාව කරගෙන ඉද්දි තමයි මගේ security එක ඇවිල්ලා කිව්වේ මෙන්න මෙහෙමයි ජනාධිපතිතුමියට බෝම්බයක් ගිහිල්ලා හොයාගන්න නැහැ කියලා. මගේ ජනාධිපතිතුමිය ,රටේ ජනාධිපතිනිය හැටියට විතරක් නෙමෙයි මගේ පෞද්ගලික මිතුරියක් හැටියට මට ඒත් දරාගන්න බැරි දුකක් ඇති වුණා. ඒ වගේම මම එවෙලෙ එහෙම නවත්තලා කොළඹ ඇවිල්ලා එනකොට හැබැයි එතුමිය ජීවතුන් අතර තාමත් ඉන්නවා කියලා කියපු වෙලේ මම ඉස්පිරිතාලෙට ගිහිල්ලා එතනින් ඒ තිබුන දුක යම්කිසි මට්ටමකට අඩු වුණා. නමුත් ඒ ඇතිවෙච්ච දුක කම්පනය අදත් මට දුකයි. අර තුන්වැනි එක තමයි මම නම් හිතන්නේ මම අර දැකපු ලේක්හවුස් එකේ රීගල් හන්දියෙ වාහනයක් අපේ රටේම කාන්තාවක් එක්ක ඩ්‍රයිවර් එක්ක ගිනිගන්නවා විනාශ වෙනවා පුපුරනවා දැකපු එකත් මට අදත් මතකයේ වරින් වරට මතක් වෙන අවුරුද්දෙන් තිහක් හතළිහක් වෙනවා. ඒත් එක අමතක නෑ. ඒ දුක කම්පනය තියෙනවා.

ඔබේ ජීවිතයේ ඔබ වඩාත් විශ්වාස කරන්නේ? මම ගැන ඔබේ හොඳම යහළුවන් තිදෙනා? නෑ ඇත්ත වශයෙන්ම මට ගොඩක් යාලුවෝ නැහැ. නමුත් යාලුවෝ ඉන්නවා. මම හොඳම යාළුවා මගේ best friend කියන එකත් හැමදාම එහෙම තිබුණේ නැහැ. අදත් මම යාළුවන් ආශ්‍රය කරනවා. නමුත් මේ අයගෙන් හොඳම කෙනා කවුද කියලා කියන්න මට අමාරුයි. ඔබේ දේශපාලන ගමන් මග දිහා ආපහු හැරිලා බලද්දි දේශපාලනික වශයෙන් අද ඔබට හිතෙනවා ඔබ මේ ගත් තීන්දු තීරණ 3 වැරදි කියලා. එහෙම දෙයක් තියෙනවා නම් ඒ තීරණ තුනක් තියෙනවා නම් කියන්න පුළුවන්ද? මම සෘජුවම ගත්ත තීන්දු නොවුනත් මම සම්බන්ධ වෙච්ච ආණ්ඩුවල ඒ ආණ්ඩු ප්‍රධානී හැටියට මගේ තීන්දුව නොවුණත් ඒක රටේ තීන්දුවක් බවට පත් වෙන්නට මමත් දායක වුණා ඇමතිවරයෙක් වශයෙන්. එකක් තමයි එක් දහස් නවසිය අනූ ගණන් වල ජනධිපතිතුමිය එක්ක මේ රටේ අග්‍ර විනිසුරු පත් කරනකොට එතුමා මගේ මිත්‍රයෙක් වුණත් සුදුස්සෙක් සුදුසුකම් සියල්ල තියෙන මාර්ක් ප්‍රනාන්දු වගේ supreme court judge කෙනෙක් ඉද්දිත් සරත් එන් සිල්වා වගේ කෙනෙක් පත්වීම තුළින් තමයි ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිරිහීම පටන් ගත්තේ. ඒ තීන්දුවට මමත් වක්‍රව හෝ වගකියන්න ඕනේ.

දෙවැනි කාරණාව දේශපාලන වශයෙන් ගත්තොත් 2004දී මම ඒ ගැන විශේෂ මහන්සියකුත් වුණා. කදිරගාම ඇමතිතුමා ,අනුර බණ්ඩාරනායක ඇමතිතුමා වගෙ අයත් එක්ක. මොකද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2001 ඇවිල්ලා වැඩ කරගෙන යද්දී විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ලංකාවේ නොහිතපු වෙලාවක චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අමාත්‍යාංශ කිහිපයක් පවර ගෙන ඉන් පසුව ආණ්ඩුව විසුරුවා හැරියා තව කල් තියෙද්දී. මම හිතන්නේ ඒකත් ඇත්ත වශයෙන්ම මේ රටට බරපතළ ලෙස බලපාපු දේශපාලනික තීන්දුවක්. තුන්වෙනි එක හැටියට ගත්තොත් මට ඒක ඇත්ත වශයෙන්ම ඒක දේශපාලන තීන්දුවකට වඩා අනිත් ඉස්සෙල්ලා ප්‍රශ්නෙට යන්න ඔනද දන්නෙ නෑ. ඒක දුකක් වෙන්නත් පුළුවන්. මොකද මාතර මේ රටේ දියුණුම නගරයක් බවට පත් කරන්න තිබුණු සිහිනය අනුව තමයි මම 89 ඉඳන්ම වැඩ කළේ. 2017 දී මම මුදල් ඇමැතිවරයා වශයෙන් පත් වෙලා විශේෂයෙන්ම රොනි ඩිමෙල්ගෙන් පස්සේ දකුණෙන් පත්වෙච්ච එකම මුදල් ඇමැතිවරයා හැටියටමාතර නගරය තුළ ඇත්ත වශයෙන්ම අර ග්‍රීක සංකල්පයක් යටතේ ඒ කියන්නෙ ලංකාවෙ තියෙන හොඳම සහ ලොකුම පුස්තකාලය ඒ වගේම ලංකාවේ නාට්‍ය කලාවට තියෙන පුළුවන් හොඳම ශ්‍රවණාගාරයක් සහ ලංකාවෙ තියෙන හොඳම gymnasium මොකද මේක ග්‍රීක ඉතිහාසයේ හැම වෙලේම කියන්නේ මිනිහෙක් අංග සම්පූර්ණ වෙන්න නම් හොඳ මනසක් තියෙන්න ඕනේ, හොඳ ඇඟක් තියෙන ඕනේ ,ඒ වගේම ලෝකය සංස්කෘතිය තේරුම් ගන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඔය තුන එක නිල්වලා ගඟ අයිනේ ඉදිකිරීම මං පටන් ගත්තා. නමුත් ඒක කරන්නට බැරි වුණා අපි පැරදුන නිසා. ඊළඟ එක තමයි ඇත්ත වශයෙන්ම මං මෑතකදී වෙච්ච වැරැද්ද විශාලතම දේශපාලනික තීන්දුව තමයි මම සමගි ජනතා පෙරමුණට එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්න හරි තීන්දු කරපු එක. මොකද එක්සත් ජාතික පක්ෂය වගේ මේ රටේ ප්‍රධානම දැවැන්ත පක්ෂයක් දෙකඩ නොකිරීමට අන්තිම මොහොතේ වෙනකන් හරි සටන් කරලා ඒ දෙකඩ වීම තුළින් ඇත්ත වශයෙන්ම මගේ අසාර්ථක දේකුත් මම දකිනවා. ඒක ලොකු දුකක්. ඒ පක්ෂය දෙකඩ නොවුනා නම් ඒක දිනනවා කියන එක නෙමෙයි නමුත් තුනෙන් දෙකේ බලයක් ලබාගෙන මේ වගේ තත්ත්වයක් මේ රටේ ඇති වෙන්න ඉඩ තියෙන නැහැ යූඑන්පී එක ඔක්කොම එකට එකතු වුණා නම්.

ඔබේ දේශපාලන ගමන් මඟට ආලෝකයක් වූ ඔබ ගත් තීරණ තුනක්? මම හිතන්නේ ලොකුම ආලෝකයක් ගත්ත දේ තමයි මම 94දී චන්ද්‍රිකා මැතිනිය කැබිනට් මණ්ඩලයේ ලාබාලම කැබිනට් ඇමැතිවරයා හැටියට මාව පත් කරලා විදුලිසංදේශ ඇමතිකම දුන්නේ. ඒ විදුලිසංදේශ කියන විෂය ගැන මට කිසිම දැනුමක් නොතිබුණත් එක ලබා ගත්ත ගමන්ම මම අමාත්‍යංශය විතරක් නෙමෙයි තිබුන හොඳම විශේෂඥයන්ගේ දැනුම එකතු කරගෙන විශේෂයෙන්ම ලෝකේශ්වරම් වගේ හොද ලේකම්වරයෙක් මගෙ ළඟ තියාගෙන ,රොහාන් සමරජීව වගේ මහාචාර්යවරු අරගෙන ඒ අයගෙනුත් උපදෙස් අරගෙන ලෝක බැංකුව වගේ ආයතනවල ජාත්‍යන්තර උපදේශකයනුත් ගෙන්නගෙන ඇත්ත වශයෙන අවුරුදු දහයක් ,පහළොවක් ,විස්සක් එදා ටෙලිෆෝන් එකක් ගන්න තිබුණ තත්ත්වය අපි වෙනස් කරා. ඇත්ත වශයෙන්ම මෑත යුගයකදී මම මේ ලොකුවට කියනවා නෙමෙයි. මිනිස්සුන්ට ඒ ගැන හිතන නැත්තෙ මොකද ඒ තියෙන telephone table මේ විදියට නෙළුම් කුළුණ වාගේ මෙහෙම ගොඩගහලා පෙන්නුවෙ නම් ඔක්කොම කියයි නියමයි කියලා. මොකද මේක පේන්න නෑ. මේක පොළොව යට. අද හැමදේම ඒ නිසා තමයි අද ඒ නිසා තමයි telephone company අද මේ ඉන්න තරුණයන්ට තේරෙන්නෑ එදා තිබ්බ තත්වෙ. අද ඒගොල්ලොන්ට telephone දෙන්න පොර කනවා ගෙදරට ඇවිල්ල පොර කනවා. නමුත් එදා ටෙලිෆෝන් එකක් ගන්න මං මුලදි මුල් අවුරුද්දේ, දෙකේ ඇමැතිවරයා හැටියට අකුරු තුනක් ගහලා ලියුමක් අත්සන් කරන එක තමයි වැඩියෙන්ම කලේ. AOT . approved out of turn ඒ කියන්නේ ඇමතිවරයාගේ අත්සන මේක පෝලිමේ out of turn දෙන්න කියලා ටෙලිකොම් එකට ගෙනියන්න ඕනේ.

ඒක දුන්නහම ඊට පස්සේ විශේෂ ලැස්තුවක දානවා. විශේෂ ලැස්තුව දැම්මත් එකේ ඉන්න ඕනේ තවත් අවුරුදු 12ක් ඉන්න මිනිහට සමහර වෙලාවට අවුරුදු අටකින් විතර ටෙලිෆෝන් එකක් ගන්න පුළුවන් වෙයි. නමුත් එහෙම තියෙද්දි මුළු වෘත්තීය සමිති ව්‍යාපාරයම කියද්දී මගේ මළ මිනිය උඩින් විතරක් කියද්දී අපි ඒක පුද්ගලික අංශයත් එකතු කරගෙන පුද්ගලීකරණය කරලා එතනින් නැවැත්තුවෙ නෑ තව තරගකාරීත්වයක් ඇති කළා. මොකද එතකොට තමයි ආයතන හරි ගැස්සෙන්නේ. ඉතින් මම මගේ ලොකු ජයග්‍රහණයක් හැටියට ඒක දකිනවා. දෙවනුව ,අමාත්‍යංශ හැටියට මම නාගරික සංවර්ධන ඇමැතිවරයා හැටියට අවුරුද්දයි ඉන්න පුළුවන් වුණේ. අපේ ඒ ආණ්ඩුව ඊට පස්සේ 2000 ආණ්ඩුව 2001 වෙනකොට යූඑන්පී එක බාර ගත්තා. ඒ අවුරුද්දේදී හැබැයි මම වනාතමුල්ලේ ඒ තියෙන නිවාස වෙනුවට තට්ටු නිවාස හදන ඒ වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒක අදත් බලන්න තියනවා. ඒ වගේම කොළඹ අලංකාරය කිරීම කියන කතාව දැන් වෙන වෙන අය ඒකට උප්පැන්න සහතික ලියලා ඉවරයි. හැබැයි ඇත්ත වශයෙන්ම ඔය බේර වැව ඒ අවුරුද්දේදී මට එතකොට හමුදාව ඇවිල්ලා නොමිලේ වැඩ කරන්නවත්, මගේ සහෝදරයා මෙතන භාණ්ඩාගාරයේ තියෙන සල්ලි ඕන විදිහට පාවිච්චි කරන්න නොදුන්නත් ඒ තියන සීමා තුළ මම ඒ නගර අලංකාරණය කිරිම වෙනුවෙන් බේර වැව සහ ගෝල්ෆේස් වගේ දේවල් ආරම්භ කළා. ඒක මම සතුටු වෙනවා. නමුත් ඊට වඩා මට මට ඇත්තටම අවුරුදු 31 දේශපාලනය කරන්න තවත් දුකක් තමයි මට හරිහැටි එක අමාත්‍යාංශයක එක දිගට අවුරුදු පහක් හෝ හයක් කරගෙන ඉන්න ලැබුණ එකම අවස්ථාව තමයි ටෙලිකොම් අමාත්‍යංශය. මොකද ඊට පස්සේ ආපු හැම ආණ්ඩුවක්ම බොහොම මේ තියෙන ක්‍රමය අස්ථාවර වෙන්න වෙන්න අවුරුද්දයි, දෙකයි ,තුනයි එහෙම එහෙම මේවා වුනා. අන්තිමට අවුරුදු ගාණක් ගියපු ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මම අවුරුදු දෙකකින් අයින් වෙන්න වුණා.

දේශපාලනඥයෙකුට සියයටසීයක් හිතට එකඟව අවංකව ජනතා වෙනුවෙන් වැඩ කරන්න පුලුවන්ද? සියයට සීයක්ම අවංකව ජනතා වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒකට පුදුම ආත්ම ශක්තියක් ආත්ම ධෛර්යය තියෙන්න ඕන. මොකද තවමත් මේ රටේ ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරනන්ට එන බාධක සහ අකාර්යක්ෂමතාවය නිසා ඇතිවන බාධක විශාලයි. ඇත්තටම යම් කිසි දෙයක් ජනතා වෙනුවෙන් ව්‍යාපෘතියක් කරන්න ගියාම සමහර වෙලාවට ඒක ඔලුව බිත්තියට ගහගන්නවා වගේ වැඩක්. නමුත් කරන්න පුළුවන්. දේශපාලනයේ සදාකාලික මිතුරත් නැහැ. ඒ වගේම සදාකල් චතුර නුත් නැහැ කියලයි අපි අහලා තියෙන්නේ ඔබේ දේශපාලන දිවිය ඔබට හමු වූ හොඳම මිතුරන් තිදෙනා කවුද? මම ඇත්ත වශයෙන්ම දේශපාලනයට ආපු ගමන්ම ආපු දවසේ පළවෙනි රැස්වීමෙදි හමු වුන මිතුරා මම හිතන්නේ 2007 විතර වෙනකන් ඒ මිතුරුකම ඇත්තටම තිබුණා. ඒ මහින්ද රාජපක්ෂ. මොකද මට තාම මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එයා මං මේ අලුතෙන්ම ගිහිල්ලා අවුරුදු 31 කොල්ලෙක්. ඒ පලවෙනි රැස්වීමට ගිහිල්ලා මැතිණිය එනකං ඉද්දි මෙයා මට ඇවිල්ලා ඔයා මහානාමගේ පුතා මංගල නේද කියලා කතා කර ඒ දවසේ ඉඳලා අපි ගොඩක් කිට්ටු වුණා. ඇත්තවශයෙන්ම 89 චන්ද්‍රිකා මැතිනිය එනකන් මගේ හොඳම දේශපාලන මිතුරා මහින්ද කිව්වොත් හරි. අපි මව් පෙරමුණ හදාගෙන සම සංවිධායකවරු වෙලා එදා අතුරුදහන් වෙච්ච අය ගැන කෑගහගෙන විවිධ උද්ඝෝෂණ කරගෙන හිටියා.

දෙවනුව ඇත්ත වශයෙන්ම මගේ මම අදත් සදාකාලිකම මිතුරා හැටියට දැන් දේශපාලනයෙන් ගිහිල්ලත් එතුමිය දැන් අවුරුදු දහයකටත් වැඩියි. දැන් අවුරුදු දාසයක් වුණා. නමුත් අදත් මගේ ඉන්න හොඳම දේශපාලන මිතුරිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඒ වගේම මම අර මුලින් කිව්ව වගේ සදාකාලික සතුරන් මිතුරන් නැහැයි කියන ඒ කතාවේ හොඳම උදාහරණය තමයි මම. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇත්ත වශයෙන්ම එදා මම තරම් විවිධ විවේචන ආදිය කරපු කෙනෙක් නැති උනත් අද මම කියනවා ඇත්ත වශයෙන්ම අද මේ දේශපාලන පිටියට ආවමත් ක්‍රියාකාරීව ඉන්න අයගෙන් මම අගය කරන ආදරේ කරන තවමත් මේ රටට අවශ්‍ය දේශපාලකයෙක් හැටියට මිත්‍රයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා මම දකිනවා. මහින්ද රාජපක්ෂ ගරු අපේ අගමැති තුමන් සමඟ අද ඔබ යාලු නැද්ද ….? “මම තරහ නැහැ…ඇත්තටම එතුමා අද ආයිමත් මේ රටේ අගමැතිතුමා විදිහට පත් වෙලා තියෙනවා…අද වගකීම් රාශියක් තියෙනවා බරපතළ ලෙස ආර්ථික වශයෙන් කඩා වැටෙන රටක්…මුදල් ඇමති විදිහට බලා ගැනීමේ වගකීම එතුමා ට මගෙන් පැවරුණා…මම විශ්‍රාම යනවා කියලා ප්‍රසිද්ධ කරපු දවසේ ඉස්සෙල්ලාම මට කෝල් එකක් දුන්නේ මහින්ද දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ….ඇයි මංගල ඔයාට පිස්සුද කියලා මම කිව්වා දැන් ඇති වගේ කියලා ඊට පස්සේ කිව්වා මොන ඇති ද අවුරුදු හතළිහක් ඉඳලත් මට ටිකක් තාමත් මදි මදි වගේ කියලා හිනා වෙවී කිවුවා ….”

ඔබේ දේශපාලන දිවියේ දී ඔබේ විශ්වාසය කඩ කරපු අය ඉන්නවද…? “ඉන්නවා ගොඩක් ඉන්නවා හැබැයි අහන්න නං එපා….” මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම ඔබතුමාගේ ඇහුවොත් අපේ පිරිස අදටත් සමාජයේ ජීවත් වෙනවා හැබැයි ඔබේ ලෝකයේ මේ අය මිය ගිහින් එහෙම අය ඉන්නවද ඔබේ ලෝකයේ…? “දේශපාලනය කළොත් ජීවත්වෙන මියගිය අය ඕන දේශපාලනයෙකුට ඉන්නවා…අතේ දුරින් තියාගෙන ඉන්න මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා….” ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරනවා ද…? “නැහැ මම ක්‍රිකට් ක්‍රීඩාව බලන්න වෙයි අපි දිනනවා නං අන්තිම මොහොතෙ ගිහිල්ලා දිනන වෙලාව ටීවී එක ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා….මම ක්‍රිකට් පිස්සෙක් නෙවෙයි …මම දන්න යාලුවෝ ඉන්නවා ක්‍රිකට් මැච් එකක් තියෙනවා නම් ඒ දවස් දෙකේ leave දාලා හරි ගෙදර ඉඳගෙන තව යාලුවෝ ගෙන්න ගෙන ගෙන්න ගෙන උදේ ඉඳන් රෑ වෙනකම් මේක බලනවා නමුත් මම ක්‍රිකට් බලන්න ආසයි…මට මතකයි 96 අර්ජුන රණතුංග දිනපු වෙලාවේ මම අපේ අමාත්‍යාංශයේ ඔක්කොම ගියා ඒක බලන්න ගියා….ඒක හරිම ලස්සන අමතක අමතක නොවෙන අවස්ථාවක්….”

ඔබේ සිත්ගත් ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්නවද තුන්දෙනෙක් නම් කරන්න පුලුවන්ද…? “තුන්දෙනෙක් නෙමෙයි මම කියනවා සංගක්කාර කියලා…” ලංකාවේ ඔබ ප්‍රිය ප්‍රිය කරන රංගන ශිල්පීන් තිදෙනා කවුද…? “ගාමිණී ෆොන්සේකා මොකද ඇත්ත වශයෙන්ම මට විරුද්ධව 1989 අපි පලවෙනි මමත් පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තරග කරන්නේ එතුමත් පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තරඟ කරන්නේ එතකොට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එනකොට මාතරට ආවේ ගාමිණී ෆොන්සේකා…නමුත් අපි දෙපැත්ත හිටියත් අපි හොඳ යාළුවෝ ඇත්ත වශයෙන්ම මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා හරි ම ශ්‍රේෂ්ඨ චරිතයක් ….මම විජය කුමාරතුංග හම්බ වෙලා නැහැ චන්ද්‍රිකා කොච්චර අඳුර ගත්තත් මම විජය කුමාරතුංග විවිධ එයට හම්බවෙලා නැහැ නමුත් විජය කුමාරතුංගගේ රඟපෑමටත් වඩා මම විජය කුමාරතුංග ගෙ සින්දු වලට ආසයි…ඊට පස්සේ මම හොඳට අඳුරගත්තා සනත් ගුණතිලක සහ හොඳම නළුවෙක් ද නැද්ද කියන එක මම කියන්නේ නැහැ නමුත් එයත් සුන්දර මනුස්සයෙක්….”

ඔබ ප්‍රියකරන නිළියන් තිදෙනා කවුද….? “පළවෙනියෙන්ම මම කියන්නේ ස්වර්ණා මල්ලවාරච්චි කියලා…ජාත්‍යන්තර තලයට ගන්න පුළුවන් නිළියක් විදියට තමයි මම දකින්නේ විශේෂයෙන්ම ඇයගේ දඩයම වගේ චිත්‍රපට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ….සුන්දර සරල කෙනෙක් විදිහට මිනිස්සු මට සමහරක් විට බනී මම කැමතියි ගීතාට…ගීතාව ඉස්සර මම හොඳටම අඳුරනවා අපේ ගෙදරත් යනවා එනවා දේශපාලනයට එන්න ඉස්සෙල්ලා…ඇත්තටම මම ඒ කාලේ කියන්නේ ලංකාවේ star කෙනෙකුට ඉන්නේ.මම තරුවක් කියලා හිතට අරගෙන ජීවත් වෙන කෙනෙක් තමයි ඒ කාලේ ගීතා මොකද තව තිස්සෙම එලියට යද්දි හොලිවුඩ් වල කෙනෙක් වගේ ලස්සනට අඳිනවා…එයාගෙ රංගනය සම්බන්ධයෙන් මම නොකිව්වත් මම එයාට ගරු කරනවා මම කිව්ව වගේ ගීතා හිත හොඳ ගැහැනියක්….” ඔබ මෙතෙක් නරඹලා තියෙන හොඳම චිත්‍රපට තුන මොකක්ද….? “බලන්න ගියපු කාලයක් මතක නැහැ….මේන් lockdown කාලේ නං කාලෙනං netflix එක හින්ද චුට්ටක් බැලුවා….මතකය ඉතුරු වෙනවා ලෙස්ලි ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය….ගොඩක් ඉස්සර බැලුවත් මම හිතන්නේ අදටත් ඒ කතාව වලංගු යි ….ඊට පස්සේ පස්සෙ මම කිව්ව වගේ දඩයම….ඊට පස්සේ සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි …..ඔය තුළ තමයි මගේ හිතේ තියෙන්නේ….”

ඔබ වඩාත් ප්‍රියකරන ලංකාවේ ඉන්න මෝස්තර නිර්මාණ ශිල්පීන් තිදෙනා කවුද….? “මම ඇත්තටම මෑතකදී ඇත්තට ම මෑතක දී දේශපාලනයට ආවට පස්සෙ ඒ පැත්තෙන් වැඩි යන්න බැරි වුණා ඇත්ත වශයෙන්ම ඒ කාලේ ඉඳන් එන කෙනෙක් තමයි සේනක ඩී සිල්වා…මොකද මම දේශපාලනයට එන්න ඉස්සෙල්ලා 1987 ඕමාන් ගිහිල්ලත් අපි කළා fashion show එකක්…නමුත් මම අදත් දැක්කා ඇත්ත වශයෙන්ම එතුමාගේ දැනුම විශේෂයෙන්ම පසුගිය කාලයේ මම මුදල් ඇමැතිවරයා හැටියට ඉන්නකොට අපි අර enterprises srilanka කියලා ණය ක්‍රමයක් හදලා ඒකේ exhibition එක යාපනේ තියපු වෙලාවේ එතුමා ඇවිල්ලා යාපනයේ ඉන්න කාන්තාවන්ට තමන්ගේ තියෙන අමුද්‍රව්‍ය වලින් ඩිසයින් කරන දේවල් ගැන ඉතා සාර්ථකව ඒ දවස් තුන හතර කියලා දුන්නා….නයනතාර ෆොන්සේකා කියලා හිටිය ඩිසයිනර් කෙනෙක් ….ඒ වගේම මම හිතනවා දර්ශි කීර්තිසේන….” අපේ සමාජ මාධ්‍ය ජාලා තියෙනවනේ ඔබ වඩාත් ප්‍රිය කරන්නේ මොකටද…? “මම මේ සේරමගෙම ඉන්නවා ෆේස්බුක් එක තමයි මේ රටේ වෙන දේවල් ප්‍රවෘත්ති වගේ දේවල් සහ ඒ ඒ ගම්වල වෙන දේවල් පුද්ගලයින්ගේ ප්‍රවෘත්ති හැම දේම බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් එක මොකද ඇත්තටම කියනවා නං නොවැම්බර් මාසේ 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ මම අද වෙනකන් කාටවත් නොකියපු දෙයක් ඒකටත් බනී ද දන්නෙ නැහැ…මම අද වෙනකම් ලංකාවෙ තියන එක රූපවාහිනී ආයතනයක් වත් දාලා බලලා නැහැ….ඊට පස්සේ එක ප්‍රවෘත්ති පත්තරයක්වත් මෙහෙට ගන්නෙත් නැහැ මොකද ඒවා ඕන නෑ…මොකද මම දැනගන්න ඕන ටික ඔක්කොම facebook එකෙන් දැන ගන්නවා….”

මේ වන විට ඔබතුමා රටවල් කීයක විතර සංචාරය කරලා තියෙනවද….? “මම පෞද්ගලිකව නම් යන රටවල් කීපයයි තියෙන්නෙ මම ආසයි නම් තැනකට පුළුවන් තරම් ආයෙමත් ආයිමත් යන්න තමයි හිතාගෙන ඉන්නේ….එංගලන්තය ඇමෙරිකාව නිව්යෝර්ක් වගේ රටවල් වලට මම කීප වතාවක් ගියා ඉස්සරහටත් යන්න බලාපොරොත්තු වෙනවා ඉතාලිය ට ,රෝමයට මම ඉතාම ආසයි සහ දකුණු ඉතාලියට මම කීප වතාවක් ගිහිල්ලා තියෙනවා…ඒ වගේ රටවල් හතර පහකට මම නිතර නිතර ගිහිල්ලා තිබුනා…ගණන් කරලා මම බලලා නෑ අඩුම ගානේ රටවල් අවසානයේදී පනහක් හැටක් විතර සංචාරය කරලා තියෙනවා….” දැන් මම ඔබතුමාට පුද්ගලයින් කීප දෙනෙක්ගේ නම් කියනවා මේ කියන පුද්ගලයින් දැනටත් විවිධාකාර වූ වෘත්තීන්වල නියැලෙනවා…ඔය මම ඔබතුමාට කියනවා මේ පුද්ගලයින්ට වෙනත් වෘත්තියක් යෝජනා කරන්න කියලා….මුලින්ම හරින් ප්‍රනාන්දු මහත්මයා…? “මම හිතන්නේ හොඳ රගර් ක්‍රීඩකයෙක් …..” නාමල් රාජපක්ෂ අපේ ක්‍රීඩා ඇමති….? “නාමල් රාජපක්ෂ නම් ක්‍රීඩකයෙක් හැටියට හිටිය නමුත් ඇත්ත වශයෙන්ම නාමල්ව මට පේන්නෙ පින්තූර වලින් පවා ගෙදරට වෙලා ඉදගෙන නෝනට උදව් කරගෙන ළමයා බලා ගත්ත නං ඊට වඩා හොඳයි කියලා….හොඳ තාත්ත කෙනෙක් වෙයි…”ශලින් බාලසූරිය මහතා ?”මේ රටේ නැගීගෙන එන දක්ෂ ව්‍යාපාරික තරුණයෙක්…ශලින් ගේ තියෙන උස මහත දිහා බැලුවහම හොඳ pilot කෙනෙක් වෙන්නත් පුළුවන්…”

රෝසි සේනානායක මහත්මිය ….? “ආයිමත් ඇයට ලෝක රූ රැජින වෙන්න බැරි නැහැ මොකද අපිත් යම්කිසි වයසකට ගියත් තාමත් ලස්සනයි….” සනත් ගුණතිලක මහතා…..? “සරත් ගුණතිලක මහතා දැන් ඉතින් පොඩ්ඩක් විශ්‍රාම සුවයෙන් හිටියනම් හොඳයි…..” හේම නලීන්ද රණවක මහතා…නැත්තං කොලු….? “ඇත්ත වශයෙන්ම කොලූ ට නං වෙන රස්සාවක් දෙන්න බැහැ මොකද ඒ මනුස්සය තරම් හොඳට රහට උයන්න පුළුවන් chef කෙනෙක් අද ලංකාවේ නැහැ…..” ඔබ ඉතාමත්ම හිතවතියක් ව සිටි සහ දැනට සිටින අකුස සෙල්ලයියා …?”මගේ ඉතාමත්ම හොඳ මිත්‍රයෙක්….ආගම ප්‍රචාරය කරන්න හොඳයි කියලා මම හිතනවා….” සේනක ද සිල්වා මහතා…? ” මොස්තර නිර්මාණ ශිල්පියෙක් නොවුණා නම් ඇත්ත වශයෙන්ම මෝස්තර නිරූපණයෙක් වෙන්න පුළුවන් මොකද ඇත්ත වශයෙන්ම එයාට නිරූපකයෙක්ගෙ විලාශයට තමයි පාරේ ඇවිදගෙන ගියත් යන්නේ….අද වුණත් මම හිතනවා හොද modle කෙනෙක් වෙන්න පුළුවන් කියලා…” ඒ වගේම දැන් මම ඔබතුමාට කියනවා තවත් පුද්ගලයින් කීප දෙනෙක්ගේ නම් මේ අයගේ ඔබ කැමති ගුණාංගයක් සහ අකමැති ගුණාංගයක් කියන්න….මුලින්ම රනිල් වික්‍රමසිංහ මහතා…? “රනිල් වික්‍රමසිංහගේ හොඳ පැත්ත ගත්තොත් එතුමාගේ දැනුම එතුමාගේ දැක්ම සහ ජාත්‍යන්තර සම්බන්ධතා කියන දේවල්….රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අකමැති පැත්ත බැලුවොත් ඇත්ත වශයෙන්ම එතුමා තව කෙනෙක්ට කතා කරනකොට මුහුණ මුහුණ බලාගෙන කතා කරන්නේ නැහැ අනිත් පැත්ත බලාගෙන තමයි කතා කරන්නේ එක අඩුවක් හැටියට මම දකිනවා….”

රංජන් රාමනායක මහතා….? ”රංජන් කියන්නේ ඇත්ත වශයෙන්ම බොහොම අහිංසක සරල නළුවෙක් සහ දේශපාලනඥයෙක්….හැබැයි හැම දේම බොහොම ලාවට ද ගන්නවා වැඩියි ,ඒ වගේම කට පරිස්සම් කරගන්න බැරිවුණ නිසා තමයි මේ වගේ දේවල් උනේ….එතුමාට මම හරි ආදරේ අදත් මම විශාල වශයෙන් දුක් වෙනවා එතුමා අගුණුකොළපැලැස්ස වගේ තැනක හිර වීම ගැන නමුත් ඇත්තට ම එතුමා රටට අවශ්‍ය දේශපාලනඥයෙක් ….” අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා….? “මම ඒ ගැන කතා නොකරම ඉන්නම්…..මොනවා උනත් අපි එතුමාට ජනාධිපති වෙන්න එන්නෙ කියලා බල කරල එතුමාගේ ආණ්ඩුවේ අවුරුදු පහක් හිටියා හැබැයි එක දෙයයි කියන්නේ ලණු කන්න captain….” දයාසිරි ජයසේකර මහතා ….? “එයා ගැන විශේෂ මතයක් නැහැ නමුත් තරුණ දේශපාලනඥයෙක් හැටියට එතුමාට හොඳ අනාගතයක් තියෙනවා අත්තෙන් අත්තට පනින කුරුල්ලා අවසානයේ නැහෙනවා කියනවා වගේ මම කියන්නේ එතුමා යම්කිසි ප්‍රතිපත්තියක් වෙනුවෙන් දීර්ඝකාලීන පෙනී හිටියොත් දිගු ගමනක් තියේවි….” සජිත් ප්‍රේමදාස මහතා….? “සජිත් අහිංසකයෙක්….එච්චර මම කියන්න කැමතියි…” චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය …? “අකමැති එකම දේ මට එතුමිය ගැන තියෙන්නෙ ප්‍රමාදය…ඇත්තටම වෙලාවට එන්නේ නැහැ ඒ කාලේ ජනාධිපතිනි වෙලා ඉද්දි හැම එකක් ගැනම ඕනෑවට වඩා හොයනවා මගදී එනකොට කෙනෙකුට හෙම්බිරිස්සාව හැදිල කියල ගෙදර සේවකයෙක් කිව්වොත් පොඩ්ඩක් ඉන්න මම හදපු පේයාව වගයක් තියෙනවා ඉන්න කියලා හැරිලා ගිහිල්ලා ඒ ටික දීලා තමයි එන්නේ….නමුත් අනික් හැම පැත්තෙන්ම මම එතුමියගේ වැඩියෙන්ම ගරු කරන්නේ මිනිසත් බවට …ඇත්ත වශයෙන්ම මනුෂ්‍යකම ඉහළින්ම පිරී ගිය කෙනෙක් …..ඒ වගේම එතුමිය තමයි ජාතිවාදය ආගම්වාදය ට විරුද්ධව….ව්‍යවස්ථාවක් ගෙනල්ලා අහෝසි කරන්න හැදුවෙ….”

මහින්ද රාජපක්ෂ මැතිතුමා කැමති අකමැති…? “මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ ඇත්ත වශයෙන්ම හොඳ සුන්දර චරිතයක් මෙයා ඕනම මනුස්සයෙක් හම්බුවෙලා කොහොමද මල්ලි කියල බඩත් අත ගාගෙන ගියා ට ඊට වඩා ගැඹුරක් නැහැ…තියෙන සුන්දරත්වය ම තමයි එතුමාගේ නරක පැත්තක්….අදත් මගේ හදවතේ කොටසක් එතුමාට ඇමති කම් නැති කරලා මාව පන්නලා,සීඅයිඩී ගෙනිහිල්ලා,දෙන්න පුළුවන් හිරිහැර විශාල ප්‍රමාණයක් දුන්නත් මගේ හදවතේ මහින්ද රාජපක්ෂට පොඩි ආදරයක් කොයි හරි කොනක ඉතුරු ඉතුරු වෙලා තියෙනවා…නමුත් මම හිතන්නේ අනිත් බොහෝ නායකයන්ට වඩා වර්තමානයේ ජනාධිපති තුමාටත් වඩා මේ රටේ අද තත්වයට වග තත්වයට වග කියන්න ඕනේ එතුමා කියලා….” මොහොතකට සිතන්න ඔබ හෙට උදේ මේ රටේ ජනාධිපතිවරයා වෙනවා කියලා…මොකක්ද ඔබේ පළමු කාර්යය …? “මට ලැබුණු තනතුර හැකිතාක් ඉක්මනින් මම අහෝසි කරනවා…මම කරන පළවෙනි රාජකාරිය වන්නේ මම දිනපු ජනාධිපතිධූරය මම ම අහෝසි කරනවා…මොකද මේ රටට විධායක ජනාධිපතිධූරය තවදුරටත් දරා ගන්න බැහැ …අපේ රට අත්තිවාරමක් නැති රටක් ගෙයක් හදන්න හොඳ ශක්තිමත් අත්තිවාරමක් ඕනේ නමුත් අත්තිවාරමක් දාන්නෙ නැතුව හදන්න පටන් ගත්තොත් ටිකක් කල් ගිහිල්ලා කඩාගෙන වැටෙනවා මෙහෙම නම් විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ,නිදහස ,නීතිය ආධිපත්‍ය ඉතාමත් ම වැදගත් ඒ සියල්ල මුල් කරගත්ත අනාගතයේ දී වත් කාටවත් වෙනස් කරන්නට බැරි විදිහේ නීති රීති ගෙනල්ලා ඒ අත්තිවාරම දා ගත්තට පස්සේ ඉන්න ඊළඟ පරම්පරාවට මහා ඡන්දෙකින් අලුත් ආණ්ඩු පිහිටුවා ගන්න පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ…. මොකද මට කරන්න පුළුවන් මගේ මගේ වයසත් එක්ක මම පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගියත් මම තාම දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා නැහැ තව අවුරුදු පහකින් හයකින් 70,71 වෙනකොට මම දේශපාලනයෙනුත් සම්පූර්ණයෙන් ම විශ්‍රාම ගන්නවා …ගන්න පුළුවන් දෙයක් තියෙනවා නං ඒ අත්තිවාරම දාන්න මම සූදානම්…තවම දැකපු නැති ලස්සන ලෝකයක් තියනවා ඉතිං හැත්තෑ මෙන් පස්සේ අවුරුදු පහක් විතර තියා ගන්නවා මගේ වැඩවලට …”