Rata Wasiya

Rata Wasiya Blog

මංගල මියගියේ හදිසියේ රනිල් ඊයෙත් කතා කරලා photos

නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කරන ලද හිටපු ඇමති මංගල සමරවීර අද දින මියගොස් ඇත්තේ තමාට කොරෝනා සූවය ලැබූ බවට ලක්ෂණ පෙන්නුම් කර යහපත් තත්වයෙන් සිටියදී බව රෝහල් ආරංචි වාර්තාකරයි.ඔහු රෝහලට රැගෙන ආ අවස්ථාවේ දුර්වල තත්වයෙන් සිටි නමුත් පසුව ප්‍රතිකාර ලබද්දී දුෂ්කර තත්වයෙන් මිදී ඇති අතර ඊයේ වනවිට තමා සුවවූ බව දක්වමින් මිතුරන් හා සාමීචියේ යෙදී ඇතිබවද වාර්තාවේ. අද දින ඔහු මියගිය පසු ඒ ගැන සඳහනක් කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ තමා සමග ඊයේ මංගල දුරකථන ඔස්සේ සම්බන්ධවූ බවයි.

ඊයේ දහවල් ඔහු තමා සමග ටික වේලාවක් කථා කළ බවත් සුවය ලබා පැමිණි පසු කරන්නට තිබෙන දේවල් ගැන කථාබහකද නිරතවූ බව වික්‍රමසිංහ මහතා දන්වා සිටියේය.කෙසෙ වෙතත් ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වය මත අද උදෑසන ඔහු මියගොස් තිබේ. එනමුත් මෙම මරණය කොරෝනා මරණයක් ලෙස සලකනු ඇත.මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද (24) සවසම බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන්නට යෙදිණි. එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වාහනවල සිට පමණක් අවසන් කටයුතු නිරීක්ෂණය කරන්නට සිදුවූ නිසා වැඩි පිරිසක් ඒ සමීපයට ගොස් තිබුනේ නැත එලෙස ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්

Message from Samantha Power, the head of the U.S. Agency for International Development on the death of former minister Mangala Samaraweera.I am devastated by the passing of Mangala Samaraweera, former Sri Lankan Foreign Minister, a great patriot and statesman, advocate for democracy and human rights, and a treasured friend.My sincere condolences to his family and the people of Sri Lanka. Mangala entered politics during a brutal civil war because he dreamed of peace, harmony & dignity for all Sri Lankans.He helped found the Mothers’ Front, which tracked information on Sri Lanka’s legion of disappeared while pressing for answers on their fate & accountability.

Mangala fought for justice & for reconciliation. As Foreign Minister he pushed to create the Office on Missing Persons, & for reparations to war victims and survivors. As Finance Minister, he orchestrated the forgiveness of loans taken out by desperate families after the war. Mangala wanted to open Sri Lanka to the world, & I’m grateful to have worked with him to strengthen US-Sri Lanka ties. He’s one of the most remarkable public servants I’ve known & a profoundly good person. I’ll miss his wise counsel, tremendous wit, & rare gift for friendship.