Rata Wasiya

Rata Wasiya Blog

මම නිළියක් වුණේ ෆුට්බෝල් නිසා චලෝ හි රුවැත්තිය 25 photos

මේ දිනවල දී අතිශය ජනාදරයට ලක්වෙමින් ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන ‘චලෝ’ ටෙලි නාට්‍යයේ හංසි චරිතයට පණ පොවන ප්‍රවීණා පෙරේරා ගැන නොදන්න කෙනෙක් නැති තරම්.නමුත් විශේෂත්වය වන්නේ ඇයව අප මීට පෙර හඳුනාගත්තේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් ලෙසින් වීමයි.ක්‍රීඩාව මෙන්ම රංගනය ද ඉතාමත්ම දක්ෂ ලෙසින් කරගෙන යන මෙම රුවැත්තිය පසුගියදා එක්වූ මාධ්‍ය සාකච්ඡාවක දී තමන් ආ ගමන පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

ඇත්තටම මම මුලින්ම කියන්න ඕනේ මම රංගන ක්ෂේත්‍රයට නවකයෙක්.මොකද මම football ක්‍රීඩාව ඔස්සේ තමයි මෙච්චර කල් මගෙ දක්ෂතා දැක්වූයේ.මම ජාතික පාපන්දු කණ්ඩායමට එකතු වුණේ 2012 වර්ෂයෙදී.ඒ වගේම මම දැනටත් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා. මට චලෝ කතාවට එකතු වෙන්න ආරාධනා කලේ පිටපත ලියපු ගයනි අක්කා.මේ ටෙලි නාට්‍යය ගෙතිලා තියෙන්නේ පාපන්දු ක්‍රීඩාව වටා.ඉතිං පිටපත කියෙව්වහම මට හරි ආසාවක් ඇති වුණා මගෙ දක්ෂතාවය ටෙලි නාට්‍යයක් ඔස්සේ රඟදැක්වීමට.මුලින්ම අම්මා නම් කැමති වුණේ නැහැ මම රඟපාන්නේ යනවට.නමුත් දැන් එයා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ඇත්තටම රඟපෑම කියන දේ මට හරිම ආගන්තුක දෙයක්.මේ මගෙ මුල්ම ටෙලි නාට්‍යය.මේ ටෙලිනාට්‍යයේ මාත් සමග රඟපාන්න ඉන්නෙ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ.ඉතින් ඔවුන් සමග රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබීමත් මම ලද භාග්‍යයක් කියල තමයි මම හිතන්නෙ.ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයත් ඉතාම ඉහළයි. රගපෑමයි ක්‍රීඩාවයි කියන්නේ හාත්පසින්ම වෙනස් අංගයන් දෙකක්.මට රඟපාන කොට තමයි තේරුනේ රංගන ශිල්පීන් කොයි තරම් මහන්සියක් ගන්නවා ද ප්‍රේක්ෂකයෝ සතුටින් තියන්න කියලා.ඇත්තටම රඟපාන එක අමාරු වැඩක්.මම රැකියාවෙන් පවා ඉවත් වෙනවා මේ ටෙලි නාට්‍යය නිසා.

“කෙටි කාලයක් තුළදී වුනත් මට ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ආකර්ෂණයක් ලැබෙනවා.සමාජ මාධ්‍ය ඔස්සේ උනත් ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා.ඒ වගේම මගෙ ගමෙන් තමයි මට විශේෂම ප්‍රතිචාර හම්බ වෙන්නේ.ඉතින් මට මගේ ගමන ගැන ගොඩක් ලොකු සතුටක් තියෙනවා.ඒ වගේම මතක් කරන්න ඕනි මට මගේ ක්‍රීඩා කණ්ඩායමෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා.පාපන්දු ක්‍රීඩාව වටා ගෙතුන කතාවක් නිසා එයාලත් හරි ආසයි මේ වගේ ටෙලි නාට්‍ය විකාශනය වෙනවට.” කියලා තමයි අවසාන වශයෙන් ඇය ඇගේ අදහස් දැක්වූයේ. චලෝ හි හංසි හෙවත් ප්‍රවීණා පෙරේරා පාපන්දු ක්‍රීඩාවට මෙන් ම රංගනයට ද මහත් වූ දක්ෂතා පෙන්වන නව පරපුරෙන් බිහි වූ රුවැත්තියක්.ඉතින් ඇයගේ ක්‍රීඩා කටයුතු වගේම රංගන කටයුතු ද අතිශය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24