Rata Wasiya

Rata Wasiya Blog

හෑමොම ආදරේ කරන ධර්මසේනගෙ ජිවිතේ නොදත් කතාව 25 photos

කුමාර් ධර්මසේන කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක්.ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.1993 දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගයෙන් වයස අවුරුදු 22ක් වූ කුමාර් ධර්මසේන ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබා ගන්නවා.ඉන්පසු ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හා එක්දින තරග රැසක් ක්‍රීඩා කළ අතර 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක්ද වෙනවා.එමෙන්ම ඔහු ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.2009 වසරේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක්දින තරගයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වශයෙන් ක්‍රිකට් විනිසුරු භූමිකාවට එළඹීමට ඔහු සමත් වුණා. ඉන්පසු 2012 දී වසරේ හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට අයත් සම්මානය දිනා දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.මෑතකදී කුමාර් ධර්මසේන විසින් සිය ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ තමා පිටියට රැගෙන යන දෑ පිළිබඳව වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා.එහිදී ඔහු පැවසූයේ මෙවන් දෙයක්.

ගොඩක් දෙනෙක් අහල තිබුනා මම පිටියට යන්න කලින් කොහොමද සූදානම් වෙන්නෙ කියලා සහ මම මොනවද Hat box එකේ රැගෙන යන්නෙ කියලා.”ඉන්පසු ඔහුගේ Hat box එකේ පියන විවෘත කර එහි තිබෙන දෑ පිළිබඳව පැවසූයේ මේ අයුරින්. මුලින්ම තියෙනවා මගේ Hat එක.ඒ වගේම මම wet tissues පිටියට යද්දි රැගෙන යනවා.එයට හේතුව පන්දුව ග්‍රවුන්ඩ් එකෙන් එළියට ගියාම පිටියේ වැඩ කරන ground boysලා බෝලය ඇල්ලුවාම එය නැවත යථා තත්ත්වයට පත් කරන්න wet tissues ප්‍රයෝජනවත් වෙනවා.ඒ වගේම මම ගේජ් එකක් රැගෙන යනවා.ඒකෙන් පන්දුව out shape වෙනවද කියල හරියාකාරව බලන්න පුළුවන් ඇතුලට දාලා.ඒ වගේම මම කුඩා සටහන් පොතක් ගෙනියනවා.සියලුම මැච් ගැන මම ඒකෙ සටහන් කරගන්නවා.මං අන්තිමටම umpire කරපු 69 වෙනි ටෙස්ට් මැච් එක තමයි මේ අන්තිම පිටුවේ තියෙන්නේ.ඒ වගේම මම පුංචි tool kit එකක් ගිනියනවා.එහි කතුරක්, යම් දෙයක් කපන්න පුළුවන් උපකරණයක් වගේ දේවල් ටිකක් තියෙනවා.ක්‍රීඩකයන්ගේ නියපොත්තක් ගැලවිලා තියනවනම් ඒක හදන්න වගේ දේවල්වලදි මේක ගොඩක් උපකාරී වෙනවා.ඒ වගේම තරගය පටන් ගන්න කලින් මේ වළල්ල දාගන්නත් මං අමතක කරන්නේ නෑ.මොකද මේ වළල්ලේ ලියලා තියෙන්නේ watch the ball කියලා.හැම පන්දුවකට ම කලින් මම එක කියවනවා.එතකොට මට හැම බෝලයකටම අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබෙනවා ඒක දැක්කම. ඒ වගේම ball counter එකක් මං ගෙනියනවා.මේකෙන් over 100ක් එක දිගට Count කරන්න පුළුවන්.ඒ වගේම අවසාන වශයෙන් මම බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් groundඑක මැද්දට රැගෙන යනවා.මොකද මං බෞද්ධාගමිකයෙකු නිසා.” කියලා තමයි ඔහු එම වීඩියෝව ඔස්සේ පල කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉතාම දක්ෂ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන ඇත්තටම ඉතා නිරහංකාර ජේෂ්ඨයෙක්.ඉතින් ඔහුගේ ඉදිරි අනාගතයට සුබ පතන ගමන්ම sri lanka cricket නාමය තවත් ඉහලට එසවීමට හැකිවේවායි ද සුභාෂිංශන එක් කරනවා.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25