Rata Wasiya

Rata Wasiya Blog

මලක් මෙන් සුන්දර ශේෂාද්‍රි ජයටම සැමරූ උපන්දින සාදය photos

ශේෂාද්‍රි ප්‍රියසාද් කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ඒ තරමටම ප්‍රියසාද් පවුල කලා ලොවත් සමග නිරන්තරයෙන්ම අත්වැල් බැඳගෙන සිටිනවා.දිනක්ෂි ප්‍රියසාද් , ශේෂාද්‍රි ප්‍රියසාද් , ශනුද්‍රි ප්‍රියසාද් යන සහෝදරියන් ත්‍රිත්වය ලංකාවේ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය ඉහලින්ම දිනා සිටින කලාකාරිනියන් කිව්වොත් නිවැරදියි.ප්‍රියසාද් පවුලේ දෙවෙනි දියණිය වූ ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගිය දිනක දී ඉතාම චාම් ආකාරයට ඇගේ දෙවන විවාහය කරනු ලැබුවා.පළමු විවාහයේ දී ලැබූ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දී කාලයක් නිහඬව සිටි ඇය දෙවන වරට විවාහ වන්නේ අපි කවුරුත් දන්න doctor සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟයි.පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පමණක් සම්බන්ධ කරගෙන ඉතාම සරල විවාහ උත්සවයක් ගත් ඇය නිරන්තරයෙන් පවසා සිටින්නේ ඉතාමත්ම සරල විවාහ උත්සවයක් ගැනීම ඇයගේත් ක්‍රිෂාන්ගෙත් සිහිනයක්ව තිබූ බවයි.නමුත් චාරිත්‍ර වාරිත්‍ර ටික නියම ආකාරයෙන් ම සිදු කළ බවත් ඔවුන් පැවසුවා.පලමු විවාහ ජීවිතයේ දී ඇයට ඇති වූ කටුක අත්දැකීම් වලට සහනයක් දීමට හැකි වූ එකම පුද්ගලයා ක්‍රිශාන් බවත් ඇය පවසා සිටියා.ඒ වගේම තමයි ඔහුටත් එවැනි අත්දැකීම් තිබෙන නිසා දෙන්නට දෙන්න තේරුම් ගන්න ගොඩක් පහසු වුණා කියලත් ඇය පවසා සිටියා.ක්‍රිෂාන්ගේ පවුලේ උදවිය ඇයට ගොඩක් ආදරෙන් සලකන බවත් එවැනි පවුලකට එක්වීමට ලැබීම ඈ ලැබූ වාසනාවක් බවත් ඇය පවසල තිබුණා.ඉතින් මෙලෙස ආදරණීය විවාහ ජීවිතයක් ගත කරන ඇය පසුගිය දිනක දී ඇගේ ජන්ම දිනය සැමරුවා.පවුලේ සාමාජික සාමාජිකාවන් පිරිවරා ගත් අපූරු ලස්සන උපන්දින සාදයක් ඔවුන් පවත්වා තිබූ අතරම අලංකාර photoshoot එකක් ගැනීමටත් ඇය අමතක කළේ නැහැ.ඉතිං පුංචි තිරය තුළ මෙන්ම රිදී තිරය තිරයේත් සිය දක්ෂතා පෙන්නුම් කළ මේ රුවැත්තියට සුභම සුභ උපන් දිනයකට සුභාශිංසන එක් කරනවා.

#1

#2

Photography and Videography : Pamod Nilru Photography Props and set up : Zee Events Hair and make up : Nuwan Wijethunga Outfit : Terin Gabbalage Cake : A taste of heaven Jewelry : Abharana By Michel