Rata Wasiya

Rata Wasiya Blog

රටක් හඬවමින් සම්පත් තෙන්නකෝන් දිවි රඟ මඩලින් සමුගනී

සම්පත් තෙන්නකෝන් කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය සඳහා ඉතා විශාල මෙහෙවරක් සිදු කළ ආදරණීය ප්‍රවීණ රංගන වේදියෙක්.ඔහු වේදිකා නාට්‍ය තුළ දී මෙන්ම රිදී තිරය තුළත් ටෙලිනාට්‍ය තුළත් සිය අසහාය රංගන කුසලතාවය විදහා දැක් වූ අතරම එනිසාම බොහෝ රසික රසිකාවියන්ගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වීමට ඔහුට හැකියාව ලැබුණා.ඔහු විවාහ වී සිටියේ ප්‍රකට වේදිකා සහ ටෙලි නාට්‍ය නිළි රත්නා ලාලනී ජයකොඩි මහත්මිය සමඟයි.

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු වේදිකා නාට්‍ය 50 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති අතර ඔහුගේ මංගල සිනමා අත්දැකීම 1990 විජය ධර්මශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරන ලද හිම ගිර චිත්‍රපටය චිත්‍රපටයේ සුළු චරිතයක් වුණා.එතැන් සිට ඔහු චිත්‍රපට 12කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර අහස් මාලිගා, හිම ගිර ,ගිනි අවි සහ ගිනි කෙලි, සිරි රජ සිරි, බෝම්බ සහ රෝස ,සරෝජා ආදී චිත්‍රපට සුවිශේෂී වන අතරම ඔහු රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර තල මල පිපිලා,පුත්‍ර සමාගම ,ගුරු තරුව ,මායාදේවි,තල මල පිපිලා ආදිය සුවිශේෂී වනවා.ඒ වගේම තමයි මහවිරු පන්ඩු, දිවිතුරා, ස්නේහා, වෙරෝනා වැනි ටෙලිනාට්‍ය ටෙලි නාට්‍ය ඔස්සේ ද ඔහු රසිකයා පිනවීමට සිය රංගන දායකත්වය ලබා දුන්නා.

ඔහු මියයන විට 62 වැනි වියෙහි පසුවූ අතර ඔහු පසුගිය දිනවලදී දරුණු පෙනහළු පිළිකා රෝගී තත්ත්වයක් නිසා පීඩා විඳිමින් සිටියා.ඒ වගේම තමයි ඔහුගේ අක්මාවට හානි සිදු ව ඇති බැවින් අක්මාව ඉවත් කිරීමටත් සිදු වූ බව අපට ආරංචි වුණා.කලා ක්ෂේත්‍රය තුළ සිටින බොහෝ රංගන ශිල්පීන් ගායන ශිල්පීන් මෙන්ම ඔහුගේ ආදරණීය රසික රසිකාවියන් ද ඔහු රෝගාතුර ව සිටිය දී විවිධ ආගමික වතාවත් සිදු කළ අතරම ඔහුට රෝගී තත්ත්වයෙන් සුව වීමට ආශිර්වාද කිරීමටත් අමතක කළේ නැහැ.කලා ලොවම පමණක් නොව මුළු ලංකාවම හඬවා අප අතරින් නික්ම ගිය සම්පත් තෙන්නකෝන් ආදරණීය කලාකරුවානන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම තමයි අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිදු කර නිම කරන බවද දන්වා තිබෙනවා.