Rata Wasiya

Rata Wasiya Blog

කෙට්ටු වැඩි වුනත් මහත වැඩි වුණත් මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක්

නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්.ඇය සංගීත ක්ෂේත්‍රය තුළට පිවිසෙන්නේ සිරස නාලිකා විසින් විකාශය කළ සිරස සුපර්ස්ටාර් ගායන රියලිටි වැඩසටහන ඔස්සේයි.ඒ ඔස්සේ ඉතා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් තමා වටා එක්රොක් කරගන්නා ඇය ඇය ගේ කටහඬින් ගායනා කරන ගීත රාශියක් ක්ෂේත්‍රයට දායාද කර දුන්නා.එම ගීත නව පරපුරේ බොහෝ රසික රසිකාවියන් ඉතා ඉහළින් වැළඳ ගත් අතරම තවමත් එම ගීතයන්වලට ඇත්තේ මහත්වූ ප්‍රේක්ෂක ආදරයක්.

මධුර අබේසිංහ නම් ව්‍යාපාරිකයෙක් සමඟ විවාහ වී සිටින ඇය මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වනවා.නූතන පරපුරට ආදර්ශයක් වෙමින් ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන නදිනි නිවේදිකාවක් විදිහටත් අපට දැකගන්නට පුළුවන්.ඉතින් මව් පදවියත් එක්ක ඇයගේ ශරීරයේ බර 90kg පමණ වීම නිසා ඇයගේ වෛද්‍යවරයා ඇයට බර අඩු කර ගැනීම සඳහා උපදෙස් දී තිබෙනවා.ඉන්පසු ඇය වෛද්‍යවරයාට පවසා සිටියේ කෙසේ හෝ සුපුරුදු ශරීර බර ප්‍රමාණයම දරුවා ලැබුණට පසු තබා ගන්නවා කියලයි.ඉතින් මේ වන විට සිහින් ශරීරයක් පවත්වාගෙන යන ඇය ඒ පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

“මම ඇත්තටම පෙර මෙන් මගේ ඇඟේ බර පවත්වාගෙන යන්න ලොකු කැපවීමක් සහ මහන්සියක් වුනා.ඒ සඳහා මම ශරීර සුවතාව පිළිබඳව විශේෂඥ පුද්ගලයෙකුගෙනුත් උපදෙස් ගත්තා.කෙනෙක් මහත් වුණොත් කියනවා මහත වැඩියි කියලා. කෙට්ටු වුනොත් කියනවා කෙට්ටු වැඩියි කියලා. මධ්‍යස්ථ ගානට හිටියොත් කියනවා එහෙමත් හරි නැහැ කියලා. ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ මිනිස්සු ඇයි එහෙම හැසිරෙන්නෙ කියලා.නිසි වෙලාවට ආහාර පුරුදු අනුගමනය කළොත් සහ ශරීර සුවතා ව්‍යායාම් වල නිරත වුණොත් ඕනෑම කෙනෙක්ට තමන්ගේ බර පාලනය කරගන්න පුළුවන්.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.