Rata Wasiya

Rata Wasiya Blog

හර්ෂ ද සිල්වා ජනාධිපතිකම භාරගන්න – රංගන ශිල්පි විශ්ව ලංකා

රටේ පවතින මෙම අර්බුද පිළිබඳව ජනප්‍රිය රංගන ශිල්පි විශ්ව ලංකා සමාජ මාධ්‍ය වෙත ඔහුගේ අදහස් ප්‍රකාශ කර තැබුවේ මෙලෙසයි…”ඩීසල් වල මිල ඉහල යාමත් එක්ක අපිට හිතෙන කාරණාවක් තමයි මේ අර්බුදයට විසදුමක් නැද්ද , අපිට මෙතැනින් ගොඩ එන්න බැරිද.,අපිට තවමත් මේ අර්බුදයෙන් ගොඩ ඒමේ හැකියාවක් තියෙනවා..මචං ලෙඩා ඉන්නේ අසාධ්‍ය තත්වයක ලෙඩා අසාධ්‍ය තත්වයක ඉද්දි හොඳ ඩොක්ටර් කෙනෙක් හම්බුනොත් ඒ ඩොක්ටර්ට පුළුවන් ලෙඩාව සුවපත් කරන්න…

හැබැයි ලෙඩා මැරුණට පස්සේ ඩොක්ටර් මොනතරම් හොඳ කෙනෙක් උනත් මැරිච්ච මිනිහෙක්ට පණ දෙන්න ඩොක්ටර්ට පුළුවන් කමක් නෑ…

ඒ නිසා තවමත් මගේ මේ මාතෘ භූමිය හදාගන්න පුළුවන් ගොඩදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා…ආරංචියක් තියෙනවා මේක ඇත්තද නැත්තද කියන්න මම දන්නේ නෑ , ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපතිකමින් අයින් වෙන්න කැමති කියලා ආරංචියක් තියනවා ඒකේ සත්‍ය අසත්‍යතාව මොකක්ද කියලා මම දන්නේ නෑ…

සජප පාර්ලිමෙන්තු මන්ත්‍රි හර්ශද සිල්වා සුදානමින් ඉන්නවා ජනාධිපතිකම භාරගන්න ඔහු ජනාධිපතිකම භාරගන්නවානම් අනෙකුත් පක්ෂ වල ඉන්නබහුතරයක් ඒකට කැමතිවෙලත් තියෙනවා..මේ වෙලාවේ අරගල භූමියේ තියෙන ප්‍රධාන සටන් පාඨ තමයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යායුතුයි…ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනවානම් මේ අරගල භූමියේ තියෙන අරගල බොහෝදුරට නවති…

හර්ශ ද සිල්වා වගේ දක්ෂයෙක්ට ජනාධිපති පුටුවට එන්න පුළුවන්නම් ඔහුව මම ආශ්‍රය කරලා නෑ නමුත් ඔහුගේ වැඩපිළිවෙල මම දැකලා තියෙනවා…මේ වගේ අර්බුදයක් ඇතිවෙයි කියන එක ඔහු මාස දෙකතුනක ඉදලා කියන කාරණාවක් අද ඒ කාරණාව ඇත්ත වෙලා තියෙනවා….ඉදිරිය දකින්න පුළුවන්නායකයෙක් තමයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ…හර්ශද සිල්වා සුදානම් ජනාධිපතිකම භාරගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමින් අයින් වෙන්න….අනිත් පක්ෂ වල ඉන්න වැඩ්ඩෝටික සබජ, පොහොට්ටුව ජාතික ජන බලවේගය මේ පක්ෂ වල ඉන්නවා හොඳ වැඩකාරයෝ වැඩකරලා පෙන්පු අය අන්න ඒ වගේ සුපිරි වැඩ්ඩො ටිකක් එකතු කරගෙන මේ වෙලාවේ මහපොලොවේ තියෙන ප්‍රශ්ණයට අපි විසදුම් හොයන්න ඕන….”