Rata Wasiya

Rata Wasiya Blog

අපේ මෝඩ හැත්ත මනින මිම්ම වැරදියි සියලුම නාලිකා මේවට වග කියන්න ඕන

රොෂාන් රවීන්ද්‍ර කියලා කියන්නේ ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම අති දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් ද වනවා.එකල උතුවන්කන්දේ සූර සරදියෙල් නම් ටෙලි නාට්‍ය ඔස්සේ අතිවිශිෂ්ට රංගන දායකත්වයක් දැක් වූ නිසාම ඔහුව බොහෝ දෙනෙක් අදටත් අමතන්නේ සූර සරදියෙල් නමිනි.ඒ වගේම තමයි ඉන්පසු ඔහු රංගනයෙන් දායක වූ සියලුම ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා තදින්ම වැළඳගත්තේ ඔහුගේ වූ අද්විතීය රංගන පෞරුෂය නිසාමයි.ඔහු මෑතකාලීනව අධ්‍යක්ෂණය කළ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යය ස්වාධීන රූපවාහිනී රූපවාහිනී සේවය ඔස්සේ බොහෝ රසික පිරිසක් නැරඹූ අතර ම ඒ සඳහා ඔහුවත් නොසිතූ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට හැකි වුණා.පසුගිය දිනක දී ඔහු එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඔහුගේ නවතම තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

මේ දවස් වල නම් මේ පවතින ගෝලීය වසංගතයත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා.නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා.නමුත් මට හිතට දැනුන ප්‍රමාණයක් තිබුණේ නැති නිසා ඒව අත ඇරලා දැම්මා.කොහොමත් මම බාර ගන්නේ මගෙ හිතට තෘප්තියක් දැනෙන නිර්මාණ විතරයි.මොකද කරන්නන්වාලේ වැඩ බාර ගන්න කෙනෙක් නෙවෙයි මම.මම දකින විදිහට නම් කලාව කියන දේ මේ පවතින ආණ්ඩු මඟින් ගණන් ගන්නේ නැති තත්ත්වයකට පත් කරලා තියෙන්නේ.ඔවුන් හිතන්නේ කලාව කියන එක සමාජය පෝෂණය කරන දෙයක් නෙවෙයි කියලා.ඇත්තටම ඒ දේවල් වලට ආණ්ඩුවට විතරක් දොස් කියන්න බැහැ.ඒවට ලංකාවෙ තියෙන රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා සියල්ලම වගකියන්න ඕන.මොකද දැන් ගොඩක් නාලිකා වල ටෙලි නාට්‍ය සඳහා සහ සිනමාවන් සඳහා යොදා ගන්නේ ගායන රියැලිටි තරු වලින් බිහි වුණු ගායක ගායිකාවන්.එතකොට දක්ෂ නළු නිළියන්ට ක්ෂේත්‍රයේ තියෙන ඉඩකඩ අහිමි වෙලා තියෙනවා.

ඇත්තටම ලංකාවෙ කලා ක්ෂේත්‍රය ගැන වෙලාවකට මට තියෙන්නෙ ලොකු කළකිරීමක්.මොකද විදෙස් රටක කලා ශිල්පියෙක් රංගනය සිය වෘත්තිය බවට පත් කර ගත්තොත් ඒ පුද්ගලයන් හැම අතින්ම සාර්ථක වනවා.නමුත් ලංකාවේ රංගන ශිල්පියාට ඒ වගේ තත්ත්වයක් නැහැ.ලංකාවේ රංගන ශිල්පියෙක් වේදිකාව තමන්ගේ වෘත්තිය බවට පත් කරගත්තොත් ඒ කෙනාට වෙන දේ හිතාගන්නවත් බෑ.

අනිත් කාරණාව තමයි අපේ මිනිස්සු නිර්මාණයක් දිහා බලන්නේ හරි අමුතු විදිහට.සාමාන්‍යයෙන් මනුස්සයෙක් නිර්මාණයක් රස විඳින්න ඕනි ඒකෙ තියෙන ගුණාත්මක බව අනුව.නමුත් අපේ මෝඩ හැත්ත නිතරම බලන්නේ ඒක මොන පක්ෂෙටද වැඩියෙන් ඇදලා තියෙන්නේ මොන පක්ෂ ගැන ද විරුද්ධවාදීව හිතන්නේ කියලා.නමුත් මම දකින විදිහට ඒ මිම්ම වැරදියි.නිතරම ප්‍රේක්ෂකයා බලන්න ඕනේ නිර්මාණයක ගුණාත්මක බව පිළිබඳව සැලකිල්ලක් දක්වන්න.නිර්මාණයක් කියන දේ කොහොමත් දේශපාලනිකයි.ඒක කොහොමත් එහෙම වෙන්න ඕනේ.මොකද මිනිස්සු යථාර්ථය තේරුම් ගන්න ඕනේ.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.