Rata Wasiya

Rata Wasiya Blog

ආදරේ කරපු කෙනා නොලැබුන නිසා තවමත් තනිකඩ ස්වර්ණාගේ ඔබ අප නොදත් කතාව

ස්වර්ණා කහවිට කියලා කියන්නේ කලක් රිදී තිරය අතික්‍රමණය කළ අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පුවත්පතක තිබූ දැන්වීමකට අයදුම්පත්‍ යොමු කරලා.දෙමවුපියන්ගේ දැඩි අකමැත්ත මධ්‍යයේ ඇය සරසවිය පුවත්පතෙහි තිබූ බිනරමලී චිත්‍රපටයට නළු නිළියන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂාවෙන් තේරිලා තමයි සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස රිදී තිරය බබලවන්න හැකියාව ලැබුණේ.ඇයගේ සහෝදරයා වූ ආරියරත්න කහවිට මහතා ද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින පුද්ගලයෙක් වුවත් ඇය රංගන ක්ෂේත්‍රයට පා තැබීම පිළිබඳව ඔහුද වැඩි කැමැත්තක් දැක්වූයේ නැති බව ඇය පවසා සිටිනවා.

1969දී තිරගත වූ බිනරමලී චිත්‍රපටය ඔස්සේ රංගන දිවිය ආරම්භ කරන ඇය ඉන් පසු 1970 දී සරසවි සම්මාන උළෙලේදී වසරේ හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමට වාසනාවන්ත වනවා.ඉන්පසු ලස්සන දවසක්, රන් ඔන්චිල්ලා ,පූජිතයෝ, හරි යනකොට ඔහොම තමයි ,අබිරහස, සිරිල් මල්ලි, ඔන්න බබෝ බිල්ලො එනවෝ, නිවෙන ගින්න, සූරයා සූරයාමයි, හරිම බඩු තුනක් වගේ චිත්රපට 35කට ආසන්න සංඛ්යාවකට ඇය රංගන දායකත්වය ලබා දී තිබෙන අතරම ඇයත් සමඟ ප්‍රධාන සහාය නළුවා ලෙස වැඩි වශයෙන්ම එක් වූයේ විජය කුමාරතුංගයන් වීම විශේෂත්වයක්.

ස්වර්ණා කහවිට කියන්නේ තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ආදරණීය රංගන ශිල්පිනියක්.ඇය තරුණ වියේ සිටියදී එක්තරා පුද්ගලයෙක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගන්නා අතර එම සම්බන්ධතාවයට පවුලේ කට්ටිය විරුද්ධ වූ අතර ඉන්පසු එම සම්බන්ධතාවය ඇයට නතර කරන්නට සිදුවෙනවා.ඉතින් ආදරයේ විරහ වේදනාව විඳි ඇය හට පවුලේ උදවිය විවාහ යෝජනා කීපයක් කිහිපයක් ගෙනාවත් ඇය ආදරය කරපු කෙනා ඇයට නොලැබීම හේතුවෙන් ඇය ඒ කිසිවකටත් කැමති වන්නේ නැහැ.ඒ වගේම තමයි පසු කාලීනව රංගනය අතහැර ජපානයට යන්නට ඇය තීරණය කරනවා.

ඉතිං ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ මෙම ප්‍රේම සම්බන්ධතාව නැවැත්වීම බව ඇය වැඩිදුරටත් පවසා සිටියා.ඉතින් ශ්‍රී ලාංකීය සිනමාව තුළ මහඟු මෙහෙවරක් සිදු කළ ඇය හට ඇගේ ඉදිරි අනාගත කටයුතු සඳහා හදවතින්ම සුබ පතනවා.