Rata Wasiya

Rata Wasiya Blog

කොහොමහරි පාර්ලිමේන්තුවට පැනගත්තොත් මගෙ බලාපොරොත්තු සම්පූර්ණයි

රොජර් සෙනෙවිරත්න කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ මහගු මෙහෙවරක් ඉටුකළ ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක්.බට්ටි ටෙලි නාට්‍යයේ සුරේන් හාමුගේ චරිතයට ඔහු කළ සාධාරණය හේතුවෙන්ම ඒ ඔස්සේ විශාල ප්‍රේක්ෂක ජනකායක් රැස් කරගැනීමට ඔහුට හැකියාව ලැබුණා.ඒ වගේම තමයි තවත් බොහෝ ටෙලිනාට්‍ය නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක වූ මොහු විවිධාකාරයේ චරිත නිරූපණයට ඇත්තේ මහත් වූ දක්ෂකමක්.බොහෝ කාලයක් තිස්සේ පුංචි තිරය තුළ අපට ඔහු දකින්නට නොලැබුනත් මෑතකදී විකාශය කරන ලද can you hear me ටෙලි නාට්‍ය ඔස්සේ නැවතත් අපට ඔහුව දැක ගන්නට පුළුවන් වුණා.

කලා ක්ෂේත්‍රයේ මේ වන විට නමක් දිනාගෙන ඇති රංගන ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රසිද්ධ වුවත් මෑතකදී ඔහු පිළිබඳ කතිකාවතක් ගොඩ නැගෙන්නේ ඔහුගේ සමාජ සේවා සත්කාර හේතුවෙන්.ඒ වගේම තමයි දේශපාලන පිටිකාවේද ඔහු ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරන බව පසුගිය දිනවල දී අපට දැකගන්නට පුළුවන් වුණා.

ඔහු පවසන ආකාරයෙන් ඔහු කිසිදු විශ්ව විද්‍යාලයකට හෝ වෙනත් ආකාරයකින් ඉගෙනගෙන සමාජය ක්‍රියාකාරී චරිතයක් වී නැහැ.එය ඔහු සිය හදවතින්ම කරන දෙයක් විදියට තමයි පවසා සිටින්නේ.ඔහු අනෙක් අයට උදව් උපකාර කිරීමට බොහෝ ප්‍රිය කෙනෙක්.සමාජය පිළිබඳව තීක්ෂණ බුද්ධියකින් බලා ක්‍රියා කළ බැවින් ඔහුට මිනිසුන්ගේ හැඟීම් දැනීම් හොඳ හැටි අවබෝධ කිරීමට හැකි බව පවසා සිටිනවා.ඒ වගේම තමයි ඔවුන් සමාජය අතරට ජනප්‍රිය චරිතයක් ව පැමිණියේ රංගනය නිසා බැවින් රංගනය අතහැරීමට ඔහුගේ බලාපොරොත්තුවක් නැති බවත් පවසා සිටියා.

රොජර් සෙනෙවිරත්න පුංචි තිරයේ තුල පමණක් නොව රිදී තිරය ඔස්සේ ද වේදිකා නාට්‍ය ඔස්සේ ද සිය කුසලතාවයන් දක්වා ප්‍රේක්ෂක ආදරය නිබඳවම දිනාගෙන සිටිනවා.මේ දිනවල දී රට පුරා ව්‍යාප්තව ඇති ගෝලීය වසංගතය හේතුවෙන් වේදිකා නාට්‍ය තුළ රංගන හැකියාව දැක්වීමට අවස්ථාවක් නොලැබුනත් ඉදිරියේදී වේදිකා නාට්‍ය ඔස්සේ කරලියට කරළියට පැමිණීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටින බව පවසා සිටියා.ඒ වගේම තමයි ඔහුගේ ජීවිතයේ එක්තරා ඉලක්කයක් තියෙනවා.ඒ තමයි කෙදිනක හෝ පාර්ලිමේන්තුවට ගොස් ජනතාවට ලොකු සේවයක් කිරීම.ඉතින් ඔහුගේ එම බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.