Rata Wasiya

Rata Wasiya Blog

ජර්මනියට ගිහින් නොමිලේ වෘත්තීය පුහුණුවක් එක්ක සල්ලි හම්බකරන හැටි මුල සිට මෙන්න

මේ කියන්න යන්නෙ වැඩිය ලංකාවෙ අය දන්නෙ නැති දෙයක්. 2020 මාර්තු මාසේ ජර්මනිය සංක්‍රමණ නීතී ලිහිල් කිරීමත් එක්ක දැන් ලංකාවෙ කෙනෙකුට භාෂා දැණුම තියනවනම් ජර්මන් රජයෙන් නොමිලේ ලැබෙන වෘත්තිය පුහුණුවකට ජර්මනියට එන්න පුලුවන්.මේකෙ විශේෂත්වය තමයි මේකට ලොකු මුදලක් වියදම් වෙන්නෙ නැහැ. ඔයාට ජර්මනියෙ රජයෙ වෘත්තිය පුහුණු පාසලකින් පුහුණුව නොමිලෙ ලබා ගන්න ගමන් වෘත්තිය පුහුණුවට අදාලව රැකියාවක් ඔයාට කරන්න හම්බ වෙනව.

ඒකෙන් හම්බ වෙන මුදලින් ඔයාට ජර්මනියෙ ජීවත් වෙන්න පුලුවන්. ඔයාගෙ වෘත්තිය පුහුණුවට ලැබෙන රැකියාවෙන් බදු කැපිල ඔයාගෙ අතට යුරො 800 ක් හම්බ වෙනවනම් ඔයාට වීසා ගාස්තු යුරො 75 ක් විතරයි වියදම් වෙන්නෙ. රැකියාවෙ ආදායම යුරෝ 800 අඩුයිනම් ඉතිරි මදි පාඩුව තමයි ඔයාට ජර්මනියෙ block account එකකින් පෙන්නන්න තියෙන්නෙ. මූලිකම දේ ඔයාට ජර්මන් භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න වෙනව. සුදුසුකම් විදියට සාමාන්‍ය පෙළ පාස් නම් උත්සහ කරන්න පුලුවන්, උසස් පෙළ තියනවනම් වැඩේ ගොඩේ ගොඩ.

මේ දවස් වල මිනිස්සු රැල්ලට රට යන්න බලන්නෙ ඉඩම් කඩම් උගස් කරල. එහෙම රටකට ආව කියල එක පාරට හතරමහ නිධානය පහල වෙන්නෙ නැහැ. අපේ වගේ ‍රටකින් යුරෝපයට සංක්‍රමණය වෙන එක එහෙම ලේසි දෙයක් නෙමෙයි. ඒකට සෑහෙන්න කරුණු එකතු කරන්න ඕනී.හරියට ලියකියවිලි සහ සුදුසුකම් හදා ගන්න ඔනී.

පහත දක්වා ඇති වීඩියො එක බලන කෙනෙකුට මේක තමන්ගෙ ජීවිතෙ හැරවුම් ලක්ෂය වෙන්නත් පුලුවන්. කරන්න අවශ්‍ය සියලුම දේවල් මේකෙ කියනව.සියලුම ලින්ක්ස් වීඩියො එකෙ පහල දාලා තියනව.ඒවා උදව් කරගෙන තමන්ගෙ ගමන යන්න.රැල්ලට අහුවෙන්නෙ නැතුව මාස්ට‍ර් ප්ලෑන් එකකට හරියට වැඩේට බහින්න.