Rata Wasiya

Rata Wasiya Blog

දිගු නිහැඬියාවට සමුදෙමින් උමාලි නැවතත් කරළියට

උමාලි තිලකරත්න කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහිවූ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයගේ තාත්වික රංගනය නිසා ම ඇයට රංගන ක්ෂේත්‍රයෙන් විශාල සම්මාන රැසක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.ඇය රංගන ශිල්පිනියක් පමණක් නොව ගායන ශිල්පිනියක් ද නර්තන ශිල්පිනියක් ද නිරූපණ ශිල්පිනියක්ද ව්‍යාපාරික කාන්තාවක් ද වනවා. ඉතා හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඇය අධ්‍යාපනයට පමණක් සීමා නොවී විවිධාකාර අංශ ඔස්සේ සිය හැකියාව විදහා දැක්වූවා.

පසුගිය දිනවල දී ඇය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ ඇගේ විවාහය දෙදරා යෑමත් සම්බන්ධවයි.කලා ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වූ සාරංග දිසාසේකර සමඟ විවාහ වූ උමාලි ටික කලක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ ද එයට එතරම් ආයුෂ තිබුණේ නැහැ.ඉතා අවාසනාවන්ත ලෙස එම විවාහ දෙදරා ගිය අතර මේ වන විට සාරංග දෙවන වරට දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වී සිටින අතරම පුංචි දියණියකගේ පියෙක් ද වනවා.නමුත් උමාලි තවමත් තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටිනවා.

ආසයි මං පියාබන්න,මහරජ ගැමුණු හීන හොයන සමනල්ලු,ඒ ලෙවල් ආදි ජනතාව ඉතාම ආදරයෙන් වැලඳගත් සිනමාපටවල රඟපෑමටත් ඇයට අවස්ථාව ලැබුණා.ඒ වගේම බොහිමියානුවා,සකර්ම ,මහපොළොව ආදී විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍යවල ඇය අද්විතීය රංගනයක් දැක්වූවා.රයිගම් සහ ජනාධිපති සම්මාන උළෙලවල් වල හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්නට වගේම හොඳම පසුබිම් ගායනයට හිමි ජනාධිපති සම්මානය ලබා ගන්නට පවා ඇය සමත් වුණා. ඒ නිසාම තමයි සුවහසක් ප්‍රේක්ෂක ජනයා ඇයට මෙතරම් ආදරේ කරන්නෙ.

ඉතින් පසුගියදා ඇය ඇයගේ මුහුණ පොත ඔස්සේ අපූරු නිර්මාණ කටයුත්තක් පිළිබඳව ඉගි පලකොට තිබුනා.ඒ ඇගේ ෆේස්බුක් ප්‍රොෆයිලය වෙනස් කරමිනි.එහිදී ඇයගේ අලුත්ම නිර්මාණය පිළිබඳව සඳහනක් කර තිබූ අතර එම නිර්මාණය ඇගේ අම්මා සහ තාත්තා වෙනුවෙන් කියලා තමයි ඇය සඳහන් කරලා තිබුණේ.උමාලි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සහ බලාපොරොත්තු එලෙසම ඉටු වෙන්න කියලා සුබ පතනවා.